මෛත්‍රීපාල සිරිසේන මහතාට කළ යුතුව තිබුණේ තමුන්ගේ දේශපාලන ගමන, ජීවිත අත්දැකීම්, සමාජ පසුතලයට සරිලන ආකාරයට ජනතා පුත්‍රයෙක් වශයෙන් ජනතා පාලනයක් වෙනුවෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමටයි. ජනතාවගේ දුක්‌ගැනවිලි මත පදනම් වී එයට විසඳුම් ලැබෙන නව සමාජශීලි ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම වෙනුවට කිසිලෙසකින් ජනතාවගේ පොදු ප්‍රශ්නයක් නොවන විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම පිළිබඳ සටන් පාඨයක් එතුමා බදාගෙන තියෙනව. ඊට එකතු වූ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගේ වැඩපිළිවෙළත් බෙහෙවින් දෝෂ සහිතයි.
මේ ව්‍යවස්‌ථාව
වෙනස් කරනව නම් එය කළ යුත්තේ ව්‍යවස්‌ථානුකූල ආකාරයටයි. එනම් පාර්ලිමේන්තුවේ
තුනෙන් දෙකක බලය සහිතව සහ සුප්‍රීම් උසාවියේ අනුමැතිය අනුව සහ ජනමත විචාරණයකින්
මහජන කැමැත්තත් ලබාගෙනයි. 1978 ව්‍යවස්‌ථාව අනම්‍ය ව්‍යවස්‌ථාවක්. එනම් ලේසියෙන් වෙනස් කළ නොහැකි ව්‍යවස්‌ථාවක්.
මේ ව්‍යවස්‌ථාව දින සියයකින් ව්‍යවස්‌ථානුකූලව වෙනස් කරන්න කිසි ලෙසකින්වත් බෑ.
ව්‍යවස්‌ථා විරෝධී ආකාරයට අති ධානවකාරී විදියට මේ ව්‍යවස්‌ථාව වෙනස් කරන්නට
ගියොත් ව්‍යවස්‌ථා අර්බුදයක් ඇති වෙනවා. ඒ හරහා රට තුළ අරාජිකත්වයක් ගොඩනැගෙනවා.
එම නිසා රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇටවූ උගුලක මෛත්‍රීපාල
සිරිසේන මහතා හසු වී ඇති බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කිරීමට සිදුවෙනවා.
ආචාර්ය දයාන් ජයතිලක