Monday, October 4, 2010

ෆොන්සේකාට "ජම්පර්" ඇන්දවීම!

සරත් ෆොන්සේකාගේ සිරගතවීම මේ රටේ සිදුනොවිය යුතු ආකාරයේ ෙ€දවාචකයකි. නාවික හමුදා මූලස්‌ථානය තුළ නිවසක රඳවාගෙන සිටීම වෙනම කථාවකි. නමුත් කොට කලිසම හා "ජම්පරය" ඇඳගෙන සාමාන්‍ය හොරුන් හා තක්‌කඩින් සමග වැලිකඩ සිටීම තවත් දෙයකි.

අද සරත් ෆොන්සේකා මහතා වැලිකඩට වී සිටින්නේ ඔහු රාජපක්‍ෂවරුන්ට විරුද්ධව දේශපාලනය කළ නිසා වත් ඔහු හමුදාපතිව සිටියදී අයථා ටෙන්ඩර් ගනුදෙනුවල නිරත වූ නිසාවත් නොවේ. ඡන්දය පැරදුනු පසුත් ආණ්‌ඩුව සරත් ෆොන්සේකා මහතා පසුපස හඹා ගොස්‌ ඔහු සිර කර තැබීමට පියවර ගත්තේ අන් කුමන කාරණයක්‌ නිසාවත් නොව ඔහු ජාත්‍යන්තර යුද අධිකරණයකදී සාක්‍ෂි දීමට සූදානම් යෑයි කීම නිසාය.

මේ රටේ ඉතිහාසයේ තමන් බලයට පත්වූ පසු තම දේශපාලන විරුද්ධවාදීන්ට ජම්පර් අන්දවා හිරේ දමන බවට තර්ජනය කළ එකම ඡන්ද අපේක්‍ෂකයා සරත් ෆොන්සේකා මහතාය. සරත් ෆොන්සේකා දිනුවේ නම් සියලුම රාජපක්‍ෂවරුන් මැරුම් කන බව මගේ විශ්වාසයයි.

මෙතනදී සිදුවී ඇත්තේ ද අහුවෙන පළමු වරද පාවිච්චි කොට ෆොන්සේකා මහතා රඳවා තබා ගැනීමයි. මේ සිදුවී ඇති තත්ත්වයට වගකීම යා යුත්තේ ජ.වි.පෙ.ට හා විශේෂයෙන්ම එ.ජා.ප. යටය. ෆොන්සේකා මහතා හමුදාවෙන් එළියට එන විට භාරගත්තේ මේ උදවියයි.

දේශපාලනයේදී කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවා දැයි ෆොන්සේකාට කියා දීමේ වගකීම මොවුන් සතුවිය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම (http://www.divaina.com/2010/10/04/feature01.html)

---

එ.ජා.මානව හිමිකම් විශේෂ නියෝජිත
පිලිප් ඇල්ස්‌ටන්ගෙන් ලිපියක්‌

ජෙනරාල්ගේ "යුද අපරාධ" ප්‍රකාශයට
උත්තර බඳින්නැයි ශ්‍රී ලංකාවට දන්වයි

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ නඩේසන්, පුලිදේවන් හා රමේෂ් යන අයගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණ සම්බන්ධයෙන් එවකට යුද හමුදාපති හා පසුව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සතිඅන්ත ඉංගී්‍රසි පුවත්පතක්‌ වන "සන්ඩේ ලීඩර්" පත්‍රයට කරන ලද ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් රජයෙන් කරුණු දැනගැනීමට අවශ්‍ය බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන් ශ්‍රී ලංකා රජයට ලිපියක්‌ මගින් දැනුම්දී තිබේ.



No comments: