Monday, November 8, 2010

අනුවණකම නිසා කළ යුත්ත නොකළ යුත්ත නොදැන ක්‍රියාකරන්නෝ විනාශය කරාම යති


මේ එදා ඔහු කියූ ක්‍රියාකළ දේට ලැබි ඇති ප්‍රතිඵලයයි. බලයට ඒමට පෙර "සිරගෙවල්වලට යන්න පැදුරු කොට්‌ට සූදානම් කරගන්නැ"යි දුන් නියෝගවලට පෙර තමා අවංකව ක්‍රියා කළා ද යන්න සිතන්න ඉඩ තිබිණ.

පොදු අපේක්‍ෂකයා වූ ෆොන්සේකා මහතාට ගංගාරාමයට පැමිණ සෙත්පතා ගැනීමට අවශ්‍ය විය. එහෙත් අපි එය ප්‍රතික්‍ෂේප කළෙමු. ඊට හේතුව වූයේ එතුමා හමුදාපති පදවියට පත්වූ අවස්‌ථාවේ හමුදාපති කාර්යාලයේ සෙත් පැතීමට ආරාධනය ලැබ තිබුණේ ගංගාරාමයටය. ඒ ආරාධනය ෆොන්සේකා හමුදාපතිතුමා විසින් වෙනස්‌ කළා පමණක්‌ නොව, එක්‌සත් ජාතික පාක්‍ෂික පන්සලෙන් තමාට සෙත්පැතීමක්‌ අනවශ්‍ය බව එතුමා ප්‍රකාශකර තිබිණ. එසේ පැවසූ එතුමා ගංගාරාමයට පැමිණියේය. ඒ ප්‍රථම වරටය. එදින මා එතුමාට ජාතක පොතේ අපණ්‌ණක ජාතකයට අප ලියූ කෙටි සටහනක්‌ මෙසේ ඉදිරිපත් කරන ලදී. එනම් "අනුවණකම නිසා කළ යුත්ත නොකළ යුත්ත නොදැන ක්‍රියාකරන්නෝ විනාශය කරාම යති" යන්නයි. එය අද සිදුවී ඇත. සුදු කොඩි ඇදගෙන, එක්‌සත් ජාතික පක්‍ෂයේද පූර්ණ අනුමැතිය ඇතිව ජනාධිපති අපේක්‍ෂක ලෙස ෆොන්සේකා නාමය ඉදිරිපත් වූයේ ලංකාවෙන්ද? විදේශයෙන්ද? ඒ මැතිවරණයට මුදල් ලැබුණේ ඩොලර්වලින් නිසා මොළේ ඇති අයට කල්පනා කළ හැකිය.

- ගල්බොඩ සිරි ඤාණිසසර නායක සථවිර

No comments: