Sunday, December 21, 2014

එසේ නොවන්නට, මහින්ද රාජපක්‌ෂ යනු තාමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සජිත් ප්‍රේමදාස ය

මෛත්‍රීපාල සේ ම මහින්දට ද සුද්දා හා ඔහුගේ දේශීය නියෝජිතයා වන රදලයා කෙරෙහි වන භක්‌තියක්‌ තිබුණ ද අවශ්‍ය තැන දී ඊට එරෙහි වීමේ ධෛර්යක්‌ හා සටන්කාමිත්වයක්‌ ද හිමි ව තිබුණේ ඉහත පසුබිම තුළ ය. මෙකී සටන්කාමිත්වය හා ධෛර්ය නොතිබෙන්නට, 2005 වසරේ දී මහින්ද රාජපක්‌ෂ වෙත ජනාධිපතිධූර අපේක්‌ෂකත්වය හිමිවන්නේ නැත. ඔහු එය කැරලි ගසා දිනාගත් එකකි. එසේ නොවන්නට, මහින්ද රාජපක්‌ෂ යනු තාමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සජිත් ප්‍රේමදාස ය. කෙසේ වෙතත්, මහින්ද තම පක්‌ෂයෙන් ජනාධිපති අපේක්‌ෂකත්වය දිනා ගැනීම ද, අනතුරු ව තමාට කට උත්තර නැති වූ යුද්ධය සහමුලින් ම ජය ගැනීම ද, ඒ හරහා මහින්දට මහාවංශයේ දුටුගැමුණු ළඟින් සිට ගැනීමට හැකිවීම ද දරා ගැනීමට චන්ද්‍රිකාට අපහසු විය. මිනිසුන් වන අපට එවන් දේ ස්‌වභාවික ය. චන්ද්‍රිකා ද මිනිසෙකි. 

පසුගිය දශකය පුරා ම චන්ද්‍රිකා තමාට අහිමි වූ බලය නැවත කෙසේ හෝ ලබා ගන්නට මාන බලමින් සිටියා ය. 2010 දී ෙµdන්සේකා වේදිකාවට යාන්තම් 'මුට්‌ටිය' දමා බැලුවේ එය සාර්ථක නොවන බව දැන දැන ය. අනෙක යම් හෙයකින් සරත් ෙµdන්සේකා ජනපති වුවහොත් ඔහු ව පාලනය කිරීමේ හැකියාවක්‌ තමන්ට නැති බව චන්ද්‍රිsකා විස්‌වාස කළාය ය. සරත් ෙµdන්සේකාගේ යුධ පෞරුෂය ද සිංහල ජාතිකත්වය ද ඇය ව මන්දෝත්සාහී කළා ය. මේ සියල්ලට ම වඩා ඉහළින්, මහින්දගේ පර්වතමය ජනප්‍රියත්වය චන්ද්‍රිකා ව අඟුටුමිටි කර දමා තිබුණි. 

2014 වන විට සටන්බිම අලුත් වී තිබුණි. රාජපක්‌ෂලාට එරෙහි ව මාධ්‍ය තුළ ඒකාධිපතිත්වය, වංචාව හා දූෂණය මැදිකරගත් ආඛ්‍යානයක්‌ ගොඩ නංවා තිබුණි. වටින් පිටින් පවතින පාලනයට එරෙහි ව ඇසුණු කතා ද ඇය ව කුල්මත් කළේ ය. ජීවිතය සුන්දර බව කල්පනා කළ ඇය තම කීකරු සේවකයා ඇමතුවේ මහින්ද සමග වන තම කෝන්තරය පිරිමසා ගන්නට හොඳම වේලාව මෙය බව සිතමිනි. මෛත්‍රීපාලට තම ස්‌වාමියාගේ අණට කීකරු වනවා හැරෙන්නට අන් යමක්‌ නොතිබුණි. 

එහෙත් තමා කුමන ගමනක්‌ යන්නේ ද, එහි ගමනාන්තය කුමක්‌ ද තම ගමන් සගයන් කවුරුන් ද වැනි කරුණු පිළිබඳ මෛත්‍රීට නිනව්වක්‌ නොතිබුණි. තම ගමන් විස්‌තරය පිළිබඳ සියලු තතු තිබුණේ අන්සතුව ය. ඔහු කළේ තමාට එළියට එන ලෙස අණ ලැබුණු සැණින් එළි බැසීම පමණි. මහින්ද රාජපක්‌ෂ පිළිබඳ ඒ වන විට රනිල් හා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ගොඩනගා තිබූ විවේචනය පිළිබඳ පවා ඔහුට හාන්කවිසියක අවබෝධයක්‌ නොතිබුණි. තම පළමු රූපවාහිනී වඩසටහනේ දී මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්‌ෂව හඳුන්වන්නේ 'සොඳුරු ආඥාදායකයා' යන ආදරණීය වදනිනි. තම නළුවාගේ තරම හඳුනාගත් අනුර කුමාර දිසානායක තම වාරයේ දී එය 'වියරු ආඥාදායකයා' ලෙස වෙනස්‌ කළේ ය. ඔහුට රාජපක්‌ෂ දැනුන ආකාරය එහි මනාව දිස්‌ වේ. 

මේ වන විට එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය යන පක්‌ෂ දෙක ම හැසිරෙන ආකාරය දෙස බලන විට පැහැදිලි වන එක්‌ ප්‍රමුඛ සත්‍යයක්‌ තිබේ. ඒ පන්ති සටනයි. චන්ද්‍රිකා කුමාරතුංගගේ පංතිය විසින් මහින්ද රාජපක්‌ෂට එරෙහි ව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තුළ ද රනිල් වික්‍රමසිංහගේ පංතිය විසින් සජිත් ප්‍රේමදාසට එහෙහි ව එක්‌සත් ජාතික පක්‌ෂය තුළ ද එකී සටන ඇවිලී තිබේ. චන්ද්‍රිකාට හා රනිල්ට අවශ්‍ය වන්නේ මෛත්‍රී දිනවීම නොව, එහෙත් පිළිවෙළින් මහින්ද රාජපක්‌ෂ හා සජිත් ප්‍රේමදාස පරාජය කිරීමට ය. ඒ අනුව, මෛත්‍රීපාල යනු මහින්ද රාජපක්‌ෂ සමග තිබෙන මෘදු නොරිස්‌සුම හැරුණු කොට අන් කිසිත් නැති අහිංසකයෙකි. ස්‌වාමි භක්‌තිය නිසා තමාගේ ම පංතියට ම එරෙහි ව සටන් කිරීමට හිත හදාගත්තෙකි. මෙම ජනාධිපතිවරණයේ දී අප තීරණය කළ යුත්තේ අප අපගේ පංතිය වෙනුවෙන් සටන් කරනවා ද එසේත් නැතිනම් අපගේ පංතියට එරෙහි ව යුධ ප්‍රකාශ කොට තිබෙන පංතිය වෙනුවෙන් සටන් කරනවා ද යන්න යි.

මහින්ද පතිරණ

http://www.divaina.com/2014/12/20/feature01.html