Wednesday, July 27, 2011

මානසික රෝගයක්‌ ඇත්තේ මුතුහෙට්‌ටිගමට නොව ඡන්දදායකයන්ටයි!

මෙහිදී අප විසින් වැදගත් කාරණයක්‌ කල්පනාවට ගනු ලැබිය යුතුය. එනම්, මානසික රෝගයක්‌ ඇත්තේ මුතුහෙට්‌ටිගමට නොව ඡන්දදායකයන්ට බව ය. මුතුහෙට්‌ටිගමගේ චර්යාව දැන දැනම මිනිස්‌සු ඔහු පළාත් සභාවටත් එතැනින් පාර්ලිමේන්තුවටත් යෑවූහ. එසේ නම් බස්‌ නැවතුම්පොළේ යකඩ වැට ගැලවීම වැනි දෑ ඔහු අතින් සිදුවන විට ඒවා ද සාමාන්‍ය දේ හැටියට සලකා නිහඬ වීමට සියලු දෙනාම පුරුදු විය යුතුය.


 ලංකාවේ දේශපාලනයට අවතීර්ණ වන පුද්ගලයාට කිසිදු ප්‍රමිතියක්‌ අවශ්‍ය නැත. අඩුම ගණනේ ඔහුට අකුරු කියෑවීමට හෝ ලිවීමටවත් හැකිද යන කාර්යය සොයා බලනු නොලැබේ. දැනට අවශ්‍ය සුදුසුකම වන්නේ ඔවුන් පණ පිටින් සිටීම පමණි.


http://www.divaina.com/2011/07/27/editor.html

Monday, July 25, 2011

ත්‍රස්‌තවාදය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ ඥනය

දැන් බෝම්බ පිපිරීම සහ මිනී මැරීම ගැන ප්‍රත්‍යක්‍ෂ අවබෝධය නෝර්වේ ආණ්‌ඩුවට තිබේ. අපි තිස්‌ අවුරුද්දක්‌ තිස්‌සේ බෝම්බවලින් දුක්‌ වින්දෙමු. අපට බෝම්බ ගැසූ ඊළාම්වාදීන්ට රටෙන් කෑල්ලක්‌ කඩා දිය යුතු බව බටහිරයන් කියද්දීත් අපේ ආණ්‌ඩුව යුද්ධ කළේ ත්‍රස්‌තවාදය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ ඥනය තිබූ බැවිනි. මේ මොහොතේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට විශාල වගකීමක්‌ තිබේ. එනම් නෝර්වේ සංහාරයේ සැකකරුවාගේ මානව අයිතිවාසිකම් පොලිසියෙන් කඩ කරන්නේ ද යන කාරණය ගැන සොයා බැලීම ය. ත්‍රස්‌තවාදී සැකකරුවන්ට පහරදීම නො මැනවි. ඔවුනට බුරියානි කන්නට දිය යුතු අතර සුවඳ පැනින් නහවා පවුඩර් දමා ඒසී කාමරවල සැතපවිය යුතුය.


http://www.divaina.com/2011/07/25/editor.html

Friday, July 22, 2011

කැලණිය විශ්වවිද්‍යාලය හා බටහිර විද්‍යාව

ඉතා පැහැදිලිව බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට දැනෙන තරමට පහර වැදී ඇත. බටහිර විද්‍යාවට හා ඒ මත යෑපෙන අනෙක්‌ බටහිර දැනුම් පද්ධතිවලට තවදුරටත් ඉවසා සිටිය නො හැකි ය. නාථ දේවාලවල කපු මහතුන් කෙසේ වෙතත් බටහිර දැනුමේ කපුවෝ පරළ වී දුවති, පනිති. මෙහෙමත් පහරක්‌ මෙතරම් ඉක්‌මනින් සිංහල බුද්ධාගමෙන් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි විද්‍යාවට වැදේ වි යෑයි ඔවුන් සිහිනෙන් වත් සිතන්නට නැත. සිංහල බෞද්ධ සංස්‌කෘතිය මත පදනම් වූ දැනුමක්‌ රජරට වකුගඩු රෝගය පිළිබඳව නිර්මාණය කරගැනීමට හැකි වීම අද බටහිර විද්‍යාඥයන්ට දිරවාගත නොහැකි ය. ඔවුන් ගේ ආධිපත්‍යය බිඳ වැටීම ඇරඹී ඇති බව ඔවුන්ට වැටහෙනු නොඅනුමාන ය.


- මහාචාර්ය නලින් ද සිල්වා (විදුසර 20-07-2011)

Wednesday, July 13, 2011

බාල තෙල් වැඩෙන් නරක්‌ වී ඇත්තේ පෙට්‍රල් වාහනවල ඇන්ජින් පමණක්‌ නොවේ...

එකක්‌ කඩතොළු මකා ගන්නට 
ගිහින් මට වුණ කාරියා
සියක්‌ කඩතොළු සදා දුන්නැයි
ඉඳුරුවේ ආචාරියා

ඉහත සඳහන් වූයේ ජන කවියකි.

එය දැන් උදාව ඇති තෙල් හුටපටයට පසුව රචනා වූවක්‌ නොවේ. පුදුමයකට මෙන් ඊට පෙර කාලයක රචනා වූවකි. එසේ වුවද, වත්මන් තෙල් හුටපටයට තරම් එය ගැලපෙන ආකාරයේ වෙනත් ගොන්කමක්‌ රාජ්‍ය ආයතනයක්‌ විසින් මින් පෙර කරනු නොලැබ ඇති තරම්ය.

ශ්‍රී ලංකාවට සියයට අසූවක්‌ ඉන්ධන සපයන ඉන්දියානු සමාගමේ හැසිරීම පිළිබඳව (හිටි ගමන් අධි භාරය වැඩිකිරීම පිළිබඳව) අතෘප්තියට පත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව පිට පිට වාර පහක්‌ම එම සමාගමේ ටෙන්ඩරය ප්‍රතික්‌ෂේප කරයි.

දේව අනුහසකින් හෝ හදිසියේ ශ්‍රී ලංකාවේ ජල උල්පතක්‌ තෙල් උල්පතක්‌ බවට පත්වී පිරිපහදු කළ තෙල් තොග නිර්මාණය වන්නේ නැති නිසා රටේ තෙල් හිඟයක්‌ ඇති වන බවට ලකුණු පහළ වෙයි.

පිට පිට වාර පහක්‌ම තෙල් ආනයනය ප්‍රතික්‌ෂේප කරන විට රටේ තෙල් හිඟයක්‌ ඇතිවිය හැකි බවට අදාළ ඥනවන්ත නිලධාරීන්ට සිතිවිල්ලක්‌වත් පහළ නොවේ. ඔවුන්ට එබඳු සිතිවිල්ලක්‌ පහළ වන්නේත්, "මුක පූට්‌ටුවන්නේත්" ඉන්දියානු ටෙන්ඩරය පස්‌වන වතාවටත් ප්‍රතික්‌ෂේප කිරීමෙන් අනතුරුවය.

දැන් වැඩේ හරිය, රටට ඕනෑ කොහෙන් හරි තෙල් ය. (මොනවා හරි තෙල්ය) තෙල් ආනයන බලධාරීත්වයේ මොළකාරයන් මහදැනමුත්තා වර්ගයේ තීන්දුවක්‌ ගන්නේ දැන්ය. දැන් ඔවුහු "එමිරේට්‌ස්‌ නැෂනල් ඔයිල් කෝපරේෂන්" නමැති සමාගමකින් "අරිටත් වඩා වැඩි මුදලකට" ඉන්ධන මෙටි්‍රක්‌ ටොන් 20,000 ක්‌ ගෙන්වන්නෝය.

රටේ අහිංසක මිනිසුන්ගේ රථවාහන මහමඟ නතර කළේත්, වාහන දහස්‌ ගණනකට මහත් හානියක්‌ සිදු කළේත් තවත් වැඩි මුදලකට ගෙන්වූ ඒ ඉන්ධනය.

ඒවා ඉන්ධනමද නැතහොත් වෙනත් "මොන මඟුලක්‌ද" යන්න තවමත් අනාවරණය කොට නොමැති හෙයින් අපිදු ඒවා බාල ඉන්ධන යනුවෙන් හඳුන්වමු.

බාල තෙල් පිළිබඳ සිදුවීමේදී අමාත්‍යවරයාගේ කියුම් කෙරුම් සහ හැසිරීම අපට ප්‍රකාශ කරන්නේ ඔහු එක්‌කෝ තම නිලධාරීන්ට බියෙන් පසුවන බවය. නැතහොත් මේ අර්බුදය පිළිබඳව ඔහුට මෙලෝ දෙයක්‌ නොතේරෙන බවය.

ඒ කෙසේ වුවත් බාල තෙල් වැඩෙන් හොඳටම නරක්‌ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පෙට්‍රල් වාහනවල ඇන්ජින් පමණක්‌ නොව මේ රජයට මහත් ගෞරවයක්‌ දැක්‌වූ ජනතා හදවත් ද බව රජය ද දැනගන්නවා හොඳය.