Tuesday, January 3, 2012

ජයලත් ජයවර්ධන දොස්‌තර මන්ත්‍රීතුමා

දොස්‌තර හොඳ මිනිහෙකි. එහෙත් ඔහු දේශපාලනඥයකු වශයෙන් කොතරම් හොඳද යන්න ගැන ප්‍රශ්නයක්‌ තිබේ. වසර 2002 දී පැවැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කෙටිකාලීන ආණ්‌ඩුව තුළ ඇමැති තනතුරක්‌ දැරූ දොස්‌තර කොළඹ - යාපනය, කොළඹ - කිලිනොච්චිය අතර එහා මෙහා යමින් කොටි සංවිධානයේ අරමුණු සහ ප්‍රතිපත්තිවලට කත් ඇද්ද බවට චෝදනි තිබේ. විටෙක ඔහු එරික්‌ සෝල්හයිම් පසුපසින් ගියේය. ඊළඟට බලන විට කොටි අරමුණ උදෙසා ඔහු ගිය ගමන කොතරම් වේගවත් ද යත් එරික්‌ සෝල්හයිම්ට ඔහු පසුපසින් එන්නට සිදුවියෘ

13 වැනි සංශෝධනයෙන් ඔබ්බෙහි ඇති විසඳුමක්‌ පිළිබඳව කීවත් ඒ විසඳුම කුමක්‌දැයි මෙතෙක්‌ නිර්වචනය කරද නැත. උතුරට සහ නැගෙනහිරට ඉඩම් සහ පොලිස්‌ බලතල අවශ්‍ය නැත. මන්ද, ඒ ප්‍රදේශ භෞමික වශයෙන් ඉතා කුඩා නිසාය. ශ්‍රී ලංකාව මෙන් දෙක තුනක්‌ බැස්‌සිය හැකි ප්‍රාන්ත සහිත ඉන්දියාවට නම් පොලිස්‌ බලතල සහ ඉඩම් බලතල විමධ්‍යගත කළ හැකිය. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටක එය විහිළුවකි. පළාත් සභාවකට පොලිස්‌ හා ඉඩම් බලතල දුන් පසු හමුදා බලතල දීමක්‌ ද වරදක්‌ නැත. ඉන්පසු ගුවන් හමුදාවක්‌ ද සෑම පළාතකම ඇති කළ හැකි අතර පළාත් අතර යුද වැදීම් ද ඇති කළ හැකි වන්නේය.