Thursday, April 21, 2011

'දෙවරක් නොසිතා අපි චීනය සහ රුසියාව දෙසට හැරෙනවා’ – ගෝඨාභය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වන ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂාව එම සංවිධානයට තහවුරු කල නොහැකි නම් තමන් දෙවරක් නොසිතා රුසියාව සහ චීනය සමඟ කටයුතු කිරීමට සූදානම් බව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ මෙරට පලවන සති අන්ත ඉංග‍්‍රීසි පුවත් පතකට සම්මුඛ සාකච්ඡුවක් ලබා දෙමිනි.

අපව ආරක්ෂා කරන ලෙස අනෙකුත් රටවලින් ඉල්ලා සිටින ලෙස මෙවන් සිදුවීම් වලින් අපට බලකරන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය රටවල් කිහිපයක ඉත්තෙකු නොවිය යුතු බවද හෙතෙම එහිදී වැඩිදුරටත් පවසා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇතැම් රටවල් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගැනීමට උත්සාහකරනබවක් පෙනීයනබවද ඒ මහතා වැඩිදුරටත් පවසයි. එක්සත් ජාතීන්ගේ උපදේශක කමිටුව විසින් එල්ටීටීඊ සංවිධානය මෙරටින් 1/3ක් පමණ අයත්කරගෙන සිටි ත්‍රස්තවාදී සංවිධානයක් බව අමතක කර ඇතැයිද ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකා එක්සත් ජනපදය, නෝර්වේ සහ අනෙකුත් රටවල් ‍විසින් මෙවන් බිහිසුනු සතුරෙකු සමඟ අපට සටන් කළ නොහැකි බව පැවසුවද, අපේ ආරක්ෂක හමුදාවන්ගේ සුපිරි යුද ශක්තිය හමුවේ ඔවුන් පරාජය කිරීමට හැකිවූ බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

ඉදිරියයටත් තමන් තිසිසේත්ම බටහිර බලවේගවලට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට සූදානම් නැති බවත් ආරක්‍ෂක ලේකම්වරයා දැඩිව අවධාරණයට කර ඇත.

http://lankacnews.com/sinhala/main-news/%E2%80%99%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83/#comment-531

No comments: