Wednesday, September 12, 2012

දේශපාලනඥයන්ගේ "බබා"ලා

ගුටි කෑ හමුදා මේජර් රස්‌තියාදුකාර දාමරික තරුණයන් පිරිසකගෙන් ගුටි කෑමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට අගෞරවයක්‌ කර ඇතැයි කෙනෙකු කල්පනා කරනවා ඇත. මේජර් තමන්ට පහර දුන් දාමරිකයන්ට හතර අතේ වෙඩි නොතබා නිකමකු ලෙස බලා සිටීමෙන් විශාල අත්වැරැද්දක්‌ සිදු කර ගෙන ඇති බව තවකෙකු සිතනවා ඇත.

එහෙත් සැබෑ තත්ත්වය මෙසේය. පොදු රාජ්‍ය මණ්‌ඩල පාර්ලිමේන්තු සමුළු වාරයට සහභාගි වීමට පැමිණි නියෝජිතයන් ගෙන් කොටසක්‌ නැවතී සිටියේ ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේ ය. ඔවුන්ගේ ආරක්‍ෂාවට ඇමැති ආරක්‍ෂක අංශය යොදවා තිබිණි. මේජර් නිකමටවත් තම ගිනි අවිය පත්තු කළේ නම් ඇමැති ආරක්‍ෂක අංශය තම සියලු ගිනි අවි පත්තු කරන අතර ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ල යුද බිමක්‌ බවට පත් වන්නේය. මේජර් ගුටි කෑවේ ඇයි? දුම්වැටියක්‌ පත්තු කර ගැනීම සඳහා මාලක සිල්වා ඔහුගෙන් ගින්දර ඉල්ලා සිටි කල්හි නොදුන් බැවිනි. මාලක සිල්වා මෙහිදී වැදගත් කාරණයක්‌ මතක තබා ගත යුතු ය. ගුටි කෑ මේජර් දකුණු පළාතේ ආරක්‍ෂාව භාරව සිටි බුද්ධි අංශ නිලධාරියා ය. එසේම ඔහු තමිල් සෙල්වම් ඝාතනය කිරීමේ ජාතික මෙහෙවරේදී ආණ්‌ඩුව යටතේ එවකට තිබූ හමුදා සීමාව පැන එල්.ටී.ටී.ඊ. සීමාවට රිංගා ඔත්තු එකතු කරමින් විශාල මෙහෙවරක්‌ කළ කෙනෙකි. එවැනි මිනිසුන් සිවිල් සමාජය තුළ හැසිරෙන්නේ බෙහෙවින් විනයානුකූල ලෙස ය. ඔහු අතක්‌ එසැවී නම් දාමරික තරුණ කල්ලියේ කුඩු ගිනි පෙට්‌ටිවලට එකතු කරන්නට සිදුවන්නේ ය.

http://www.divaina.com/2012/09/12/editor.html