Thursday, March 24, 2011

එක්‌සත් ජාතික පක්‍ෂයේ අර්බුදය

අපගේ වැටහීම නම් එක්‌සත් ජාතික පක්‍ෂයේ අර්බුදයක්‌ නැති බවත්, එකම අර්බුදය මහින්ද රාජපක්‍ෂ බවත් ය. මෑත ඉතිහාසයේ පහළ වූ හොඳම දේශපාලන රේස්‌ අශ්වයා ඔහු ය. යුද විරුවා, රණ විරුවා, ඊළඟ නායකයා යනාදී වශයෙන් ලණු කවනු ලැබූ සරත් ෆොන්සේකා ජනරාල් තැන මහින්ද රාජපක්‍ෂට පරදින්නේ ඡන්ද දහඅට ලක්‍ෂයකිනි. එක්‌සත් ජාතික පක්‍ෂය කළ යුත්තේ නායකයා මාරු කිරීම නොව පක්‍ෂයේ ක්‍රමවේදය මාරු කිරීම ය. එ.ජා.ප. ක්‍රමවේදය තුළ වැරදුණු තැන් බහුල ය. කොටින්ට විරුද්ධව යුද කළ යුතු බව මුළු රටම කියන විට එ.ජා.ප.ය ප්‍රතිපත්තියක්‌ වශයෙන් යුද විරෝධී විය. සටන් විරාම ගිවිසුම මේ බංකොලොත්භාවයේ ලිඛිත සාක්‍ෂියයි. ඒ වැටුණු වැටිල්ලෙන් ගොඩ ඒම සජිත්ට සිහිනෙන්වත් කළ හැකි ද? මී ළඟ මැතිවරණවලදී පක්‍ෂය දිනවීම දේශපාලන කොන්ත්‍රාත්කරුවන්ට භාර දීම එ.ජා.ප.ය විසින් නො කළ යුතු බව අපි හඟිමු.

දිවයින කතුවැකිය - 2011/03/24

Monday, March 21, 2011

එජාපයට ජයක්‌...

එ.ජා.ප. යට දැන් අවශ්‍ය වී ඇත්තේ නොයෙක්‌ "ගේම්" වලින් බලයට ඒමට උත්සාහ දරන කෙටිකාලීන වැඩපිළිවෙළක්‌ නොව අවුරුදු 10 කට පමණ සැලසුම් කරන ලද දිගුකාලීන පුනරුත්ථාපන වැඩසටහනකි. එය මහපොළවේ පය ගහගත් මිනිසුන්ගේ හදගැස්‌ම හඳුනන, සුහද, කාර්යශූර නව නායකයකු යටතේ දියත් විය යුතු පුනරුත්ථාපන වැඩපිළිවෙළකි. ඉදිරියේදී එ.ජා.ප. ය ගොඩඑනවාද නැතිනම් නිදි ඇඳේම මකබෑවී යනවාද යන්න තීන්දු කරන්නේ එ.ජා.ප. යේ නායකත්වය වෙනස්‌ කිරීමට බලය ඇති කෘත්‍යාධිකාරී මණ්‌ඩලයයි. ඔවුන්ට අවශ්‍ය දේ කිරීමට නුවන හා ධෛර්ය ලැබේවායි අපි පතමු.

සී.ඒ. චන්ද්‍රප්‍රේම

එ.ජා.ප. ඡන්ද???

මීට කලකට පෙර කතෝලික ඡන්දදායකයා සිටියේ එ.ජා.ප. ය සමගය.

Thursday, March 3, 2011

බෙලෙක්‌ වැඩක්‌

ශ්‍රී ලංකාව යුද අපරාධ සම්බන්ධ විනිශ්චය සභාවක්‌ හමුවට ගෙන එන බවට රොබට්‌ බ්ලේක්‌ කරන අනතුරු ඇඟවීම ශ්‍රී ලංකාවේ සියලු ජනතාවගේම පිළිකුලටත් විරෝධයටත් හේතුවන්නකි.

ත්‍රස්‌තවාදයට එරෙහිව කටයුතු කිරීම යුද අපරාධ කිරීමක්‌ නම් යුද අපරාධ විනිශ්චය සභාවක්‌ හමුවට මුලින්ම ගෙන ආ යුතු රට ඇමරිකා එක්‌සත් ජනපදයම මිස අන්කවරක්‌ද?

දුෂ්ටයන් වීරයන් බවට පත්කිරීමත්, වීරයන් දුෂ්ටයන් බවට පත්කිරීමත් ලෝකයේ වෙන කොතැනකදී කළ හැකි වුවත් එය ශ්‍රී ලංකාව තුළදී කළ නොහැකි බව ලෝකයේ සියලුම "බ්ලේක්‌ වරු" තේරුම් ගැනීම හොඳය.