Tuesday, November 30, 2010

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්...

"කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Deta..."

http://laksiriabeykoon.blogspot.com/2010/11/phone-software.html

Monday, November 29, 2010

වල්ලිපුරම් සංහාරය


මේ මිනී වළවල් යම් හෙයකින් දෙමළ ජනයාගේ ඇටකටු සහිත ඒවා බවට යන්තමින් හෝ සැක පහළ වී නම් මෙහි දිවගෙන ඒමට නියමිතව සිටි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ බෑන් කී මූන් මහතා සහ වෙනත් පවිටු බලවේග අද නිහඬව සිටින්නේ මන්දැයි පසුගිය 26 වනදා මහරගම තරුණ සේවා සභාවේ පැවැති කැප්පෙටිපොළ සමරු උළෙලේ දී දේශනයක්‌ පවත්වමින් ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රශ්න කළේය. එය තමයි සැබෑ තත්ත්වය හේග් නුවර යුද අපරාධ අධිකරණයට හැමදාම නඩු නැත. එය පවත්වාගෙන යැමට නඩු අවශ්‍යයි. මෙකී මිනී වළවල් දෙමළ ජනයාගේ වී නම් මහින්ද රාජපක්‌ෂ සහ ගෝඨාභය රාජපක්‌ෂ පතුරු ගසනු පිණිස මෙය අවස්‌ථාව කර ගන්නවා නියතය.

වල්ලිපුරම් මිනී වළ සම්බන්ධයෙන් කනගාටුව පළකිරීමක්‌ හෝ හෙළා දැකීමක්‌ මේ වන තුරු කිසිදු ජාත්‍යන්තර බලවේගයක්‌ විසින් කරනු ලැබ නැත. ජාත්‍යන්තර ප්‍රජාවේ එදිරිවාදී ආකල්පය මේ හැසිරීම තුළින් ඉතා කදිමට පැහැදිලි වේ.

Most Rev. Dr. Malcolm Ranjith: God's chosen Chief Shepherd for Sri Lanka




Saturday, November 20, 2010

"කෙටි ආහාර" කෑමෙන් ජීවිතයම කෙටි කරගැනීම!

දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝගවලට ගොදුරු වෙමින් දිනකට ශ්‍රී ලාංකිකයන් 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක්‌ මියයන බව අනාවරණය වී තිබේ. මෙරට කෙටි ආහාර භාවිතය ඇතුළු වැරැදි ආහාර පුරුදු හා ව්‍යායාම මඳකම හේතුවෙන් පසුගිය දශකයක පමණ කාලයේදී මෙරටින් වාර්තා වන දියවැඩියාව හා අධි රුධිර පීඩනය යන රෝගවලින් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ තිබේ.

මෙරට ජනතාව අතර වැරැදි ආහාර පුරුදු කොතරම් ප්‍රචලිතව ඇත්ද යත් වැඩිහිටියන්ගෙන් සියයට 82 ක්‌ තම දෛනික ආහාර වේලට එළවළු එක්‌කර නොගන්නා බවත් මෙරට එක්‌ පුද්ගලයකු දිනකට ලුණු ග්‍රෑම් 10 ක්‌ හා සීනි ග්‍රෑම් 60 ක්‌ ආහාරයට එක්‌කර ගන්නා බව හෙළිවී තිබේ. ලුණු අධික බැදුම් වර්ග, සකස්‌ කරන ලද මස්‌ වර්ග, චිප්ස්‌, රටකජු, කඩල වැනි ආහාර වර්ග වැඩි වශයෙන් අනුභව කිරීම හේතුවෙන් මෙරට වැඩි දෙනකු අධි රුධිර පීඩන (හයි බ්ලඩ් ප්‍රෙෂර්) තත්ත්වයට ගොදුරුව ඇති බව වෛද්‍යවරු පවසති.

තදබල හිසරදය, ක්‌ලාන්ත ගතිය, අප්‍රාණික බව අධි රුධිර පීඩනයෙහි රෝග ලක්‍ෂණ ලෙස වෛද්‍යවරුන් දැක්‌වුවද බොහෝ දෙනකුට එවැනි කිසිදු රෝග ලක්‍ෂණයක්‌ පෙන්නුම් නොකර අධි රුධිර පීඩන තත්ත්වය හටගන්නා බව දැන් අනාවරණය වී තිබේ. දියවැඩියාව, අධි රුධිර පීඩනය යන රෝග තත්ත්වයන්ට මෙරට ජනතාව වැඩි වශයෙන් ගොදුරු වීමට හේතු වී ඇති සමබල ආහාර වේලක්‌ නොගෙන කෙටි ආහාර ගැනීමේ සංස්‌කෘතිය අද වැඩිහිටියන් අතර පමණක්‌ නොව පාසල් ළමුන් අතර ද දක්‌නට ලැබීම අවාසනාවන්ත තත්ත්වයකි.

මෙරට එක්‌තරා ජනප්‍රිය රජයේ පාසලක ආපනශාලාවක්‌ දිනකට සෑම විනාඩි 30 කට වරක්‌ම "ඩෝනට්‌" නමැති බොහෝ විට අයිසිං හා සීනි යෙදූ කෙටි බනිස්‌ 1800 ක්‌ පාසල් ළමුන් අතර අලෙවි කරන බව වාර්තා වූයේ නොබෝදාය. ඒ අනුව ආපනශාලාවෙන් තත්පරයකට එක්‌ "ඩෝනට්‌" එකක්‌ බැගින් පාසල් ළමයින් අතරට පත්කෙරේ. තවත් එවැනිම පාසල් තුනක ආපනශාලා මගින් චීන, ඉන්දියා, ඉතාලි, තායි වර්ගයේ ආහාර පාන පාසල් ළමයින්ට අලෙවි කරන බව ද හෙළි වී තිබේ.

මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය පාසල් ආපනශාලා පනත ක්‍රියාත්මක කරමින් පාසල් ළමයින්ට පෝෂ්‍යදායී ආහාර පාන ලබාදීම සුරක්‍ෂිත කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරනු ලැබීය. සැබැවින්ම මෙය අවාසනාවන්ත තත්ත්වයකි. රටේ අනාගතය බාරගැනීමට සිටින මෙම පාසල් දරුවන් දැන හෝ නොදැන ශරීරයට අහිතකර ආහාරපානවලට හුරුවීම යනු අනාගතයේදී රෝග ගණනාවකට ගොදුරු වීමේ මාර්ගය පාදා ගැනීමකි. වර්තමානයේ පාසල් සිසුන් අතර තරබාරුබව, දියවැඩියාව, අධි රුධිර පීඩනය යන රෝග තත්ත්වයන් දක්‌නට ලැබීම මෙයට හොඳම නිදසුන්ය. මෑතක්‌ වනතුරුම තිරිඟු පිටි ආහාර පිළිබඳ කිසිවක්‌ නොකී සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට පවත්නා තත්ත්වය අවබෝධ කරගනිමින් රජයේ රෝහල් ආපනශාලාවලින් තිරිඟු පිටි ආහාර අලෙවි කිරීම තහනම් කරනු ලැබූ අතර ධාන්‍ය වර්ග, පලතුරු යුෂ වැනි පෝෂ්‍යදායී ආහාර වර්ග අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස එම රෝහල් ආපනශාලාවලට උපදෙස්‌ දෙනු ලැබීය.

මෙය ප්‍රමාද වී හෝ ගත් යහපත් තීරණයකි. කෙටි ආහාර පාන සංස්‌කෘතියට ඇබ්බැහි වී සිටින ළමයි, තරුණයන් හා වැඩිහිටියන් පළා වර්ග, එළවළු, පලතුරු, කිරි ආහාර වැඩි වශයෙන් අඩංගු ලුණු, සීනි අඩු ආහාර වේලකට හුරු කිරීම එතරම් පහසු කාර්යයක්‌ නොවුණද, එවැනි රෝගාබාධ සාදන ආහාරපාන අලෙවි කිරීමට වැට බැඳීමෙන් ඒවා ජනතාව අතරට පත්වීම වළක්‌වා ගැනීම බලධාරීන් සතු යුතුකමකි.

වර්තමානයේ මෙරට කෙටි ආහාරපාන අලෙවි කරන අවන්හල් බිහිවනුයේ හතු පිපෙන්නාක්‌ මෙනි. එම සෑම අවන්හලකම ඇත්තේ ශරීරයට අහිතකර ලුණු අධිකව දැමූ නැතහොත් සෝස්‌ දැමූ කෙටි ආහාර වර්ග හා සීනි අධිකව යෙදූ කෘත්‍රිම පානයන්ය. බොහෝ දෙනා තම කුසගින්න නිවා ගැනීමේ පහසු මාර්ගයක්‌ ලෙස මෙම කෙටි ආහාර පාන භාවිතයට හුරුව සිටිති.

කොළඹ නගරයේ අවන්හල් හා බේකරිවල අයිසිං දැමූ කේක්‌ කැබැල්ලක්‌ ආහාරයට ගනිමින් අයිස්‌ කෝපි පානය කරන තරුණ තරුණියන් එමට දැකිය හැකිය. ඔවුන් මේවා අනුභව කරනුයේ බොහෝ විට දිවා ආහාරය හෝ සවස්‌ වරුවේ තේ පානය සඳහාය.

එහෙත් මෙම කෙටි ආහාර වර්ග නුදුරු අනාගතයේදී ඔවුනගේ ශරීරයට රෝගාබාධ රැසක්‌ ඇතිකරන බව ඇතැම් විට ඔවුන් නොදන්නවා විය හැකිය.

මෑතකදී කරනු ලබන පෝෂණ සමීක්‍ෂණවලදී දුර්වලම පෝෂණ තත්ත්වයක්‌ පවතින නගරය කොළඹ නගරය බවට හඳුනාගෙන තිබිණි.

මෑතකදී දියවැඩියාව පිළිබඳව කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වූ මහාචාර්යවරියක කියා සිටියේ විදේශීය රටක සිට පැමිණි තම හිතවත් වෛද්‍යවරයකු අප රටේ පවතින කෙටි ආහාර කෑම සංස්‌කෘතිය දැක රටේ කෙටි ආහාර භාවිතය පිළිබඳ තමා කනගාටු වන බව පැවැසූ බවයි.

සැබැවින්ම ඇමරිකා එක්‌සත් ජනපදය හා යුරෝපීය රටවල් දැනට අප රටේ බහුලව භාවිත කරන ඇතැම් කෙටි ආහාරපාන වර්ග තහනමට ලක්‌ කර බොහෝ කල්ය. එහෙත් ශ්‍රී ලංකාවේ මෙම ආහාරපාන වර්ග නිෂ්පාදකයන් මෙරට ඇතැම් සුපිරි තරු යොදාගනිමින් එම ආහාර පාන මෙරට ප්‍රචලිත කිරීමේ කාර්යයෙහි නියෑළෙන බව එම මහාචාර්යතුමිය එහිදී සඳහන් කළාය.

එසේ නම් මෙරට ජනතාවගේ පෝෂණ තත්ත්වය යහපත් අතට හරවා ගැනීමට නම් මෙවැනි සිරුරට අහිතකර ආහාරපාන අලෙවි කිරීමට ද වැට බැඳිය යුතු බව නොකිවමනාය. එසේ නොකර මෙරට පාසල් සිසුන් හා තරුණයන් කෙටි ආහාරපාන සංස්‌කෘතියෙන් මුදාගැනීම මෙන්ම මෙරට මන්දපෝෂණය තත්ත්වය තුරන් කිරීම ද අසීරු වනු ඇත.

වත්මන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන හා නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති මහින්ද අමරවීර යන මහත්වරුන් ජනතාවගේ පෝෂණ තත්ත්වය නංවාලීමේ වැදගත්කම අවබෝධ කරගෙන ඇති බව පසුගිය දිනවල ඔවුන් විසින් සිදුකළ දේශනවලදී සනාථ විය. එය යහපත් ප්‍රවණතාවකි. එහෙත් එය ඵලදායී අන්දමින් ක්‍රියාවට නැඟීම ඔවුන් සතුව ඉදිරියේ ඇති අභියෝගයකි.

මන්ද කෙටි ආහාර සංස්‌කෘතියෙන් ජනතාව මුදාගත්තද, ඔවුනට නැවුම් එළවළු, පලතුරු, කිරි ආහාර අඩංගු සමබල ආහාර වේලක්‌ ලබාගැනීම පවතින ආර්ථික තත්ත්වය හමුවේ අසීරු වීමයි. අද එළවළු, පලතුරු පමණක්‌ නොව කිරි ආහාර වර්ගවල මිල ගණන් දැරිය නොහැකි අන්දමට ඉහළ ගොස්‌ තිබේ.

වෛද්‍යවරුන් රෝගීනට මාළු, කරවල වැනි සත්ත්ව ප්‍රොaටීන් අඩංගු ආහාර වර්ග තම ආහාර වේලට එක්‌කර ගන්නා ලෙසත් පළා වර්ග, එළවළු වර්ග දෙකක්‌ හෝ තුනක්‌ තම ආහාරයට දෛනිකව එක්‌කර ගන්නා ලෙසත් කියා සිටියද ඒවා මිලදී ගැනීම ඔවුනට අසීරු බව ඇතැම් විට නොදනිති.

මෙම තත්ත්වය මත ජනතාවගේ පරිභෝජනයට අත්‍යවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වර්ග පහසු මිලකට ජනතාවට ලබාදීමට කටයුතු කිරීමෙන් පෝෂණ මට්‌ටමින් උසස්‌ නිරෝගී ජනතාවක්‌ බිහිකිරීමේ අභියෝගය ජය ගැනීමට හැකිවනු ඇත.

ඒමන්ති මාරඹේ

Tuesday, November 16, 2010

Sri Lanka, the fastest growing Asian economy after China


Singapore Dy. PM and Defence Minister

"Sri Lanka has emerged from a decades-long war, and is enjoying an economic revival. It is currently the second-fastest growing Asian economy after China, a fact not lost upon the IMF, which recently upgraded Sri Lanka to middle income emerging market status, stated the Deputy Prime Minister and Defence Minister of Singapore, Teo Chee Hean.

The Singaporean Deputy Prime Minister and Defence Minister was delivering the keynote address as guest-of-honour at the 6th International Conference of South Asia on the theme of ‘South Asia in the New Decade: Challenges and Prospects’, organised by the Institute of South Asian Studies (ISAS) of the National University of Singapore (NUS) which has been rated three years running by the Times Higher Educational Supplement as one of the world’s 25 top universities.

Referring to Sri Lanka’s gender gap he said, in the Global Gender Gap Report 2010 published by the World Economic Forum, which measures gender-based disparities on economic, political, education and health-based criteria, Sri Lanka is ranked within the top 20, the only South Asian country to do so. Closing the gender gap is not just an issue of gender equity, it is also one of harnessing the current human resource potential, and uplifting the potential of the next generation.

The most important determinant of a country’s competitiveness is its human talent – the skills, education and productivity of its workforce. In any country, women account for half of the current talent base and have a key role in nurturing the next generation, Mr. Teo Chee Hean further said.

South Asia is a strategically important region. It is home to more than a fifth of the world’s population. Add to that the fact that it sits astride the key sea lanes of the Indian Ocean, and it is easy to see how South Asia is poised to play a key role in the world in the 21st century, he said.

The region has already begun to display its economic potential. South Asia has seen a strong rebound in its economic growth since last year, and is poised to grow around 7% in 2010 and nearly 8% in 2011, one of the highest rates in the world, the Deputy Prime Minister and Defence Minister of Singapore further stated.


Friday, November 12, 2010

වීසි කරන්නට දරුවන් තනනා ලෝකයක......... නුඹ!




දරු ස්‌නේහය යනු මේ මිහිපිට මවකට, පියකුට දැනෙන අතිශය සංවේදී වින්දනයකි. එය මෙවිතර යෑයි කිසිවකුට කිව හැකිද? රතු ලේ සුදු පැහැ වී කිරි බවට පෙරළනු ලබන්නේ ද ඒ අසාමාන්‍ය මව් සෙනෙහස විසින්ම ය. එනිසා මාතෘත්වය උතුම්ම පදවියක්‌ සේ සම්මතය. එහෙත් නූතන සමාජයේ ඒ මව් සෙනෙහස පිළිබඳ වෙනත් කතා ද නැතුවා නොවේ. වැලේ
ගෙඩි වැලට බර නැතැයි කී මව්වරු අපට එදත් වූහ. අදත් සිටිති. කලාතුරකින් මවකට සිය බිළිඳු පුතු හෝ දියණිය එපා වෙයි. කුමක්‌ හෝ වරදක්‌ නිසා කුසින් වැදූ දරුවකු ගඟට වීසි කරන අම්මා කෙනෙකු ගැන ඇසෙයි. එහෙත් සැබෑ මවට දරුවා යනු ජීවිතය පමණි.

මේත් අම්මා කෙනෙකි. සිය දරු පැටියා සුරකින්නට දරන තැත. ඉකුත් (10 වැනිදා) රාත්‍රියේ කොළඹට ඇද වැටුණු ධාරානිපාත වර්ෂාව මැද මේ මව ද අසරණ වූවාය. කොළඹ වීදි යටකර මහ වැසි ගලද්දී සිය දරු පැටියා මුවින් ඩැහැගත් මේ මවගේ ළය පත්තු වී ගිය අයුරු දුක කියන්නේ කාටද? එහෙත් දිරියෙන් යුතු මවක්‌ සේ ඇය පැටවා මුවින් රැගෙන යන අයුරු. කොළඹ නගරයේ මඩ වගුරු, මර උගුල් මැද පරිස්‌සමින් පිය ඔසවා යන මේ සුනඛ මව දරු සෙනෙහසක තරම දුටු "දිවයින" ඡායාරුප ශිල්පී කමල් වන්නිආරච්චි සිය කැමරාවේ සටහන් කර ගත්තේ අහම්බෙනි.

වීසි කරන්නට දරුවන් තනනා ලොවකට ඇය කියන්නේ කුමක්‌ විය හැකිද? තිරිසනකු වුවද නුඹ තුළ නැගෙන මාතෘත්වයේ උණුසුම මට විශ්මයකි

ශිරාන්
ඡායාරූපය-කමල් වන්නිආරච්චි

Thursday, November 11, 2010

මොලේ කළදක් ඇති වික්‍රමබාහු උන්නැහේ....


f*dkafiald uy;d widOdrK f,i isrlr f.k isàu;a Tyq ksoyia lrk f,i wm lshk lreKq îÍ w,skag ùKd jhkjd jf.a jevla' rg md,kh lrk mlsia nQrejkag wer fï kvqj .ek m;a;r lshjk fudf,a l,|la we;s ´kEu flfkl=g f;afrkjd úYd, widOdrKhla ir;a f*dkafialdg fj,d ;sfhkjd lsh,d'

-jdudxYsl fmruqfKa kdhl wdpd¾h úl%undyq lreKdr;ak uy;d"

මොලේ කළදක්වත් ඇති ඔය මිනිස්සු මොකෑ වික්‍රමබාහු උන්නැහේට ඡන්ද 10ක් වත් දුන්නෙ නැත්තේ

සිංහලයා මොඩයා කැවුම් කන්න යෝදයා


අපේ රට බෞද්ධ වන්නේ පෝය දවසට පමණි අනෙක්‌ දිනවල මේ රට අන්‍යාගමිකය.

සිංහලයා යනු හැකි මුල්ම අවස්‌ථාවේදී වංචා කරන්නකු බව රොබට්‌ නොක්‌ස්‌ කිය.

රජයේ මුදල් වංචා කරන අයට හොඳම සත්කාරය කරන්නේ චීනයයි. එවැනි අය පිළිබඳව නඩු අසා වරදකරුවන් වුවහොත් ජීවිතාන්තය තෙක්‌ හිරේට යෑවීම හෝ එක පෙළට සිටුවා වෙඩි තැබීම චීනය සිදු කරයි. රටක්‌ හැදීමට අවශ්‍ය නම් (එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සහ ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයට කුද ගසා ගන්නා ලෙස කියන) දැඩි නීති රීති තිබිය යුතුය.

දිවයින කතුවැකිය....

Wednesday, November 10, 2010

පොන්සේකා නිදහස් කරන්න කියන්නැයි අනෝමා සර්ව ආගමික නායකයන්ට කියයි


ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්නැයි සර්ව ආගමික නායකයින්ගේ අත්සනින් යුත් ලිපියකින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට යයි.

මහනුරවදී ඊයේ (09) සවස මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් මුණ ගැසුන අනෝමා ෆොන්සේකා මහත්මිය, සර්ව ආගමික නායකයින්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති වෙත යොමු කිරීම පිළිබඳව සාකච්ඡා කොට ඇත.

  • මොනව කිව්වත් කළවැද්දට වුවමනාවක් නැහැ ගෙදර යන්න
  • අනිත් එක තමයි ගෑනිට වුවමනාවක් නැහැ නිදහස් කරන්න කියල ඉල්ලීමක් කරන්න

Are we in Second generation or First Generation....???


I studied war and politics so that my sons can study economics and commerce, so that their sons can study poetry and music.

John Adams (US President)



Monday, November 8, 2010

අනුවණකම නිසා කළ යුත්ත නොකළ යුත්ත නොදැන ක්‍රියාකරන්නෝ විනාශය කරාම යති


මේ එදා ඔහු කියූ ක්‍රියාකළ දේට ලැබි ඇති ප්‍රතිඵලයයි. බලයට ඒමට පෙර "සිරගෙවල්වලට යන්න පැදුරු කොට්‌ට සූදානම් කරගන්නැ"යි දුන් නියෝගවලට පෙර තමා අවංකව ක්‍රියා කළා ද යන්න සිතන්න ඉඩ තිබිණ.

පොදු අපේක්‍ෂකයා වූ ෆොන්සේකා මහතාට ගංගාරාමයට පැමිණ සෙත්පතා ගැනීමට අවශ්‍ය විය. එහෙත් අපි එය ප්‍රතික්‍ෂේප කළෙමු. ඊට හේතුව වූයේ එතුමා හමුදාපති පදවියට පත්වූ අවස්‌ථාවේ හමුදාපති කාර්යාලයේ සෙත් පැතීමට ආරාධනය ලැබ තිබුණේ ගංගාරාමයටය. ඒ ආරාධනය ෆොන්සේකා හමුදාපතිතුමා විසින් වෙනස්‌ කළා පමණක්‌ නොව, එක්‌සත් ජාතික පාක්‍ෂික පන්සලෙන් තමාට සෙත්පැතීමක්‌ අනවශ්‍ය බව එතුමා ප්‍රකාශකර තිබිණ. එසේ පැවසූ එතුමා ගංගාරාමයට පැමිණියේය. ඒ ප්‍රථම වරටය. එදින මා එතුමාට ජාතක පොතේ අපණ්‌ණක ජාතකයට අප ලියූ කෙටි සටහනක්‌ මෙසේ ඉදිරිපත් කරන ලදී. එනම් "අනුවණකම නිසා කළ යුත්ත නොකළ යුත්ත නොදැන ක්‍රියාකරන්නෝ විනාශය කරාම යති" යන්නයි. එය අද සිදුවී ඇත. සුදු කොඩි ඇදගෙන, එක්‌සත් ජාතික පක්‍ෂයේද පූර්ණ අනුමැතිය ඇතිව ජනාධිපති අපේක්‍ෂක ලෙස ෆොන්සේකා නාමය ඉදිරිපත් වූයේ ලංකාවෙන්ද? විදේශයෙන්ද? ඒ මැතිවරණයට මුදල් ලැබුණේ ඩොලර්වලින් නිසා මොළේ ඇති අයට කල්පනා කළ හැකිය.

- ගල්බොඩ සිරි ඤාණිසසර නායක සථවිර

Sunday, November 7, 2010

ජනාධිපති මහින්ද


එක්‌ස්‌ෆොa සමාරම්භක රාජ්‍ය නායක හමුවේදී ජනාධිපති මහින්දට බෑන්කී මූන් හමුවීමටද අවස්‌ථාවක්‌ ලැබිණි.
එහිදී ඔහු හරි අපූරු දෙයක්‌ මතක්‌ කළේය.

"ඔබ දැන් ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ තියන ශක්‌තිමත් නිදහස්‌ රටක ශක්‌තිමත්ම නායකයෙක්‌. ඒ නිසා ඔබේ කලාපයේ දේශපාලන ස්‌ථාවරභාවය ගැන ඔබටත් ලොකු වගකීමක්‌ තියනවා. ඔබට පුළුවන් ඔබේ කලාපයේ දුර්වල රටවල්වලට උදව් කරන්න. දැන් ඔබ ලංකාවට විතරක්‌ නොවෙයි කලාපයටම නායකයෙක්‌."

------------------------------------------------------------------

සමාරම්භක සමුළුවේ වැඩකටයුතු නිම වී ජනාධිපතිවරයා නැවත රංගිවිලා හෝටලයට පැමිණියේය. ඒ මොහොතේ තවත් අමුත්තෙක්‌ ජනාධිපති මහින්ද හමුවීමට රංගිවිලා හෝටලයට පැමිණියේය. ඒ නේපාලයේ ජනාධිපති රාම් බිරාම් යාදෙව් ය.

යාදෙව් හා අප ජනාධිපතිවරයා සමග ද ලොකු සාකච්ඡාවක්‌ පැවැත්විණි. ඔහු කතා කළේ තම රටේ දේශපාලන අස්‌ථාවරභාවය ගැනය. ඔහු අපෙන් උදව් ඉල්ලා සිටියේය.

"ජනාධිපතිතුමනි, ඔබ අපේ කලාපයේ සිටින ශක්‌තිමත් නායකයෙක්‌. ඔබ වරක්‌ මාලදිවයිනට ගිහින් එහි දේශපාලන අස්‌ථාවරභාවය පිළිබඳ ගැටලුවකට ද මැදිහත් වී ප්‍රශ්නය සමථයකට පත් කළා. ඔබ කියන දේ අද බොහෝ දෙනෙක්‌ අහනවා. ඒ නිසා ඔබට බැරිද අපේ රටටත් මැදිහත් වෙලා යම් දේශපාලන ස්‌ථාවර බවක්‌ ඇතිකර ගැනීමට උදව් කරන්න.

ජනාධිපති ඒ ආරාධනාව ඉතා සතුටින් පිළිගත්තේය.