Tuesday, April 22, 2014

බැලු බැල්මටම වුව මෙය කැතය. කැතට වඩා අපට නම් සැකය.

"මේ රටේ ඕනෑම ආගමක්‌ ඇදහීමේ නිදහස තිබෙනවා. ඕනෑම තැනක ජීවත්වීමේ අයිතිය තිබෙනවා. ඒක නැති කරන්න අපට බෑ. ඒක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම එහි සඳහන් වෙලා තිබෙනවා බුදු දහම රාජ්‍ය අනුග්‍රහය ඇතිව ආරක්‍ෂා කරනවා කියලා. ඒ ව්‍යවස්‌ථාව ඒ විදිහටම තිබෙනවා. ඒවා වෙනස්‌වෙලා නෑ. ඒ නිසා ඒක ගැන කවුරුවත් කලබල වෙන්න ඕනෙ නැහැ. ඒක රැකගැනීම, අනෙක්‌ ආගම් අතර සහජීවනය ඇතිකිරීම, ආගමික නිදහස ලබාදීම අපේ වගකීමක්‌. ඒ අවශ්‍යතාව අපි ඉටු කරනවා. ඒක නිසා කිසිදෙයක්‌ බලහත්කාරයෙන් කාටවත් වෙනස්‌ කරන්න පුළුවන්කමක්‌ නෑ කියලයි මා විශ්වාස කරන්නේ."

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා



රටේ බෞද්ධ ජනතාව ද එය පිළිගනිති. ඒ විශිෂ්ට ජනතාව ද අන් ආගම් නොඉවසන්නෝ නොවෙති. (එසේම, යමකු සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට පැමිණෙන්නේ නම් ඉතාම ඉවසීමෙන් යුතුව සීමාව පනින සැටිද ඔව්හු දනිති.) තතු එසේ තිබියදී සමහර භික්‍ෂුන් වහන්සේලා සිවුර පටින් බල්ටි ගැසීම ශ්‍රී ලංකාව ගිනි තැබීමට ලෝකයේ හතර වටින්ම බලා සිටින හනුමලා චූන් කිරීමකි. බැලු බැල්මටම වුව මෙය කැතය. කැතට වඩා අපට නම් සැකය.

http://www.divaina.com/2014/04/22/editor.html