Monday, October 11, 2010

ෆොන්සේකාගෙ සමාව

සරත් ෆොන්සේකා මහතාට සමාවක් දෙන ලෙස විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ, ඔහුගේ පූර්ව අනුමැතියකින් තොරව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ප‍්‍රකාශ කර ඇත. විපක්‍ෂ නායකයා ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයාට යවා, පාර්ලිමේන්තුව තුළදී විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කිරීමෙන් අනතුරුව, එදින සවස වැලිකඩ බන්ධනාගාරයට ගොස් ෆොන්සකේ මහතාට එම ලිපියේ පිටපතක් පෙන්වා ඇතැයි හෙතෙම පවසා තිබේ.

---------------------------------------------------------------------------------------

සිරගතව සිටින සරත් ෆොන්සේකා මහතා නිවසට පැමිණෙනවාට අනෝමා ෆොන්සේකා මහත්මිය එතරම් කැමැත්තක් නොදක්වන බව ඇයගේ හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ යයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අනෝමා ෆොන්සේකා මහත්මියට සිය ස්වාමියා සැබවින්ම ගෙදරට ගෙන්වාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ තැන තැන පාරේ උද්ඝෝෂණ කිරීමත්, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමත්‍, ඉතාලියේ උද්ඝෝෂණ පැවැත්වීමත් නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියි.

------------------------------------------------------------------------------------------

රනිල් වික්‍රමසිංහ මහතා සිර දඬුවම් විඳින සරත් ෆොන්සේකා මහතාගෙන් වැඳ සමාව ගතයුතුව ඇතැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි. සරත් ෆොන්සේකා මහතාව දේශපාලනයට ඇද දැමුවේ රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්‌ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ මහත්වරු බවද පවසන දිසානායක මහතා ඔවුන් සරත් ෆොන්සේකා මහතාගෙන් පමණක්‌ නොව ඒ මහතාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාගෙන්ද සමාව ගත යුතුව ඇතැයිද දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය. ෆොන්සේකා මහතා දේශපාලනයට ඇද දමා මෙම බංකොලොත් දේශපාලනඥයින් අද කිඹුල් කඳුළු හෙළන බවද කීය.

No comments: