Thursday, October 16, 2014

මේ පින් බිම

හැම රැයකම හරක්‌ දහසක්‌ උපදිති. හැම උදයකම හරක්‌ දහසක්‌ මරා දැමෙති. එය මේ පින් බිමේ කතාවෙන් කොටසකි.

මාරයා ආවේෂ වුණු අතුරලියේ රතන හිමි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නො කර ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කළොත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැරැදවීම සඳහා කළ හැකි සෑම දෙයක්‌ ම කරන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පිවිතුරු හෙටක්‌ සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ පැවසූහ.

---

කෙසේ වුව මහින්ද රාජපක්‍ෂ පැරදවීම සඳහා ඉතා පහසු මාර්ගයක්‌ තිබේ. ඒ වූ කලී යූ. එන්. පි. ය හෝ ජවිපෙ සමඟ සෙට්‌ වීම බව ඔබ සිතනවා ඇති. නැත. ඒ සඳහා තිබෙන පහසුම ක්‍රමය එල්.ටී.ටී.ඊ. ය සමඟ සෙට්‌ වීම ය. එල්.ටී.ටී.ඊ.ය අද නැත. එහෙත් කොටි ඩයස්‌පෝරාව පිටරට සිටියි. මේ සඳහා වැඩි විස්‌තර ලබා ගනු පිණිස ටී. එන්. ඒ. සංවිධානය අමතන්න. 

අතුරලියේ රතන හිමි යනු ජාතික හෙළ උරුමය නොවේ. ජාතික හෙළ උරුමය යනු අතුරලියේ රතන හිමියන් ද නොවේ.

-- http://www.divaina.com/2014/10/16/editor.html

Tuesday, October 7, 2014

විශ්වවිද්‍යාලයක්‌ ළඟ හමුදා කඳවුරක්‌ තිබීම

මුල්ගල තැබූ ගොඩනැඟිල්ල ආසන්නයේ හමුදා කඳවුරක්‌ තිබෙන බව කියූ සිසුහු එම ගොඩනැඟිල්ල ඉදිවනු දැකීමට තමන් නොකැමැති බව කීහ. මෙය හරිම ගොන් කතාවකි. විශ්වවිද්‍යාලයක්‌ ළඟ හමුදා කඳවුරක්‌ තිබීම එතරම් සැලකිල්ලට ගත යුතු නැති අතර විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක්‌ අසල හමුදා කඳවුරක්‌ නොතිබිය යුතු බවට කිසිදු නිර්නායකයක්‌ නැත. නේවාසිකාගාරය තුළ බෝම්බ සෑදීමට ශිෂ්‍යයන් අපේක්‍ෂා කරන්නේ නම් හමුදා කඳවුර බාධාවකි. එසේම නේවාසිකාගාරය තුළට පැන නවක වධය දීමට යන්නේ නම් එයට ද හමුදා කඳවුර ප්‍රශ්නයකි. හමුදා කඳවුරක්‌ වැඩිපුර ප්‍රශ්නකාරී වන්නේ ත්‍රස්‌තවාදීන්ට ය. ශිෂ්‍යයෝ ත්‍රස්‌තවාදීහු නොවෙති. ඉතින් හමුදා කඳවුරක්‌ තිබුණාට මොකද?

-- http://www.divaina.com/2014/10/07/editor.html

Sunday, October 5, 2014

Time Magazine Terrorist - විරාතු හිමියන්

හැනා බීව් නමැති මාධ්‍යවේදිනිය විසින් බුරුම බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ප්‍රධානී විරාතු හිමියන්ගේ සැබෑ ප්‍රතිරූපය කෙළෙසමින් ලියූ ලිපිය දෙස්‌ විදෙස්‌හි බරපතළ ආන්දොaලනයකට ලක්‌විය. විරාතු හිමියන් බෞද්ධ ත්‍රස්‌තවාදයේ මුහුණුවර යෑයි කියූ ටයිම් සඟරාව අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයේ නායක අබු බකර් බැග්ඩෑඩ් මුස්‌ලිම් ම්ලේච්ඡත්වයේ මුහුණුවර යෑයි හඳුන්වන්නේ ද? ටයිම් සඟරාවේ මාධ්‍යවේදියකු කිසිම දිනක බෞද්ධයන් අතින් ඝාතනය වූයේ නැත. නමුත් බෞද්ධ ත්‍රස්‌තවාදය ගැන විවිධ ලිපි පළ කළ ටයිම් සඟරාවේම මාධ්‍යවේදියකු වූ ස්‌ටීවන් අයි. එස්‌. අයි.එස්‌. සංවිධානය විසින් ගෙල සිඳ මරා දැමීම සැබැවින්ම දෛවෝපගතය. සැබෑ ත්‍රස්‌තයෝ කවුරුන්දැයි හැනා බීව් මාධ්‍යවේදිනියට අවබෝධවී ඇත්ද යන්න අපට තවමත් පැහැදිලි නැත.



- චතුර පමුණුව

අපි තවමත් සිටින්නේ සුද්දාගේ වැසිකිළිය ද්වාරයේ

කාලවර්ණ දේහයකින් සහ ප්‍රතාපවත් පෙනුමකින් යුතු මගේ මිතුරා වෘත්තීයෙන් දක්‌ෂ ඉන්ජිනේරුවෙකි. ඔහුගේ සොයා ගැනීම් ගැන අප රට දන්නේ නැති වුණත් ලෝකයේ ප්‍රධාන රටවල් දනිති. ඔහුගේ පෙනුම නිසා බොහෝ අවස්‌ථාවල බටහිර රටවල ගුවන් තොටුපළ වලදී අතිරේක පරීක්‌ෂාවට ලක්‌වීමට සිදුවේ. මේ නිසාම හැකි තරම් සරල චාම් ඇ`දුමින් සැරසී මේ විද්‍යාඥයා ගමන් බිමන් ගියේය.

දිනක්‌ ඇමරිකා එක්‌සත් ජනපදයේ විශේෂ සම්මන්ත්‍රණයකට ඇරයුම් ලැබ සිටි හේ ලංකාවේ සිට එංගලන්තය හරහා ඇමෙරිකා එක්‌සත් ජනපදය වෙත යාම පිණිස කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය. කොට කලිසමකින් හා ටී ෂර්ට්‌ එකකින් සැරසී සම් පාවහන් යුගලක්‌ පැළ`ද සිටි මේ කාලවර්ණ පුද්ගලයා ලංඩන් මගී පෝලිමට එක්‌වී ප්‍රවේශපත්‍රය ලබා ගැනීමේ අපේක්‌ෂාවෙන් සිටියේය. හදිසියේම එතනට පැමිණි කෙනෙක්‌ ඔහු දෙස විමසිල්ලෙන් බලා ඔහුව ඇමතුවේය.

"ඔයා ඉන්නේ වැරදි පෝලිමේ... එන්න මං හරි එක පෙන්වන්නම්..." ඔහු වෙනත් පෝලිමක්‌ වෙත ඔහුව යොමු විය. එම පෝලිමේ අවසානයේ හේ කවුන්ටරය අසලට පැමිණියේය. එහි උන් යුවතිය කතා කළාය. 

"සොරි... මේ කවුන්ටරය වෙන්කරලා තියෙන්නෙ ඩුබායි යන මගීන් වෙනුවෙන් පමණයි.."

සිදුවන දේ ගැන විපිළිසර වූ හෙතෙම මුවින් නොබැණ යළිත් මුලින් සිටි පෝලිමේ අවසානයට එක්‌වී තමන්ගේ වාරය පැමිණෙන තෙක්‌ බලා සිටියේය. හදිසියේම පෙර ඔහුව පෞලිමෙන් එළියට ඇද දැමූ පුද්ගලයා ඔහු වෙතට පැමිණයේය. ඔහු දෙස කීප වාරයක්‌ උඩ සිට පහළට බැලුවේය. 

"මම ඔයාට කිව්වානේ මේක ලංඩන් පෝලිම කියලා. කරුණාකරලා මම පෙන්නපු පෝලිමට යන්න."

ඔහුගේ රතු කට්‌ට පැන්නේය.

"ඔහේ හිතන්නේ කොට කලිසමක්‌ ඇ`දගෙන සෙරෙප්පු දෙකක්‌ දා ගත්ත කෙනෙකුට ලංඩන් යන්න බැහැ කියලාද"

-- ලාංකික අපි කෙදිනක මේ දීන මානසිකත්වයෙන් මිදේදැයි දන්නේ දෙවියන් පමණි. --

රංජිත් ගුණරත්න

Saturday, October 4, 2014

මානව හිමිකම්


අවි බලයෙන් විනාශයක්‌ කළ ත්‍රස්‌තවාදයට ප්‍රතිචාරය දැක්‌වූවා මිස අහිංසක මිනිස්‌ ඝාතන සිදු කළැයි ජාත්‍යන්තර සංවිධානවල චෝදනාවට ලක්‌වීමට තරම් වරදක්‌ ලක්‌ රජය සිදුකර නැත.


සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්‌ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ

-------------------------------------------------------------------

ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් දළදා මාළිගාවට, අනුරාධපුර ශුද්ධ භූමියට, අරන්තලාවේ භික්‍ෂූන්ට ප්‍රහාර එල්ල කරද්දී අහිංසක සිවිල් වැසියන් දසදහස්‌ ගණනක්‌ අමු අමුවේ මරා දමද්දී ජාත්‍යන්තර ප්‍රජාවට අමතක වූ මානව හිමිකම් අපගේ අභීත රණවිරුවන් එම ම්ලේච්ඡ නිහීන ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසු මතක්‌ වූයේ කෙසේද යන්න මා විදේශ තානාපතිවරුන්ට ජාත්‍යන්තර ප්‍රජාවට එල්ල කරන මූලික ප්‍රශ්නයකි.

ජාත්‍යන්තර පාසල්

දිවයිනේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්aතර පාසලක දරු දැරියන්ගේ හතර වසර විද්‍යා පොතෙහි ලිංගික පාඩම් ඇතැයි "දිවයිනේ" පුවතක්‌ පළ විය.

සිංහල සංස්‌කෘතියට ඒවා ගැලපේ දැයි එම පාසලේ දරුවන්ගේ මාපියෝ ප්‍රශ්න කරතැයි ද පුවතේ පළ විය. මෙය මේ මවුපියන් ජාත්‍යන්තර පාසල්වලට ළමයින් ඇතුළත් කරන අවස්‌ථාවේදී තමන්ගෙන්ම ඇසිය යුතු වන ප්‍රශ්නයකි. 

ගනු කඩුව - එනු සටනට

මෙතන තියෙන්නේ 'ගනු කඩුව - එනු සටනට' කියන කතිකාව විතරයි. අද ජවිපෙ අහු වුණු 'පොල්ලෙන්' ගහනවා. 'ගෙඩිය' වික්‍රමසිංහ මහත්තයා අහුලා ගන්නවා. අහු වුණු 'පොල්ලෙන්' ගහන්න න්‍යාය ධර්මයක්‌, ප්‍රඥාවන්තභාවයක්‌ අවශ්‍ය වන්නේ නැහැ. ඒකට ඕනෙ වෙන්නේ ඇගෙ හයිය විතරයි. 'ගෙඩිය' තියෙන්නේ ආණ්‌ඩුව නැමැති ගහේ නම් ඇස්‌ පියාගෙන ගහන්න තියෙන්නේ 'පොල්ලෙන්'. බදුල්ලේ ඒ විදියට ගහපු පොලුවලින් වික්‍රමසිංහ මහත්තයා තමයි, ගෙඩි අහුලාගෙන තියෙන්නෙ. අවසානයේදී ජවිපෙ දකුණ හා බස්‌නාහිරදී ලබාගත් වර්ධනයවත් ලබාගන්න අසමත්වන කොට, එජාපය ඌවෙන්, දකුණ හා බස්‌නාහිරට වඩා වැඩි වර්ධනයක්‌ ලබාගත්තා.

- ජානිපෙ නායක, අමැති විමල් වීරවංශ

කිරිපිටි බද්ද අඩු / වැඩි කරනු

දකුණු කොරියාවේ විරුද්ධ පක්‍ෂය පෙළපාලි යනවා, 'පිටරටින් ගෙන්වන භාණ්‌ඩ සඳහා වැඩි බද්දක්‌ අය කරනු·' කියලා. අපේ රටේ විරුද්ධ පක්‍ෂය පාරෙ පෙළපාලි යනවා. 'පිටරටින් ගෙන්වන කිරිපිටිවලට ගහන බද්ද අඩු කරනු·' කියලා. 

- ජානිපෙ නායක, අමැති විමල් වීරවංශ

http://www.divaina.com/2014/10/04/news15.html 

Wednesday, October 1, 2014

එයාට මාව සැකයි!

''අනේ මට phone එකක් නම් නැහැ''

''ඇයි ඒ'' මම ඇහුවා. ''phone එකක් ඔනමයි නේ ද ඔය රස්සාවට ''

''එකනම් ඇත්ත,එත් 'අපේ මිනිහ' මට phone තියාගන්න දෙන්නේ නැහැ.

''ඇයි ඒ'' මම නැවත ඇහුව.

''එයාට මාව සැකයි''

''සැකයි!'' ''මොනවටද සැක ?''

''එයා හිතනවා phone තියෙනකොට කොල්ලෝ කථා කරයි,sms එවයි ,මා එක්ක යාළු වෙන්න හදයි කියලා.එයා මම ගැන හෙවිල්ලෙන් ඉන්නේ'' !!

(අබිසරු ලියක් වුවද ඒ ඔහුගේ පෙම්වතියයි .''සැකයි!'' ''මොනවටද සැක ?'' යනුවෙන් මා ඇසූ පැනය පිලිබඳ මම සියක් වාරයක් පසු තැවෙමි.මිනිස්සු එක්ක සල්ලි වලට පාරේ නිදා ගන්න ගෑණිගෙ මොනවා සැක කරන්නද?මොනවා හොයන්නද? මා තුල තිබූ මනෝභාවය එය නොවේද ?

ඇයට පහරදුන් පොලිස් නිලධාරියා හා ඒ ප්‍රශ්නය ඇසූ මා අතර වෙනසක් නැතැයි මම සිතමි.)

 

උදුල් ප්‍රේමරත්න 


-- SithTV --