Thursday, April 28, 2011

සරත් එන් සිල්වාගේ බෑන් කී මූන් වාර්තාව.

එක්සත් ජාතීන්ගේ වාර්තාවේ අපරාධ චෝදනා කිසිවක් නැහැ. එහි තිඛෙන්නේ ශ්‍රී ලංකා රජයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න කියා විතරයි. රෝහල්වලට එල්ලවූවා යැයි කියන ෂෙල් ප්‍රහාර, අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ට නිසිලෙස නොසැලකීම, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට ක්‍රියා නොකිරීම ආදී චෝදනා 5ක් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න කියා විතරයි එහි තියෙන්නේ.
- හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා

---------------------------------------------------------------------------------------------

වගවීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා වූ යෝජනා:

• ගැටුම් වලින් වන්නියේදී මිය ගිය සහ දිවි බේරා ගත් පිරිස් වල අයිතීන් හා ගෞරවය පිළිගනිමින් රජය ක්‍රියා කළ යුතුයි.

• බලහත්කාරයෙන් අතුරුදහන් කළ පුද්ගලයන්ට අත්වූ ඉරණම හා ඔවුන් සිටින්නේ කොහිද යන්න සොයා බලා රජය අණාවරණය කළ යුතුයි.

• හදිසි නීතිය කඩිනමින් සංශෝධනය කළ යුතුය.

• ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ජාත්‍යන්තර නීතියට අණුකූලව සකස් කළ යුතුය.

• ගැටුමට හේතු වූ කාරණා සොයා බැලීම සඳහා ශක්තිමත් සිවිල් සමාජ සහභාගීත්වයක් සහිත විවේචනාත්මක පරීක‍ෂණ ක්‍රියාවලියක් ආරම්භ කළ යුතුය.

• විපතට පත් වූවන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමේ ජාත්‍යන්තරය ප්‍රමිතියට අනුකූල වැඩ සටහන් රජය විසින් ආරම්භ කළ යුතුය.

• එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2009 විශේෂ සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව එම කවුන්සියලය විසින් නැවත සලකා බැලිය යුතුය. එ අතරම යුද්ධය පැවැති අවධියේ හා ඉන්පසු ශ්‍රී ලංකාව තුල එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරිත්වයට අදාලව පුළුල් පරීක‍ෂනයක් කල යුතුය.

No comments: