Sunday, July 18, 2021

සූම් අධිකරණය සහ ඉස්මතු කරගත යුතු අපේ කම


 

කොරෝනා වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු ඉදිරියට පවත්වාගෙනයාම සඳහා සූම් තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධව මතුගම සෙනෙවිරුවන් මහතා විසින් ලියන ලද ලිපියක් ජූලි 4 වෙනි ඉරිදා දිවයින පුවත්පතේ පළ කොට ඇත.

https://divaina.com/sunday/index.php/visheshanga1/17997-11-40 

සූම් ආයතනයේ අයිතිකරු වන චීනයේ උපත ලද අවුරුදු 50ක් වයසැති එරික් යුආන්, 8 වාරයක් උත්සාහ කිරීමෙන් අනතුරුව 1997 දී ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගන්නා ලදී. දුර ඈතක වාසය කළ පෙම්වතිය සමග කතාබහ කිරීම සඳහා ඔහු විසින් කරන ලද උත්සාහයක ප්රතිඵලයකි සූම් පරිගණක වැඩසටහන. කෝවිඩ් වසංගතය හමුවේ අනෙකුත් ව්යාපාරවලට කොපමණ දුෂ්කරතා ඇති වුවද 2020 වසරේදී සිය ව්යාපාර කටයුතු 300% කින් පමණ ඉහළ නංවමින් ඩොලර් බිලියන 2.6 වාර්තාගත ආදායමක් ලැබුවේය. 2019 වර්ෂයේදී දෛනික රැස්වීම් ප්රමාණය මිලියන 10 වූ සූම් මෙහෙයුම් පද්ධතිය තුළ, 2020 වන විට දෛනික රැස්වීම් ප්රමාණය මිලියන 350 දක්වා වැඩි විය.

විවිධ ස්ථානවල සිටින පුද්ගලයන් සමග සම්බන්ධ වෙමින් ඔවුන් සමග සාකච්ඡා කිරීම සඳහා සූම් භාවිතා කළ හැක. යම් පුද්ගලයකු එසේ සූම් පද්ධතිය භාවිතා කරන්නේ නම් සූම් ආයතනයේ වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි පලමුව ඔවුන්ගේ සියලුම කොන්දේසි සහ නීති රීති වලට සම්පූර්ණයෙන්ම එකඟ විය යුතුයි.

ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසි, නීති රීති යනාදිය ඔවුන්ට ඕනෑම අවස්ථාවක වෙනස් කල හැකි බව ඔවුන්ගේම කොන්දේසි වල දක්වා ඇත. එය සාමාන් තත්ත්වයකි.  එසේම ලෝකයේ විවිධ ප්රදේශවල ජීවත්වන පුද්ගලයන් සඳහා ඔවුන්ගේ කොන්දේසි සහ නියමයන් වෙනස් වන ආකාරය පිළිබඳවද ඔවුන්ගේ රෙගුලාසිවල පැහැදිලි කර ඇත. කැලිෆෝනියා ප්රාන්තය, එංගලන්තය, ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය වැනි ප්රදේශ එහි දක්වා තිබුණ ශ්රී ලංකාව පිළිබඳව කිසිදු සටහනක් දක්වා නැත.

අවුරුදු 16 වඩා අඩු ළමයින්ට සූම් ගිණුමක් විවෘත කළ නොහැකි බවට නියමයක්  (6) පැවතුනද අවුරුදු 16 අඩු ළමයින්ට සූම් තාක්ෂණය භාවිතා කළ නොහැකියැයි ඔවුන්ගේ කොන්දේසි වල දක්වා නැත. සූම් රැස්වීම් පටිගත කරන අවස්ථාවලදී ඒවා ගබඩා වන්නේ සූම් ආයතනයේ පරිගණක පද්ධති තුළ බව ඔවුන්ගේ කොන්දේසි සහ නියමයන්හි සඳහන් කර ඇත (3-c).

සූම් මාධ් තුළ සාකච්ඡා සංවිධානය කරන අයගේ මෙන්ම ඒවට සම්බන්ධ වන පුද්ගලයින්යන්ගේ පෞද්ගලික තොරතුරු, සම්බන්ධිත පරිගණක වල තොරතුරු සූම්  ආයතනය විසින් එකතු කරන බව දක්වා ඇත. ඔවුන් එම තොරතුරු ඔවුන්ගේ වෙළඳ සහ ප්රචාරණ කටයුතු සඳහා පමණක් භාවිතා කරන බව පවසයි. කරුණු එසේ නම් අපට විහිළුවට මෙන් පැවසිය හැක්කේ යම් දවසක පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය පිළිබඳව නඩුව සූම් තාක්ෂණය ඔස්සේ විමසන අවස්ථාවකදීම මෙම නඩුවට සම්බන්ධ පාර්ශවයන්ට බෝම්බ සකස් කිරීම් පිළිබඳව වෙළඳ දැන්වීම් ඇත්නම්, ඒවා දර්ශනය විය හැක.

සූම් ආයතනය කැලිෆෝනියා ප්රාන්තයේ නීති රීතිවලට යටත්ව ක්රියාත්මක වන බව දක්වා ඇති අතර (20.1) යම් කිසි ගැටලුවක් ඇති වුවහොත්  ඇමරිකානු බේරුම්කරණ ආයතනයේ (AAA) නියමයන් සහ කොන්දේසි වලට පමණක් වගකියන බවද සඳහන් වේ (Exhibit A - C).

මා දන්නා පරිදි ළමා සහ කාන්තා අපචාර, ජාතිවාදී ක්රියා, ආගමික අන්තවාදී කටයුතු සම්බන්ධ සාකච්ඡා හෝ ඒවා සම්බන්ධ ලිපි ලේඛන හෝ ඡායාරූප, සූම් පද්ධතිය තුල සංචරණය විය නොහැක. කිසිම දැනුම්දීමකින් තොරව එවැනි සාකච්ඡා සහ ගිණුම් අත්හිටුවීමේ බලය සූම් ආයතනය සතුව ඇත (3 b). රනිල්, හම්බන්තොට වරාය විකුණා ලබාගත් චෙක් පත ලොවට පෙන්වූ නිසා තමාගේ ෆේස්බුක් ගිණුම මාස දෙකක පමණ කාලයකට අවහිර කර තිබූ බව රේඛා කහඳගම නම් මහත්මිය විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් දමා තිබෙනවා දුටුවෙමි. කරුණු කාරණා එසේ නම් පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය පිළිබඳව සහ තවත් බොහෝ නඩු කටයුතු සූම් තාක්ෂණය ඔස්සේ විභාග කළ හැකිදැයි ගැටළුවක් මතු වේ.

ඉහත සංක්ෂිප්තව දක්වා ඇති තොරතුරු සහ සූම් ආයතනයේ නියමයන් සහ කොන්දේසි, ප්‍රතිපත්ති ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව යුක්තිය පසදලීම සඳහා විකල්ප ක්‍රමයක් වශයෙන් සූම් තාක්ෂණය භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ අධිකරණ අමාත්‍යාංශය, ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි සූම් ආයතනය සමඟ ඇතිකරගන්නා ලද ගිවිසුම් රටට ඉදිරිපත් කරන ලෙස නීතිඥ අරුණ උණවටුන මහතා කරන ලද ඉල්ලීම පිළිබඳව අප පුදුම විය යුතු නැත.

සූම් පිළිබඳව මගේ සිතේ ඇතිව තිබූ කහට තීව්‍ර වූයේ කැබිනට් රැස්වීම් එම තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බව දැනගන්නට ලැබුණු අවස්ථාවේදීය. ලංකාවේ කැබිනට් මණ්ඩලයේ රැස්වීමකට මටද ඔබටද සහභාගි විය නොහැක. එනමුත් එය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමෙන් සූම් ආයතනයට හෝ එම ආයතනය ගිවිසුම්ගතව පිහිටුවා ඇති රටක රහස් ඔත්තු සේවාවන්ට අපගේ කැබිනට් මණ්ඩලයේ රැස්වීම් පිළිබඳව තොරතුරු ලබාගත හැකිය.

එදිනෙදා භාවිතා කරනු ලබන පරිගණක මෙවලම් ආශ්රිතව පරිශීලකයන්ගේ තොරතුරු ආයතන විධිමත්ව සහ අවිධිමත්ව ලබා ගන්නා ආකාර පිළිබඳව ඕනෑතරම් නිදසුන් ඇත.

ශ්රී ලංකාවේ පරිගණක මෘදුකාංග විද්යාව වැඩිදුරටත් උගන්වන කොළඹ විශ්වවිද්යාලය, මොරටුව විශ්වවිද්යාලය වැනි  ආයතන වල වෙබ් අඩවි පරීක්ෂා කිරීමෙන්ද පෙනී යන්නේ ඔවුන්ද සූම් තාක්ෂණය භාවිතා කරවන බවයි. සූම් වැනි  පරිගණක වැඩසටහන් සකස් කිරීම සඳහා ආචාර්ය, මහාචාර්යවරුන්ට හැකියාවක් නැත. නමුත් සූම් වැනි පරිගණක වැඩසටහන් නිර්මාණය කළ හැකි පරිගණක මෘදුකාංග ඉංජිනේරුවන් සකස් කිරීමේ උත්කෘෂ්ට හැකියාව ඔවුන්ට ඇත. එලෙස පිටවන විද්යාර්ථයන්ට ජාතික හිසක් (plug-in) සවි කිරීමේ කාර්යය සිදුකළ හැක්කේ දුටුගැමුණු රජතුමා ඉදිරියේ දිවුරුම් දුන් ජනාධිපතිවරයෙකුට පමණි. නොඑසේ නම් ඔවුන් සිතනු ඇත්තේ හැකි ඉක්මනින් සූම් වැනි ආයතනයක රැකියාව සඳහා රට හැරදමා යාමටයි.

සූම් හෝ එවැනි පරිගණක පද්ධතීන් නිර්මාණය කරන ආයතන හෝ වෙනත් මෙවැනි දස දහස් ගණනින් පවතින විද්යුත්, ඉලෙක්ට්රොනික, පරිගණක, උපාංග, වැඩසටහන් සමඟ කිසිම තරහක් හෝ ඉරිසියාවක් මෙම ලියුම්කරුට නැත. ප්රශ්නය වන්නේ ඔවැනි අවශ්යතාවයක් මතු වන සැම අවස්ථාවකදී එය හැකි පමණ ශ්රී ලංකාව තුළින් ලබා ගැනීම හෝ නිෂ්පාදනය කර ගැනීම කළ යුතුයැයි, අවශ්යතාවය ඇතිවූ අයවලුන්ට නොසිතීමයි. රටේ මුදල් ඉතිරි කර ගැනීම සඳහා කහ පමණක් පිටරටින් ගෙන්වීම නැවැත්වීමෙන් ඵලක් නැත.

ජනාධිපතිතුමා කළ යුත්තේ තොරතුරු තාක්ෂණය, පරිගණක විද්යාව පිළිබඳ ආචාර්ය මහාචාර්යවරු ජනාධිපති මන්දිරයට කැඳවා සූම් වැනි මෙවලමක් සකස් කරන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම නොව, සිය නිලධාරීන් සහ බලතල යොදවා ලංකාවේ සතර දිග් භාගයේ විසිරී සිටින පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරුන්, තාක්ෂණවේදීන් කීපදෙනෙක්  රැගෙනවිත් ඔවුනට අවශ්‍ය මූලික පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා ඇතුළු යටිතල පහසුකම්ද ලබා දී මාස දෙක තුනක් ඇතුළත මාර්ගගත සන්නිවේදන මෙවලමක් සකස් කොට ලබා දෙන ලෙස දන්වා සිටීමයි.

ලංකාවේ පද්ධති කණපිට හැරවිය (system change) යුතුව ඇත. එය පරිගණක තාක්ෂණයට පමණක් අදාල කතාන්දරයක් නොවේ. මිනිස්සු සිතන පතන විදිහ, කන බොන විදිහ, හැසිරෙන විදිහ, කණපිට හැර විය යුතුව ඇත.  රටේ ජීවත්වන මහජනතාව පමණක් නොව, ජනාධිපති, අගමැති, මැති ඇමැති, මන්ත්රී, පක්ෂ, විපක්ෂ, නායක, සභාපති, ලේකම්, එකී මෙකී නොකී සියලුදෙනාම එක පෙළට පෙළ ගැස්වීම විනා වෙනත් කිසිම ක්රමයක්, අවුරුදු දහස් ගණනක ප්රෞඩ ඉතිහාසයක් ඇති ශ්රී ලංකාව නැවත ගොඩනැංවීම සඳහා නැත!

 

-          https://backlinko.com/zoom-users

-          https://www.washingtonpost.com/technology/2020/04/03/thousands-zoom-video-calls-left-exposed-open-web/

-          https://www.easeus.com/screen-recording-tips/how-to-record-a-zoom-meeting.html

-          https://zoom.us/terms

-          https://zoom.us/privacy

 

ෂම්මි උයනගේ

(පරිගණක විද්‍යා විශේෂවේදී - කොළඹ විශ්ව විද්‍යාලය)

පරිගණක මෘදුකාංග ඉංජිනේරු

shammie@email.com


Sunday, January 4, 2015

මිසිස්‌ ප්‍රභාකරන්!

යාපනයේදී කළ කතාවකදී මිස්‌ටර් ප්‍රභාකරන් යෑයි සඳහනක්‌ කිරීමෙන් චන්ද්‍රිකා කුමාරතුංග නැවත වතාවක්‌ ජනතාවගේ වෛරයට පාත්‍රව තිබේ. මෙතුමිය කට ඇරියොත් ඡන්ද විසිතිස්‌දහසක්‌ මකර කටෙහිය. කෙසේ වුවද ප්‍රභාකරන් මිනීමරුවාට 'මිස්‌ටර්' කීම නිසා අනවශ්‍ය අශූචි බාල්දියක්‌ තම හිසට පෙරළී ඇති බවත් එය ගංගාවක්‌ සේ මෛත්‍රී දෙසට ගලාගෙන යන බවත් දුටු චන්ද්‍රිකා වරද නිවරද කරනු පිණිස කියා සිටියේ තමා ප්‍රභාකරන්ට සමච්චල් කරනු පිණිස 'මිස්‌ටර්' යන පදය යෙදූ බවය. මෙය ඇගේ ඊළඟ ගොං කතාව ය. යාපනේ සිටින්නෝ බබ්බු නොවෙති. ඔවුන් ඉදිරිපිටට ගොස්‌ ප්‍රභාකරන්ට සමච්චල් කළ විට ඇයට ආපසු කොළඹ දුවන්නට සිදුවන්නේ මෙයට අවුරුදු කිහිපයකට පෙර එස්‌. බී. කියූ ආකාරයට ය.

Sunday, December 21, 2014

එසේ නොවන්නට, මහින්ද රාජපක්‌ෂ යනු තාමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සජිත් ප්‍රේමදාස ය

මෛත්‍රීපාල සේ ම මහින්දට ද සුද්දා හා ඔහුගේ දේශීය නියෝජිතයා වන රදලයා කෙරෙහි වන භක්‌තියක්‌ තිබුණ ද අවශ්‍ය තැන දී ඊට එරෙහි වීමේ ධෛර්යක්‌ හා සටන්කාමිත්වයක්‌ ද හිමි ව තිබුණේ ඉහත පසුබිම තුළ ය. මෙකී සටන්කාමිත්වය හා ධෛර්ය නොතිබෙන්නට, 2005 වසරේ දී මහින්ද රාජපක්‌ෂ වෙත ජනාධිපතිධූර අපේක්‌ෂකත්වය හිමිවන්නේ නැත. ඔහු එය කැරලි ගසා දිනාගත් එකකි. එසේ නොවන්නට, මහින්ද රාජපක්‌ෂ යනු තාමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සජිත් ප්‍රේමදාස ය. කෙසේ වෙතත්, මහින්ද තම පක්‌ෂයෙන් ජනාධිපති අපේක්‌ෂකත්වය දිනා ගැනීම ද, අනතුරු ව තමාට කට උත්තර නැති වූ යුද්ධය සහමුලින් ම ජය ගැනීම ද, ඒ හරහා මහින්දට මහාවංශයේ දුටුගැමුණු ළඟින් සිට ගැනීමට හැකිවීම ද දරා ගැනීමට චන්ද්‍රිකාට අපහසු විය. මිනිසුන් වන අපට එවන් දේ ස්‌වභාවික ය. චන්ද්‍රිකා ද මිනිසෙකි. 

පසුගිය දශකය පුරා ම චන්ද්‍රිකා තමාට අහිමි වූ බලය නැවත කෙසේ හෝ ලබා ගන්නට මාන බලමින් සිටියා ය. 2010 දී ෙµdන්සේකා වේදිකාවට යාන්තම් 'මුට්‌ටිය' දමා බැලුවේ එය සාර්ථක නොවන බව දැන දැන ය. අනෙක යම් හෙයකින් සරත් ෙµdන්සේකා ජනපති වුවහොත් ඔහු ව පාලනය කිරීමේ හැකියාවක්‌ තමන්ට නැති බව චන්ද්‍රිsකා විස්‌වාස කළාය ය. සරත් ෙµdන්සේකාගේ යුධ පෞරුෂය ද සිංහල ජාතිකත්වය ද ඇය ව මන්දෝත්සාහී කළා ය. මේ සියල්ලට ම වඩා ඉහළින්, මහින්දගේ පර්වතමය ජනප්‍රියත්වය චන්ද්‍රිකා ව අඟුටුමිටි කර දමා තිබුණි. 

2014 වන විට සටන්බිම අලුත් වී තිබුණි. රාජපක්‌ෂලාට එරෙහි ව මාධ්‍ය තුළ ඒකාධිපතිත්වය, වංචාව හා දූෂණය මැදිකරගත් ආඛ්‍යානයක්‌ ගොඩ නංවා තිබුණි. වටින් පිටින් පවතින පාලනයට එරෙහි ව ඇසුණු කතා ද ඇය ව කුල්මත් කළේ ය. ජීවිතය සුන්දර බව කල්පනා කළ ඇය තම කීකරු සේවකයා ඇමතුවේ මහින්ද සමග වන තම කෝන්තරය පිරිමසා ගන්නට හොඳම වේලාව මෙය බව සිතමිනි. මෛත්‍රීපාලට තම ස්‌වාමියාගේ අණට කීකරු වනවා හැරෙන්නට අන් යමක්‌ නොතිබුණි. 

එහෙත් තමා කුමන ගමනක්‌ යන්නේ ද, එහි ගමනාන්තය කුමක්‌ ද තම ගමන් සගයන් කවුරුන් ද වැනි කරුණු පිළිබඳ මෛත්‍රීට නිනව්වක්‌ නොතිබුණි. තම ගමන් විස්‌තරය පිළිබඳ සියලු තතු තිබුණේ අන්සතුව ය. ඔහු කළේ තමාට එළියට එන ලෙස අණ ලැබුණු සැණින් එළි බැසීම පමණි. මහින්ද රාජපක්‌ෂ පිළිබඳ ඒ වන විට රනිල් හා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ගොඩනගා තිබූ විවේචනය පිළිබඳ පවා ඔහුට හාන්කවිසියක අවබෝධයක්‌ නොතිබුණි. තම පළමු රූපවාහිනී වඩසටහනේ දී මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්‌ෂව හඳුන්වන්නේ 'සොඳුරු ආඥාදායකයා' යන ආදරණීය වදනිනි. තම නළුවාගේ තරම හඳුනාගත් අනුර කුමාර දිසානායක තම වාරයේ දී එය 'වියරු ආඥාදායකයා' ලෙස වෙනස්‌ කළේ ය. ඔහුට රාජපක්‌ෂ දැනුන ආකාරය එහි මනාව දිස්‌ වේ. 

මේ වන විට එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය යන පක්‌ෂ දෙක ම හැසිරෙන ආකාරය දෙස බලන විට පැහැදිලි වන එක්‌ ප්‍රමුඛ සත්‍යයක්‌ තිබේ. ඒ පන්ති සටනයි. චන්ද්‍රිකා කුමාරතුංගගේ පංතිය විසින් මහින්ද රාජපක්‌ෂට එරෙහි ව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තුළ ද රනිල් වික්‍රමසිංහගේ පංතිය විසින් සජිත් ප්‍රේමදාසට එහෙහි ව එක්‌සත් ජාතික පක්‌ෂය තුළ ද එකී සටන ඇවිලී තිබේ. චන්ද්‍රිකාට හා රනිල්ට අවශ්‍ය වන්නේ මෛත්‍රී දිනවීම නොව, එහෙත් පිළිවෙළින් මහින්ද රාජපක්‌ෂ හා සජිත් ප්‍රේමදාස පරාජය කිරීමට ය. ඒ අනුව, මෛත්‍රීපාල යනු මහින්ද රාජපක්‌ෂ සමග තිබෙන මෘදු නොරිස්‌සුම හැරුණු කොට අන් කිසිත් නැති අහිංසකයෙකි. ස්‌වාමි භක්‌තිය නිසා තමාගේ ම පංතියට ම එරෙහි ව සටන් කිරීමට හිත හදාගත්තෙකි. මෙම ජනාධිපතිවරණයේ දී අප තීරණය කළ යුත්තේ අප අපගේ පංතිය වෙනුවෙන් සටන් කරනවා ද එසේත් නැතිනම් අපගේ පංතියට එරෙහි ව යුධ ප්‍රකාශ කොට තිබෙන පංතිය වෙනුවෙන් සටන් කරනවා ද යන්න යි.

මහින්ද පතිරණ

http://www.divaina.com/2014/12/20/feature01.html 

Saturday, November 29, 2014

කඩවෙන පොරොන්දුවක්‌

මෛත්‍රීපාල සිරිසේන මහතාට කළ යුතුව තිබුණේ තමුන්ගේ දේශපාලන ගමන, ජීවිත අත්දැකීම්, සමාජ පසුතලයට සරිලන ආකාරයට ජනතා පුත්‍රයෙක්‌ වශයෙන් ජනතා පාලනයක්‌ වෙනුවෙන් වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කිරීමටයි. ජනතාවගේ දුක්‌ගැනවිලි මත පදනම් වී එයට විසඳුම් ලැබෙන නව සමාජශීලි ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙලක්‌ ඉදිරිපත් කිරීම වෙනුවට කිසිලෙසකින් ජනතාවගේ පොදු ප්‍රශ්නයක්‌ නොවන විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම පිළිබඳ සටන් පාඨයක්‌ එතුමා බදාගෙන තියෙනව. ඊට එකතු වූ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගේ වැඩපිළිවෙළත් බෙහෙවින් දෝෂ සහිතයි.

මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරනව නම් එය කළ යුත්තේ ව්‍යවස්‌ථානුකූල ආකාරයටයි. එනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහිතව සහ සුප්‍රීම් උසාවියේ අනුමැතිය අනුව සහ ජනමත විචාරණයකින් මහජන කැමැත්තත් ලබාගෙනයි. 1978 ව්‍යවස්‌ථාව අනම්‍ය ව්‍යවස්‌ථාවක්‌. එනම් ලේසියෙන් වෙනස්‌ කළ නොහැකි ව්‍යවස්‌ථාවක්‌. මේ ව්‍යවස්‌ථාව දින සියයකින් ව්‍යවස්‌ථානුකූලව වෙනස්‌ කරන්න කිසි ලෙසකින්වත් බෑ. ව්‍යවස්‌ථා විරෝධී ආකාරයට අති ධානවකාරී විදියට මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්නට ගියොත් ව්‍යවස්‌ථා අර්බුදයක්‌ ඇති වෙනවා. ඒ හරහා රට තුළ අරාජිකත්වයක්‌ ගොඩනැගෙනවා. එම නිසා රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇටවූ උගුලක මෛත්‍රීපාල සිරිසේන මහතා හසු වී ඇති බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කිරීමට සිදුවෙනවා.

ආචාර්ය දයාන් ජයතිලක

අනුරාධපුර වල් අලියා

අනුරාධපුර පූජා නගරයට කඩා වැදුණු වන අලියා වන ජීවි මහත්වරුන් අල්ලා ලොරියක පටවා 'අලි සයිබීරියාවකට' දක්‌කන අයුරු ඊයේ පළවිය. අප කියන්නට යන්නේ එය නොවේ.

මේ අලියා මෙයට පැය 48 කට කලින් ඒකාගේ මේ අසම්මත චාරිකාව ඇරඹුවේ නම් කුමක්‌ වේද? 

එසේ වී නම් ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා හෙවත් පොදු අපේක්‍ෂකයා ජය සිරිමහ බෝ සමිඳු වන්දනා කරගන්නට පැමිණි දිනයයි.

අලියාගේ 'ටයිමිං' වල දෝෂයක්‌ හේතුවෙන් මේ ජාතියේ 'අප්සැට්‌' කථාවක්‌ සඳහා තිබූ අවස්‌ථාව ගිලිහී ගියේය.

Tuesday, November 25, 2014

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවා යූ. එන්. පී. ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ කොහොමද ?

රනිල් වික්‍රමසිංහ අගමැති කරවා යූ. එන්. පී. ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව කී විට හැඟෙන්නේ මෛත්‍රී එජාපයේ කොන්ත්‍රාත්තුවක්‌ කරන බවය. එය විශාල අවදානමක්‌ ගෙන පක්‍ෂයෙන් එළියට බැස සිටින ඒ මනුස්‌සයාට කරන අගෞරවයකි. මෛත්‍රී ජයගත් විට පිහිටුවිය හැක්‌කේ එක්‌කෝ සභාගයකි, නැත්නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩුවකි. තනිකරම එ. ජා. ප. ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නම් රනිල්, ඡන්දයකට තරග කළ යුතුය. යූ. එන්. පියේ බිම් මට්‌ටමේ පාක්‌ෂිකයන් මෙවැනි කතා කියන්නේ නැත. ඒ මිනිස්‌සු කවදත් ප්‍රායෝගික අය වෙති. දීර්ඝ පරාජයන් දුසිම් ගණනාවකින් පසුව වුවද අදටත් අලියා ලකුණට සහ එ. ජා. ප. කියන අකුරු තුනට ලොකු තැනක්‌ තිබේ.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපති කරවා ඔහු ලවා ඉන්දියාවේ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ඉන්දියාවේ කොංග්‍රස්‌ පක්‍ෂය කටයුතු කරන්නේ යයි සෝනියා ගාන්ධි කීවොත් එය ප්‍රායෝගිකද?

1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වූ දවසේ පටන් එ. ජා. පයේ ලොක්‌කන් කීවේ ඊළඟ සිංහල අවුරුද්දට පෙර එ. ජා. ප. ආණ්‌ඩුවක්‌ පිහිටුවන බවය.


-- http://www.divaina.com/2014/11/25/editor.html

Sunday, November 23, 2014

Why Should Anyone Vote For Maithripala if he won't be President after 100 days and Ranil will be Prime Minister?

පොදු විපක්ෂය ඉදිරිපත් කරන වැඩසටහනේ යම් යම් අපහැදිලිතා ඇති බව කිව යුතුය. දින සියයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රීපාල සිරිසේන ‍පොරොන්දුවී තිබේ. මේ දින සියය අවසානයේදී ඔහු කරන්නේ කුමක්ද? ඔහු ගෙදර යනවාද? අගමැති ධුරයේ රනිල් වික්‍රමසිංහ දිගටම කටයුතු කරනවාද යන අපහැදිලිතාවය තිබේ.

මේ පෙරමුණ ශක්තිමත් වීමට නම් ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම මෙයට එක්විය යුතුය. ඔවුන් ප්‍රබල ආකාරයට මෙයට සම්බන්ධ කරගත යුතුය. මේ වේදිකාවේ වෙන කවුරුවත් නොසිටියත් මෛත්‍රීපාල සිරිසේන සමග අනුර කුමාර දිසානායක සිටියොත් මේ ජනාධිපතිවරණ සටන සැබෑ සටනක් බවට පත්වනු ඇත. මෛත්‍රීපාල සිරිසේන මැදිකරගෙන දෙපැත්තේ සිටිය යුතු ප්‍රධාන චරිත දෙකක් වන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කථිකයින් හා අතුරලියේ රතන, පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල ප්‍රමුඛ ජාතික හෙළ උරුමයේ කථිකයින්ය. අතීතයේ අවතාර මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාවේ හොල්මන් නොකළ යුතුය. එමෙන්ම තම තමන්ගේ දේශපාලන වෘත්තාන්ත දීර්ඝ කතාන්දර පැවැසීමෙන් වැළකිය යුතුය.

මෙතැන තිබෙන එක් දුර්වලතාවයක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සටන් පාඨයට මුල් තැන දීමය. සැබවින්ම මුල් තැන දිය යුතු දේ ගැන මෛත්‍රීපාල සිරිසේන සිය මුවින් පැවැසුවේය. ජනාධිපතිතුමා යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නත්, එයට අපි ඔහුට ගරු කරන බව පැහැදිලි වුවත් ඉන් ඔබ්බට යෑමේදී පවුල්වාදයක් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ආණ්ඩුවත්, සමාජයත් හිර කරන ලද බව ඔහු කීවේය. මෙය ප්‍රබල පණිවුඩයකි. මේ පණිවුඩය මෛත්‍රීපාල සිරිසේන මතුකරගත්තේය. ඔහු ජනතාවට සමීප විය හැකි කථිකයෙකි. ඔහුගේ එම වෘත්තාන්තය යටපත් කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨයට මුල් තැන දෙන්නේනම් ගැමි ගොවි ජනතාව අතර එය සාර්ථක ලෙස මතු කරගැනීමට හැකි ආවේගාත්මක සටන් පාඨයක් නොවනු ඇත.

- ආචාර්ය දයාන් ජයතිලක