Thursday, May 26, 2011

එක්‌සත් ජාතීන්ගේ ත්‍රස්‌තවාදී මහකොමසාරිස්‌ කාර්යාලය

කොටි සංවිධානයේ අවසානය එළැඹුන විට කොටි නායකයන් බේරා ගැනීමට නැවක්‌ එවීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සහ බටහිර රටක්‌ ඒකාබද්ධ උත්සාහයක නියුතු වූ බව කේ. පී. විසින් හෙළිදරව් කරනු ලැබ ඇත. ත්‍රස්‌තවාදීන් බේරා ගැනීමට නැවක්‌ ඒමට සිටි බව ටිකක්‌ පරණ කතාවකි. එහෙත් ඒ නැව එන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ වියදමින් ය යන්න අලුත් කතාවකි.


ප්‍රභාකරන් බේරා ගැනීමට නැවක්‌ එවීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මූලික වූයේ ය කියන පුවත නියම රාජ්‍ය තාන්ත්‍රික බෝම්බයකි. අවසන් සටනේදී වෙල්ලමුල්ලි වයික්‌කාල් ප්‍රදේශයේ සිරව සිටි සාමාන්‍ය දෙමළ ජනයා බේරා ගැනීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නැවක්‌ එවීමට තැත් කළේ නම් එය එක්‌තරා ආකාරයක නිදහසට කාරණයකි. එහෙත් ත්‍රස්‌තවාදී නායකයන් බේරා ගැනීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ කළේ නම් එය කිසි කලෙකත් අනුමත කළ යුතු නැති නීච ක්‍රියාවකි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යනු ලෝක යුද්ධ දෙකකට පසු තවදුරටත් එබඳු තත්ත්වයක්‌ ඇති නො වනු පිණිසත්, ත්‍රස්‌තවාදය පිටුදැකීම පිණිසත් පිහිටුවන ලැබූ ආයතනයකි. මේ ආයතනය ඇමරිකානු අතකොලුවක්‌ බවට පත් වූ පසු එහි මුල් අරමුණු සම්පූර්ණයෙන් වෙනස්‌ විය. අද බටහිර ලෝකයේ බලගතු රටවල් වැඩි හරිය ඇමරිකාව වෙනුවෙන් තිරිඟු පිටි කොටන මෝල්ගස්‌ බවට පත්ව තිබේ.


දැන් කළ යුතුව ඇත්තේ ලංකාවට නැවක්‌ එවීමට කැමැත්තෙන් සිටින රට සෙවීම ය. ඊ ළඟට එම රට තුළ එක්‌සත් ජාතීන්ගේ ත්‍රස්‌තවාදී මහකොමසාරිස්‌ කාර්යාලයක්‌ ඇති කළ හැකි ය. එය බලා කියා ගැනීමට රොබට්‌ බ්ලේක්‌ වුවද නරක නැත.


http://www.divaina.com/2011/05/26/editor.html

Wednesday, May 25, 2011

රණවිරු මාසය ඇරඹී තිබේ.

යුද හමුදාවේ උණ කාරයන් තෝරා ඔවුන්ට නැවත වතාවක්‌ විනය පිළිබඳ මතක්‌ කර දෙන ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලමු. නැතහොත් මතු යම් දවසක සියලු දෙනාටම විශාල කරදරයකට මුහුණ දීමට සිදුවනවා ඇත. 


http://www.divaina.com/2011/05/25/editor.html

Tuesday, May 3, 2011

ඇමරිකන් ජනාධිපතිතුමනි, අප කරන්නේත් ඔය ටිකමය, අපට දැනුණු හැඟීමත් ඕකම ය.

බින් ලාදින් ඝාතනය කළ පණිවුඩය ලැබුණු පසු යුක්‌තිය ඉෂ්ට වූ බව ඇමරිකන් ජනාධිපති බරක්‌ ඔබාමා පැවැසීය. ඇමරිකන් ජනාධිපතිතුමනි, ප්‍රභාකරන්ගේ මළ මිනිය නන්දිකඩාල් කලපුවේ තිබී හමු වූ විට අපට දැනුණු හැඟීමත් ඕකම ය.

බින් ලාදින් මැරීම එතෙක්‌ මෙතෙක්‌ තම රට ලැබූ විsශිෂ්ටතම ජයග්‍රහණය බව ජනාධිපති ඔබාමා ඊයේ (02 දා) කීවේය. ජනාධිපතිතුමනි, ප්‍රභාකරන් විනාශ කෙරුණු අවස්‌ථාවේදී අපට දැනුණු හැඟීමත් ඕකම ය.

ඇමරිකන් ප්‍රහාරයේදී බින් ලාදින්ගේ පුත්‍රයා වූ "හම්සා" මළේ ය. දැන් යුද හමුදාව අවසන් සටන කරද්දී ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ "චාල්ස්‌ ඇන්තනී" මළේය. යුද්ධයේ හැටි ඔහොම තමයි. බින් ලාදින්ගේ මරණයෙන් අල් ඛයිඩා නොමැරුණු බවත් අල් ඛයිඩා ප්‍රහාර දිගින් දිගටම එල්ල වනු ඇති බවත් ඒ ගැන ඇමරිකාව කල්පනාවෙන් සිටින බවත් ජනාධිපති ඔබාමා කියයි. ජනාධිපතිතුමනි, අප කරන්නේත් ඔය ටිකමය.

එහෙත් ඔබ එය කරන විට නගුට පස්‌ස පැත්තේ ගසාගෙන සිටීමටත්, අප එය කරන විට ඒ ගැන වාර්තා පිළියෙළ කර අපේ ආණ්‌ඩුව යුද්ධාධිකරණය වෙත ගෙන යැමටත් බෑන් කී මූන් කටයුතු කරයි. අවසාන වශයෙන් අපට ප්‍රශ්න 2 ක්‌ ඉතිරිව ඇත. එනම්,

1. බෑන් කී මූන්, බින් ලාදින් ඝාතනය ගැන උපදෙස්‌ ගැනීම සඳහා විශේෂඥ කමිටුවක්‌ පත්කරන්නේද? ඒ වාර්තාව ප්‍රසිද්ධ කරන්නේද?

2. ජනාධිපති ඔබාමා සහ ඇමරිකන් ආරක්‍ෂක ලේකම් යුද්ධාධිකරණයට දැක්‌කීමට මූන් තුමා පියවර ගන්නේද?



http://www.divaina.com/2011/05/03/editor.html

මූන්ගේ කමිටු වාර්තාව පිළිබඳ කිසිදු සාකච්ඡාවකට සහභාගි වෙන්න එපා.

මේ වාර්තාව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෝ එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක කවුන්සිලය විසින් හෝ සකස්‌ කරන ලද නැත්නම් අනුමත කරන ලද වාර්තාවක්‌ නොවේ. එය හුදෙක්‌ බැන්කි මූන් විසින් සිය අභිමතය පරිදි සිය දුෂ්ට අරමුණු ඉටුකර ගනු වස්‌ පත්කරන ලද පුද්ගලයන් තිදෙනකුගේ හිතලු අඩංගු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය නොලද ලියෑවිල්ලකි.

ශ්‍රී ලංකා රජයේ විරෝධය නොතකා මූන් විසින් පත්කරන ලද මේ ත්‍රිපුද්ගල කමිටුව අපගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක්‌ ලෙස අපගේ ස්‌වෛරීත්වයට අභියෝගයක්‌ ලෙස අපි දකිමු.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය විසින් එහි ලේකම්වරයා මේ අයුරින් බාහිර අයගෙන් උපදෙස්‌ ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

මේ හේතු නිසා මේ වාර්තාව කිsසිදු නීත්‍යනුකූල පදනමක්‌ මුල්කොට බිහිවූ එකක්‌ නොව අවජාත වාර්තාවක්‌ වෙයි.

මෙවැනි අවජාත වාර්තාවක්‌ ඉදිරිපත් කළ කමිටුවේ සාමාජිකයකු වීමට කිසිදු ආත්ම ගෞරවයක්‌ ඇති පුද්ගලයකු ඉදිරිපත් නොවන අතර ඒ සඳහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වීමෙන් මොවුන් පෙන්වා ඇත්තේ ඔවුන් තුළ අප රට කෙරෙහි පැසවමින් ඇති ද්වේෂයයි. එමෙන්ම මේ දීනයන් තිදෙනාගේ අතීත හැසිරීම, අතීත ක්‍රියාකලාපය මගින්ද පෙන්නුම් කර ඇත්තේ ඔවුන් සතුව පවත්නා ශ්‍රී ලංකා විරෝධයයි.

මූන් සහ ඔහුගේ සාමාජිකයන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය ආදී වූ බටහිර බලවතුන්ගේ ගැත්තන් වූ අතර මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා විසින් ඒ සියලු දෙනා තුට්‌ටුවකට මායිම් නොකළ බව අපි දුටිමු. මේ කෙටුම්පත් කිරීම මෙන්ම මේ වාර්තා ඉදිරිපත් කිරීමේදී එසේ කටයුතු කළ එල්.ටී.ටී.ඊ.ය පැරදවූ, රට බෙදීමේ න්‍යාය නිෂ්ප්‍රභ කළ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගෙන් පළිගැනීම් වස්‌ ඔහු බලයෙන් පහකිරීමේ ෙච්තනාවෙන් යුතුව ගන්නා ලද පියවරකි.

ශ්‍රී ලංකා රජය පසුගිය කාලය තුළ හොර රහසේ සාකච්ඡා පැවැත්වීම මගින් වැරැදි ලෙස කටයුතු කර ඇති අතර මින් ඉදිරියට පහත දැක්‌වෙන අයුරින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ශ්‍රී ලංකා රජය මේ අවජාත වාර්තාවේ ඇති කිසිදු කරුණක්‌ අරභයා ප්‍රතිචාරයක්‌ නොදැක්‌විය යුතුයි. එවැනි ප්‍රතිචාරයක්‌ දැක්‌වීම මේ අවජාත වාර්තාවට වක්‍රාකාරයෙන් සුජාත භාවයක්‌ ලබාදෙන්නක්‌ වනු ඇත.

මේ අන්තර්ජාතික කුමන්ත්‍රණයට ප්‍රතික්‍රියා දැක්‌වීමේදී ඒ සඳහා තෝරාගනු ලබන පුද්ගලයන් පිළිබඳව රජය ඉතා සුපරීක්‌ෂාකාරී ලෙස කටයුතු කළ යුතු වේ. 13 වැනි සංශෝධනය, ෙµඩරල්වාදය, සුනාමි සහන මණ්‌ඩලය වැනි ජාති ෙද්‍රdaහී ව්‍යාපෘතිවලට උඩගෙඩි දුන් කිසිවකු එවැන්නා ඇමැතිවරයකු වුව මේ සඳහා යොදා නොගත යුතුය.

ද්‍රවිඩ ජාතික සන්ධානය සිය ප්‍රතිචාරය මගින් සිය අධම අභිලාෂයන් සක්‌සුදක්‌ සේ පැහැදිලි කර ඇත. එබැවින් ඔවුන් සමග ගෙන යන සාකච්ඡාව නතර කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

මේ වාර්තාව පිළිබඳව හෝ ඉන් පැන නැගෙන අන් කිසිදු කරුණක්‌ පිළිබඳව මේ කුමන්ත්‍රණකාරී බලවේග සමග කිසිදු සාකච්ඡාවකට ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටතදී හෝ සහභාගි නොවන ලෙස අපි රජයට බලකර සිටිමු.

මේ අවස්‌ථාවේදී සියලු ශ්‍රී ලාංකිකයන් සිය පටු වාද භේද, පක්‌ෂ භේද ඉවත ලා තිස්‌ වසරක ත්‍රස්‌තවාදයෙන් මේ රට නොබියව මුදවාගත් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ සමග එක්‌ව නැගී සිට මේ මහා අභියෝගය ජයගැනීමට එතුමාට සිය පූර්ණ සහයෝගය දෙන ලෙස අපි ඉල්ලා සිටිමු.



දේශභිමානි ජාතික ව්‍යාපාරයේ ඇල්ලේ ගුණවංශ හිමි, දේශප්‍රෙමී භික්‌ෂු පෙරමුණේ බෙංගමුවේ නාලක හිමි, තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ ඕමාරේ කස්‌සප හිමි, ලංකා ජාතික සංඝ සභාවේ මාදුරුඔයේ ධම්මිස්‌සර හිමි, යන හිමිවරුන් සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ආචාර්ය ගුණදාස අමරසේකර, මානෙල් මල් ව්‍යාපාරයේ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර, ජයග්‍රහණය සංවිධානයේ විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර, තවලම පදනමේ කර්නල් අනිල් අමරසේකර, චින්තන පර්ෂදයේ මහාචාර්ය නලින් ද සිල්වා, රකිමු ශ්‍රී ලංකාහි දිමුත් ගුණවර්ධන