Saturday, September 25, 2010

Where is PABA??

දැනට ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහසම්මේලනයේ සැසිවාරයට සහභාගී වීම සඳහා එහි ගොස් සිටින 130 දෙනෙකුගෙන් සැදුම් ලත් ශ්‍රී ලාංකික දූත පිරිසේ සාමාජිකාවක් වන ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක‍ෂා ස්වර්ණමාලී නොහොත් පබා ඊයේ (23) ඇයට ලබාදී ඇති නියෝග නොතකමින් සුප්‍රකට සාප්පු සවාරි ප්‍රදේශයක් වන නිව්යෝක් මෑන් හැටන් හි 42වන වීදීයේ සාප්පු සවාරියේ යෙදෙනු ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු දැක තිබේ.පබා ජනාධිපතිවරයා සමග නිව්යෝක් හි සංචාරය කරන බව මුල්වරට Lanka News Web වෙබ් හෙළිකළ අතර එම හෙළිදරව්වෙන් පසු ජනාධිපතිවරයාගේ රහස්‍ය මූල්‍ය උපදේශක සජින් වාස් ගුණවර්ධන ඇයට උපදෙස් දෙමින් පවසා ඇත්තේ මාධ්‍යකරුවන්ගේ ඇස ගැටෙන ලෙස හෝටලයෙන් පිටතට නොයන ලෙසයි.

http://www.lankanewsweb.com/Sinhala/news/2010_09_24_007.html



පැත්ත මාරු කළාට පසු උපේක්‍ෂා ස්‌වර්ණමාලි (පබා) මන්ත්‍රීවරිය ඊයේ ප්‍රථම වරට මැතිසබයට ආවාය. නිල් පැහැති සාරියක්‌ ඇඳ සිටි ඇය අසුන් ගත්තේ ආණ්‌ඩු පක්‍ෂයේ අවසාන පේළියේ මින් පෙර සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීවරිය අසුන් ගෙන සිටි තැනය. සුදර්ශනී මන්ත්‍රීවරියට දැන් හිමිව තිබෙන්නේ විපක්‍ෂය පැත්තේ අසුනකි.

http://www.divaina.com/2010/09/25/news07.html

No comments: