Tuesday, April 19, 2011

ශී‍්‍ර ලාංකික ජනතාවගේ නව බලපොරොත්තු...

යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාවේ සාමය සහ සංවර්ධනය සදහා වන කි‍්‍රයාවලිය අගය කරන බව අමෙරිකාවේ රිපබ්ලිකන් පක්‍ෂය පවසන බව Lanka e Link වෙත වාර්තා වේ.

එහි සාමාජික හා එරට කොංග‍්‍රස් මණ්ඩලයේ සභික ජෝ විල්සන් සදහන් කළේ ශී‍්‍ර ලාංකික ජනතාවගේ නව බලපොරොත්තු පුබුදුවාලීමට මෙම කි‍්‍රයාවලිය හේතුවිය හැකි බවයි. කොංග‍්‍රස් මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් ජෝ විල්සන් මෙම අදහස් පළ කර ඇත.

ශී‍්‍ර ලාංකිකයින් මේ වනවිට වසර 2 ක් පූර්ණ සාමයෙන් යුතුව සිය අලූත් අවුරුද්ද සමරා ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත. එල්ටීටීඊ සංවිධානය මුළුමනින්ම පරාජයට පත්වීමෙන් අනතුරු මෙරට කිසිදු ත‍්‍රස්තවාදී කියාවක් සිදුවී නැතැයි ද කොංග‍්‍රස් මණ්ඩල සභිකයා ප‍්‍රකාශ කර ඇත.

No comments: