Wednesday, December 15, 2010

ඩිජිටල් ප්‍රසිඩන්ට් ….

ලංකාවේ ලේඛන සංරක්ෂණය සඳහා නව වැඩපිළිවෙලක ආරම්භය පසුගියදා සාකච්ඡාවට ලක් වුණා. කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වුන විද්වත් හමුවේ ප්‍රධාන දේශනය කළේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග.

රටේ ජනතාවගේ ව්‍යාපාරික ලේඛන ගබඩා කිරීමේ ගැටලූවක් ඇති වී තිඛෙනවා. පාර්ලිමේන්තු හැන්සන්ඩ් වාර්තා, උසාවි වාර්තා, වෛද්‍ය පරීක්ෂක රෝගි ප්‍රතිකාර ලේඛන අනාගතය සඳහා රැක ගැනීම විශාල ගැටළුවක්. ඒ සඳහා විශාල කාමර, ගබඩා කාමර සහ ගුදම් දක්වාම දැන් ඉඩ ඕනෑ වෙලා. එම ලේඛන අනාගතයේ ඉතිහාස ගත ලේඛන වෙනවා. ඒවා විනාශ කිරීම යනු ඉතිහාස සාධක විනාශ කිරීමක්. එසේ නම් එම ලේඛන රැකගත යුක්තේ කෙසේද ඩිජිටල්කරණ ඊට හොඳ විසඳුමක්.

අපේ රටේ පරිඝනක සාක්ෂරතාව 2005 දී 5% ක්. දැන් එය 35% ක්. එය වත්මන් ජනාධිපතිවරයාගේ උත්සහයේ ප්‍රතිඵලයක් කියලයි ලලිත් වීරතුංග ප්‍රකාශ කළේ.

මම 2009 දී දිනපොතත්, සටහන් පොතත්, පරිඝනකයත් 3 ක් රැගෙන යා යුතු වූවා. දැන් මම ගෙනයන්නේ e-Book ඩිජිටල් පරිගණකය පමණයි. එහි ඝනකම කුඩා කොපි පොතක් තරම් ඇති. ඔහු පැවසුවා.

අපේ ජනාධිපතිතුමාට Microsoft සමාගමේ අධිපති බිල් ගේට්ස් සුභ පතනකොට කිව්වේ යු ආර් ද ඩිජිටල් ප්‍රසිඩන්ට් (Digital President) කියලා.

ප්‍රසිඩන්ට් Digital වෙනකොට Secretary ඇන-ලොග් නොවීම ලොකු දෙයක්.

- http://lankaelink.com/sinhala/news/1577/

No comments: