Tuesday, November 25, 2014

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවා යූ. එන්. පී. ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ කොහොමද ?

රනිල් වික්‍රමසිංහ අගමැති කරවා යූ. එන්. පී. ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව කී විට හැඟෙන්නේ මෛත්‍රී එජාපයේ කොන්ත්‍රාත්තුවක්‌ කරන බවය. එය විශාල අවදානමක්‌ ගෙන පක්‍ෂයෙන් එළියට බැස සිටින ඒ මනුස්‌සයාට කරන අගෞරවයකි. මෛත්‍රී ජයගත් විට පිහිටුවිය හැක්‌කේ එක්‌කෝ සභාගයකි, නැත්නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩුවකි. තනිකරම එ. ජා. ප. ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නම් රනිල්, ඡන්දයකට තරග කළ යුතුය. යූ. එන්. පියේ බිම් මට්‌ටමේ පාක්‌ෂිකයන් මෙවැනි කතා කියන්නේ නැත. ඒ මිනිස්‌සු කවදත් ප්‍රායෝගික අය වෙති. දීර්ඝ පරාජයන් දුසිම් ගණනාවකින් පසුව වුවද අදටත් අලියා ලකුණට සහ එ. ජා. ප. කියන අකුරු තුනට ලොකු තැනක්‌ තිබේ.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපති කරවා ඔහු ලවා ඉන්දියාවේ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ඉන්දියාවේ කොංග්‍රස්‌ පක්‍ෂය කටයුතු කරන්නේ යයි සෝනියා ගාන්ධි කීවොත් එය ප්‍රායෝගිකද?

1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වූ දවසේ පටන් එ. ජා. පයේ ලොක්‌කන් කීවේ ඊළඟ සිංහල අවුරුද්දට පෙර එ. ජා. ප. ආණ්‌ඩුවක්‌ පිහිටුවන බවය.


-- http://www.divaina.com/2014/11/25/editor.html

No comments: