Friday, October 29, 2010

JVP රස්සා ඉල්ලාගෙන ජනතාව ළඟට යා යුතුයි-විමල්


පසුගිය බදාදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමේදී රැකියා විරහිත තරුණයන් කොළඹ දී කළ උද්ඝෝෂණය කාගේත් අවධානයට ලක්වුණා.

"මම බලාගෙන හිටියේ රැකියා විරහිත තරුණයෝ තුන්හාරදාහක් මාව හම්බවෙන්න එනකම්. හැබැයි පෙළපාලියෙන් ආවේ 300 ක විතර පිරිසක්" ජනාධිපතිවරයා මෙහෙම කිව්වේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මූණදිහා බලාගෙනයි.

ඒ පෙළපාලියේ ඉස්සරහින්ම ආවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. බලන්න ජනාධිපතිතුමා බිමල් රත්නායක, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ වගේ තරුණ මන්ත්‍රීවරුන්ට රස්සාව නැති කළේ ඔබතුමා නෙමෙයිනේ, ජනතාවයි. විමල් වීරවංශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ කතාවට උල්පන්දම් දුන්නේ ඒ විදිහටයි.

"ඇත්ත තමයි විමල්" ඒ අය මාව හම්බවෙලා වැඩක් නෑ, රස්සාව හදාගන්න ඕනේනම් ඒ අය යන්න ඕනේ ජනතාව ගාවටයි"ජනාධිපතිවරයා විමල්ගේ කතාව අනුමත කරද්දී කැබිනට් මණ්ඩලයේ ගොඩාක් ඇමතිවරුන්ට හිනා නොවී සිටින්නට බැරිවිය.

No comments: