Wednesday, October 2, 2013

විග්නේශ්වරන්ගේ පටන් ගැන්ම හොඳ නැත

හිටපු විනිසුරු සී. වී. විග්නේශ්වරන් උතුරු පළාතේ නව මහ ඇමැති ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දීමට යන බව අපි මෙයට දෙදිනකට පෙර දැන ගතිමු. ඒ සඳහා පැවැත්වෙන උත්සවයට පැමිණෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කරනු ඇත. සාමාන්‍යයෙන් පළාත් සභා නීති රීතිවලට අනුව මහ ඇමැතිතුමා දිව්රුම් දිය යුත්තේ පළාත් ආණ්‌ඩුකාරයා ඉදිරියේ ය. මේ රටේ පළාත් සභා පටන්ගත් දවසේ සිට ඒ සම්ප්‍රදායය එසේ සුරකින ලදී. උදාහරණයක්‌ වශයෙන්, උතුරු නැගෙනහිර පළමුවැනි මහ ඇමැති වූ අන්නමලේ වර්ධරාජා පෙරුමාල් 1988 දී දිව්රුම් දුන්නේ ද පළාත් ආණ්‌ඩුකාරයා වූ නලින් සෙනවිරත්න ඉදිරිපිටදී ය. ඔහු යුද හමුදාවේ හිටපු ලුතිනන් ජෙනරාල් කෙනෙකි. අන්නමලේ වර්ධරාජා පෙරුමාල් හිටපු ත්‍රස්‌තවාදියෙකි. ඊ. පී. ආර්. එල්. එµa. නමැති බෙදුම්වාදී සංවිධානයේ නායකයා වූ හෙතෙම පසුව පුනරුත්ථාපනය වී එවකට පැවැති යූ. එන්. පී. ආණ්‌ඩුව සමඟ මිත්‍ර විය. එකල ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන ය. අගමැති ආර්. ප්‍රේමදාස ය. තමන් ආණ්‌ඩුවේ හිතවතකු වී යයි සිතා මහ ඇමැති ලෙස දිව්රුම් දීමට ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කැඳවිය යුතු යෑයි ඔහු නිකමටවත් කල්පනා කළේ නැත. තමන් දිව්රුම් දෙන උත්සවයට අඩුම ගණනේ සිය හොඳම මිතුරා වූ ආර්. ප්‍රේමදාස අගමැතිතුමාටවත් ඔහු ආරාධනා කළේ නැත. නලින් සෙනවිරත්න හිටපු හමුදා නිලධාරියකු බව ඔහු ඉතා හොඳින් දැන සිටියේ ය. ඔහු විශ්‍රාමික නිසා තවදුරටත් හමුදාවේ නැති බවත් ඔහුගේ අලුත් රස්‌සාව වන්නේ උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරකම බවත් පෙරුමාල් දැන සිටියේ ය. මේ නිසා ආණ්‌ඩුකාර සෙනවිරත්න ඉදිරිපිට දිව්රුම් දීම පෙරුමාල්ට කිසිදු ගැටලුවක්‌ වුණේ නැත. ඔහු බුද්ධිමත් හිටපු ත්‍රස්‌තවාදියෙකි. එහෙත් අද අප අවට සිටින්නෝ ත්‍රස්‌තවාදීන්ට පස්‌ස සේදීම පිණිස වැසිකිළියට වතුර ගෙනගොස්‌ දුන් මෝඩ ගොන්නු ය. මෝඩකම මදිවාට ඔවුන් තුළ අහංකාරයත් ඇත.




http://www.divaina.com/2013/10/02/editor.html