Tuesday, August 6, 2013

ආණ්‌ඩුව හැසිරුණේ වැලිවේරිය, නන්දිකඩාල් කියන මානසිකත්වයෙන්

සාමාන්‍යයෙන් දේශපාලන ව්‍යාපාරයකින් මෙහෙයවන්නේ නැති සටන්, කුඩා කුඩා සිදුවීම් තියෙනවා. ආණ්‌ඩුව හැසිරුණේ වැලිවේරිය, නන්දිකඩාල් කියන මානසිකත්වයෙන්. අවසානයේදී ඒ ජනතාවට වෙඩි තැබුවා. මෙය අවම බලය පාවිච්චි කිරීමක්‌ කියා ආණ්‌ඩුව කියනවා. ජීව උණ්‌ඩ සහිතව වෙඩි තබා ජනතාව ඝාතනය කර එය අවම බලය කියා කියනවා නම් උපරිම බලය මිසයිල ප්‍රහාරයක්‌ විය හැකියි.

- පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක

මත්පැනට ගිජුවීම - මදිරාබාධය

විද්‍යමාන වන ලක්‍ෂණයන්:


  • තනිවම මත්පැන් පානය කරන්නට හුරුවීම.
  • රහසිගතව මත්පැන් පානය කරන්නට හුරුවීම.
  • තමන් පානය කරනු ලබන මත්පැන්වල ප්‍රමාණය කොපමණදැයි තමන්ට තක්‌සේරු කර ගැනීමට නොහැකි වීම.
  • ඇතැම් පුරුදුවලට ගොනුවී ඒ මත පදනම්ව බීමතට ඇබ්බැහිවීම. උදාහරණයක්‌ ලෙසට වැසිකිළියට ගියාට පසුව බීමතට යොමුවීම. තමන්ගේ රැකියාව නිම වූවාට පසුව බීමට යොමුවීම.
  • තමන්ට මින් පෙර තිබූ විනෝද අංශ වලින් ඉවත් වීම සහ ඒවාට කලින් තිබූ ආශාවන් නොමැතිවීම.
  • නිරතුරුවම මත්පැන් වලට අධිකව ගිජුබවක්‌ දැක්‌වීම.
  • මත්පැන් පානය කරන වේලාව ළඟා වූවාට පසුව තමන්ට එය පාලනය කර ගැනීමට හෝ එයින් ගලවා ගැනීමට බොහෝ සෙයින් අපහසු වීම.
  • මත්පැනට ඇති අධික කෑදරකම, ගිජුබව.
  • දිනයේ කොයි මොහොතක හෝ මත්පැන් වීදුරු දෙක තුනක්‌ පානය කළාට පසුව ශරීරයට කිසියම් වූ සහනයක්‌ දැනීම.
  • පවුලේ ඥතීන්, අඹු දරුවන් අතර නිතර නිතර සම්බන්ධතාවන් වලට බරපතළ ආකාරයේ හානි සිදුවීම.
  • නිරතුරුවම මත්පැන් හේතුකොට ගෙන නීතිමය ගැටලුවලට ලක්‌වීම, නීතිමය ප්‍රශ්නවලට ගොදුරු වීම.
  • තමන් සේවය කරන්නාවූ ස්‌ථානවල ගැටලුවලට ලක්‌වීම. උදාහරණයක්‌ ලෙසට සේවයට වාර්තා කිරීමට ප්‍රමාද වීම. තමන් කරනු ලබන රාජකාරි කටයුතුවලදී තමන්ගේ අවධානය ඒ පිළිබඳව නොයෙදවීම.

Thursday, August 1, 2013

කළු පාට වැඩ

තම දියණිය දූෂණය කළ පියකු දියණියද සමගම කඩවත පොලිසියට ගෙන ඒමට පොලිස්‌ නිලධාරීහු පියවර ගත්හ. පියා ජීප් රියෙන් බස්‌සවන අතර කරනලද අපරාධයට වන්දි ගෙවීමට සූදානම් වන ලෙස එක්‌ නිලධාරියෙක්‌ අපරාධකාර පියාට තර්ජනය කළේය. එවිට ඔහු විසින් අපහරණය කෙරුණු දියණිය "අනේ තාත්තාට ගහන්න එපා..." කියමින් හඬා වැළපෙන්නට වූවාය. ඒ දියණියට වසර 10 ක්‌ වත් වයස නැත. මෙහිදී පොලිසිය නිරුත්තර විය. පොලිසියේ ප්‍රධානියාගේ ඇසට කඳුළක්‌ නැගිණ.