Friday, December 3, 2010

ද්‍රෝහියා පලයන්.....

ජනාධිපතිවරයා සිය කතාව පැවැත්වීමට සිටියේ ලන්ඩනයේ හයිඩ් පිටියේ නොව ඔක්‌ස්‌ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සම්මන්ත්‍රණ ශාලාව තුළ ය. ඔහු විස්‌තර කිරීමට සිතාගෙන සිටියේ ත්‍රස්‌තවාදය ජය ගැනීම හා පශ්චාත් ත්‍රස්‌තවාදී යුගයක රට සංවර්ධනය කරන ආකාරය ය. මේ සම්මන්ත්‍රණ ශාලාවට ආරක්‍ෂාව සපයන්නට බැරි නම් එංගලන්තයේ ආරක්‍ෂක ඒජන්සිවලින් ඇති ඵලය කිම? එංගලන්තය විශාල ආරක්‍ෂක අවදානමකට පත්ව සිටින බව පෙනේ. ඔවුන් දැන් තමන් අවට ඇති කුඩා දූපත්වලින් පවා ප්‍රවේසම් විය යුතු ය. මන්ද යත් ඔක්‌ස්‌ෆර්ඩ් ශාලාවට ආරක්‍ෂාව සපයා ගන්නට බැරි රට ආක්‍රමණය කර බලය අල්ලා ගැනීම ඉතා පහසුවෙන් කළ හැකි බැවිනි.

එදා පා. ම. ජයලත් ජයවර්ධන එය ප්‍රතික්‍ෂේප කළ ද සටන් විරාමය පැවැති කාලයේදී කොටි සංවිධානය සමඟ ඉතා ඉහළ සම්බන්ධකම් පැවැත්විය. ජයලත් ජයවර්ධන මන්ත්‍රීතුමා හානිකර කෙනෙකු නො වූව ද, ප්‍රසිද්ධිය පතා හෝ විදේශ සංචාර සඳහා ආරාධනා ලබා ගැනීම සඳහා හෝ වෙනයම් කාරණයක්‌ නිසා හෝ සමහර විට විකාර කියවයි. ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ පෞද්ගලික වෛද්‍යවරයාව සිට දේශපාලනයට පැමිණි ඔහු සමහර විට මෙසේ හැසිරෙන්නේ දේශපාලනඥයකු ලෙස නිසි පිළිගැනීමක්‌ නො ලද නිසා හටගත් අසහනකාරී තත්ත්වය මත දැයි අපි නොදනිමු . එහෙත් කිසිවෙක්‌ රට කැඩීමට හෝ රට විනාශ වන ආකාරයේ ෙද්‍ර`හී කතා පිටරටවලට ගොස්‌ දොඩවන්නේ නම් එය ඉතා භයානක තත්ත්වයක්‌ බව කිව යුතු ය. ආචාර්ය වික්‍රමබාහු යනු ජනතාවගේ මතකයෙන් ගිලිහුණු පුද්ගලයෙකි. පා. ම. ජයලත් ජයවර්ධන ද එම ඉරණම ළඟා කර ගත යුතු නැත.

No comments: