Thursday, June 26, 2014

නීචයා හෙළිදරව් කරනු!

2002 දී බලයට පත්වූ යූ.එන්.පී. ආණ්‌ඩුව මහනුවර පොලිස්‌ සුනඛ අංශයේ ලොක්‌කකුගේ (ඔහු සුනඛයකු නොව මිනිහෙකි) ලණුවක්‌ ගිල දමා අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි බුද්ධි අංශයට අයත් නිවසක්‌ වටලයි. (එම ලොක්‌කා සුනඛයකු වූයේ නම් කවදාවත් එවැනි නීච වැඩක්‌ කිරීමට එදා එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටි ගොන් රැළ පොළඹවන්නේ නැත) එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව එම නිවස 'රේඩ්' කිරීමට පොලිසිය සහ හමුදාව යවයි. ඒ පසු පසින් රූපවාහිනි කැමරාකාරයෝද ඇදී යති. එම නිවස බුද්ධි අංශයේ නිවස්‌නයක්‌ බව හෙළි වන විට බුද්ධි අංශයේ නම් 'ලිස්‌ට්‌' එක ප්‍රභාකරන් අතට ගොස්‌ ඉවරය. බුද්ධි අංශයේ නම් ලිස්‌ට්‌ එක අතට ගත් ප්‍රභාකරන් එම ලිස්‌ට්‌ එකේ සිටි නිලධාරීන් විස්‌සකට වැඩි ප්‍රමාණයක්‌ ඉවක්‌ බවක්‌ නැතිව මරවන ලද බව කියමින් මේ කතුවැකියේ පළමුවන ඡේදය නිමා කරනු ලැබේ.

පාර්ලිමේන්තුවේ සිටින කුරුඳු පොලුකාරයෙක්‌ බුද්ධි අංශයේ නිලධාරීන් සමූහයකගේ නම් හෙළි කරන්නට යන බව හෝ හෙළි කරමින් සිටින බව හෝ පසුගිය දෙදින අපි මාධ්‍ය මගින් දැන ගතිමු. මේ භයානක ක්‍රියාව කරන නීචයා ගැන වහාම හෙළි කළ යුතුය. 

යූඑන්පීය තුළ ඉතා යහපත් ඉතා අවංක මිනිසුන් සිටියත් එය එක දිගටම පරදින්නේ මෙවැනි නීච ක්‍රියාවලින් හටගත් ශාපයක්‌ නිසාදැයි අපට සමහරවිට සිතේ.

http://www.divaina.com/2014/06/26/editor.html