Monday, November 29, 2010

වල්ලිපුරම් සංහාරය


මේ මිනී වළවල් යම් හෙයකින් දෙමළ ජනයාගේ ඇටකටු සහිත ඒවා බවට යන්තමින් හෝ සැක පහළ වී නම් මෙහි දිවගෙන ඒමට නියමිතව සිටි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ බෑන් කී මූන් මහතා සහ වෙනත් පවිටු බලවේග අද නිහඬව සිටින්නේ මන්දැයි පසුගිය 26 වනදා මහරගම තරුණ සේවා සභාවේ පැවැති කැප්පෙටිපොළ සමරු උළෙලේ දී දේශනයක්‌ පවත්වමින් ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රශ්න කළේය. එය තමයි සැබෑ තත්ත්වය හේග් නුවර යුද අපරාධ අධිකරණයට හැමදාම නඩු නැත. එය පවත්වාගෙන යැමට නඩු අවශ්‍යයි. මෙකී මිනී වළවල් දෙමළ ජනයාගේ වී නම් මහින්ද රාජපක්‌ෂ සහ ගෝඨාභය රාජපක්‌ෂ පතුරු ගසනු පිණිස මෙය අවස්‌ථාව කර ගන්නවා නියතය.

වල්ලිපුරම් මිනී වළ සම්බන්ධයෙන් කනගාටුව පළකිරීමක්‌ හෝ හෙළා දැකීමක්‌ මේ වන තුරු කිසිදු ජාත්‍යන්තර බලවේගයක්‌ විසින් කරනු ලැබ නැත. ජාත්‍යන්තර ප්‍රජාවේ එදිරිවාදී ආකල්පය මේ හැසිරීම තුළින් ඉතා කදිමට පැහැදිලි වේ.

No comments: