Thursday, December 20, 2012

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය


අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තරම්වත් කොන්දක් නැතැයි මහාචාර්ය නලීන් ද සිල්වා මහතා පවසයි.

සරත් ෆොන්සේකා මහතාට ඇඟිලි දෙකක් දිගු කර මාධ්‍ය ඉදිරිපිට කථා කිරීමට තරම්වත් කොන්දක් තිබුනද අගවිනිසුරුවරියට එවැන්නක් වත් කල නොහැති තැනැත්තියක් යයි ඔහු සඳහන් කරයි.

හමුදාපති කාලයේ ලබා තිබූ ජනප‍්‍රියත්වයද සමඟින් ෆොන්සේකා මහතා රටම දන්නා පුද්ගලයෙකු වුවද අගවිනිසුරුවරියට කුමක් වුවත් රටේ කැළඹීමක් හෝ මහජන නැඟිටීමක් සිදු නොවන්නේ යයිද කියා සිටී.

ෆොන්සේකා මහතා දේශපාලන අනාථයෙක් කල බලවේග සියල්ල අද ඇය වෙනුවෙන් පෙනී සිටින බවත් පැවසූ ඔහු ටික දිනකින් ෆොන්සේකාටත් වැඩි අසරණ තත්වයකට ඇය ඇද දමනු ඇතැයිද කීය.