Sunday, November 7, 2010

ජනාධිපති මහින්ද


එක්‌ස්‌ෆොa සමාරම්භක රාජ්‍ය නායක හමුවේදී ජනාධිපති මහින්දට බෑන්කී මූන් හමුවීමටද අවස්‌ථාවක්‌ ලැබිණි.
එහිදී ඔහු හරි අපූරු දෙයක්‌ මතක්‌ කළේය.

"ඔබ දැන් ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ තියන ශක්‌තිමත් නිදහස්‌ රටක ශක්‌තිමත්ම නායකයෙක්‌. ඒ නිසා ඔබේ කලාපයේ දේශපාලන ස්‌ථාවරභාවය ගැන ඔබටත් ලොකු වගකීමක්‌ තියනවා. ඔබට පුළුවන් ඔබේ කලාපයේ දුර්වල රටවල්වලට උදව් කරන්න. දැන් ඔබ ලංකාවට විතරක්‌ නොවෙයි කලාපයටම නායකයෙක්‌."

------------------------------------------------------------------

සමාරම්භක සමුළුවේ වැඩකටයුතු නිම වී ජනාධිපතිවරයා නැවත රංගිවිලා හෝටලයට පැමිණියේය. ඒ මොහොතේ තවත් අමුත්තෙක්‌ ජනාධිපති මහින්ද හමුවීමට රංගිවිලා හෝටලයට පැමිණියේය. ඒ නේපාලයේ ජනාධිපති රාම් බිරාම් යාදෙව් ය.

යාදෙව් හා අප ජනාධිපතිවරයා සමග ද ලොකු සාකච්ඡාවක්‌ පැවැත්විණි. ඔහු කතා කළේ තම රටේ දේශපාලන අස්‌ථාවරභාවය ගැනය. ඔහු අපෙන් උදව් ඉල්ලා සිටියේය.

"ජනාධිපතිතුමනි, ඔබ අපේ කලාපයේ සිටින ශක්‌තිමත් නායකයෙක්‌. ඔබ වරක්‌ මාලදිවයිනට ගිහින් එහි දේශපාලන අස්‌ථාවරභාවය පිළිබඳ ගැටලුවකට ද මැදිහත් වී ප්‍රශ්නය සමථයකට පත් කළා. ඔබ කියන දේ අද බොහෝ දෙනෙක්‌ අහනවා. ඒ නිසා ඔබට බැරිද අපේ රටටත් මැදිහත් වෙලා යම් දේශපාලන ස්‌ථාවර බවක්‌ ඇතිකර ගැනීමට උදව් කරන්න.

ජනාධිපති ඒ ආරාධනාව ඉතා සතුටින් පිළිගත්තේය.


No comments: