"1996 දී කොළඹට ආපු ගංවතුරෙන් රාජගිරියේ තිබුණු මගේ තට්‌ටු තුනේ ගේත් යට වුණා. ඒකේ පළමු තට්‌ටුව සම්පූර්ණයෙන්ම යට වූ නිසා ඒ වන විට අවුරුදු තුනක් වෙලා හිටි මගේ පුතාව දෙවැනි තට්‌ටුවේ තිබුණු සුවපහසු කාමරයකට ගෙනල්ලා එයාව නිදි කරන්න මම කටයුතු කළා. මගේ දරුවා නිදි කරලා ඉවර වෙලා ඒ වන විටත් ධාරානිපාත වැස්‌සයි ගංවතුර ගලන විදියයි බලන්න මම පුතාගේ කාමරේ ජනේලෙන් එළිය බැලුවා. එතකොට තමයි මම දැක්‌කේ මගේ ගේ අවට තියෙන ලෑලි ගෙවල් පුංචි පුංචි ගෙවල් ඔක්‌කොම යට වෙලා ඒ ගෙවල්වල වහළවල්වල උඩ මගේ දරුවාගේ වයසේ දරුවන් අර ධාරානිපාත වැස්‌සට තෙමි තෙමී අකුණු හඬට බිරාන්ත වෙලා වහළවල උඩ ඉන්නවා දැක්‌කේ. ඒ ගංවතුරයි ඒ වහළවල් උඩ හිටපු දරුවොයි මට ජීවිත අවබෝධයක් දුන්නා. මම හිතුවා මගේ පුතා උණුසුම්ව ආරක්‌ෂිතව දෙවන තට්‌ටුවේ කාමරේ නිදා ගනිද්දී එයාගේ වයසේම ඉන්න මේ දරුවොත් වැස්‌සට තෙමි තෙමී ලෙඩ රෝගවලින් බැට කකා මැරෙන අය මැරිලා, ටික දෙනෙක් හරි මගේ පුතත් එක්‌ක ලොකු වෙයි නේද කියලා. මම මගේ පුතා ගංවතුරෙන් ආරක්‌ෂා කර ගෙන ඊට පස්‌සේ ලොකු ඉස්‌කෝලෙකට දාලා, එංගලන්තෙට යවලා උපාධියක් අරන් දීලා, ඊට පස්‌සේ ලංකාවට ගෙන්න ගෙන මගේ ව්‍යාපාර බාර දීලා ලොකු ජීප් එකකින් කොම්පැනියට යන කොට ඒ එකක්‌වත් නැතිව වැස්‌සට ලෙඩ රෝගවලට අහු වෙවී ලොකු වෙච්ච අර වහල උඩ ඉන්න දරුවන්ගෙන් එක්‌කෙනෙක් පිස්‌තෝලයක් අරගෙන මගේ පුතා යන වාහනේට දික් කරලා, මගේ පුතාගේ ජීවිතෙත් නැති කරලා වාහනයත් අරගෙන යයි කියලා. එතකොට මම දැන් ගංවතුරෙන් බේරගෙන සීතලෙන් ආරක්‌ෂා කර ගෙන ලෝකෙ හොඳම අධ්‍යාපනය දීලා මැණිකක් වගේ හදපු මගේ පුතාගේ ජීවිතය අනතුරට ලක් වෙනවා නේද කියලා. එහෙනම් මගේ පුතාගේ ජීවිතය ආරක්‌ෂාකාරීව, හොඳින් ගෙවන්න නම් අර වහලවල් උඩ හිටපු මගේ පුතාගේ වයසේ දරුවන්ටත් හොඳ ජීවිතයක් තියෙන සමාජයක් හැදුවොත් විතරයි මට මගේ දරුවා ආරක්‌ෂා කර ගන්න වෙන්නේ කියලා. ජේ වී පී එක එහෙම සමාජයක් වෙනුවෙන් වැඩ කරන නිසායි මම මගේ පුතා වෙනුවෙන් ජෙ වී පී එකට උදව් කරන්න හිතුවේ."
බිමල් රත්නායකගේ මේ පාරෙන් එන්න
No comments:
Post a Comment