Friday, February 11, 2011

සම්බන්දන්ගේ එල්.ටී.ටී.ඊ. සම්බන්දය

"එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුද්ධයක්‌ අවශ්‍යව නොතිබූ බව මාගේ පෞද්ගලික අවබෝධයයි. ඔවුන් යුද්ධයක නිරතව නොසිටි අතර යුද්ධයක නිරතව සිටියේ රජයයි. එල්.ටී.ටී.ඊ. ය යුද්ධයකට ඈ¹ ගනු ලැබුවේ ද මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් වත්මන් රජයයි. එමෙන්ම එල්.ටී.ටී.ඊ. ය දෙමළ ජනතාවගේ යහපත උදෙසා අදාළ පියවර ගැනීමට කැපවී සිටියා යෑයි මෙහිලා සඳහන් කළ යුතුමය."

ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාගේ අදහස්‌ ඇසුරෙන් "සාම විමර්ශි" සඟරාවේ 2009 ජනවාරි කලාපයෙහි පළවූ ලිපියක එසේ සඳහන් වී තිබිණි.


එල්.ටී.ටී.ඊ. ය යුද්ධයකට ඈ¹ ගනු ලැබුවේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බව සම්බන්දන් මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ය යුද්ධයට ඈ¹ ගත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද නැතිනම් තම යුද ශක්‌තිය පිළිබඳ අධි තක්‌සේරුවකින් සිටි ප්‍රභාකරන් ද කියා අමුතුවෙන් කිවයුතු නැත. සිය පිරිස්‌ බලය සහ යුද බලය පිළිබඳ මහා ලොකුවට හිතා සිටි ප්‍රභාකරන් මාවිල්ආරු සොරොව්ව වසා හමුදාව යුද්ධයට කැඳවාගෙන අවසානයේදී නන්දිකඩාල් කලපුවේදී ඊළාම් සිහිනය සුන්කර ගනිමින් අවසන් ගමන් ගියේය.

Wednesday, February 9, 2011

කොළඹ - තූත්තුකුඩිය මගී නැව් සේවාව මාර්තු 1 වැනිදා සිට

කොළඹ තලේමන්නාරම සහ තූත්තුකුඩිය අතර මගී නැව් සේවාව මාර්තු 01 වැනිදා ආරම්භ වේ.

තූත්තුකුඩිය මගී නැව් තොටුපළේ තත්ත්වය විමර්ශනය කිරීම සඳහා නව දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායමක්‌ පෙරේදා (7 දා) තූත්තුකුඩියට පැමිණි බව වාර්තා වේ.

මෙම මගී නැව් සේවාවට ආරක්‍ෂාව සැලසීම සඳහා ඉන්දීය නාවික හමුදාවද ශ්‍රී ලංකා නාවික හමුදාව ද සහය වේ. මෙම මගී නැව් සේවාවට ශ්‍රී ලංකාවෙන් නැව් දෙකක්‌ හා ඉන්දියාවෙන් නැව් තුනක්‌ ද අයත් වේ.

Wednesday, February 2, 2011

මාධ්‍ය මර්දනය

මාධ්‍ය මර්දනය බිම් බෝම්බයකි. එක්‌කෝ සදාකල් ඒ මත සිටගෙන සිටිය යුතුය. යම් හෙයකින් කකුල ආපසු ගත්තේ නම් බෝම්බය පුපුරා යන්නේය.