Friday, September 24, 2010

ජනාධිපති සමග සටනට යෑමෙන් ජෙනරාල් වරදක් කර තිඛෙනවා - මල්වතු මහනාහිමි

ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා සමග ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා වරදක් කර ඇතැයිද ඔහුට ජනාධිපතිවරයාගෙන් සමාව ගන්නා ලෙස ඉල්ලීමක් කරන්නැයිද මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සිද්ධාර්ථ මහනාහිමියන් අනෝමා ෆොන්සේකා මහත්මියට ප්‍රකාශ කර තිබේ.

උන්වහන්සේ එම කාරණය අවධාරනය කරනු ලැබ ඇත්තේ අනෝමා ෆොන්සේකා මහත්මිය හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (22) උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේදීය. ජනාධිපතිවරයා හමුවේ සමාව ඉල්ලීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි මෙහිදී උන්වහන්සේ අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් විමසා ඇති අතර, තමන් දන්නා තරමට ජෙනරාල්වරයා වරදක් කර නැතැයිද ඒ නිසා සමාව ඉල්ලීමට ජෙනරාල්වරයා සූදානම් නැතැයිද අනෝමා ෆොන්සේකා මහත්මිය පිලිතුරු ලෙස ප්‍රකාශ කර ඇත. වරදක් කරලා නෑ කියලා හිතාගෙන හිටියට තරග කිරීම වරදක්නේ. ඒ නිසා සමාව ගන්න කියමු යැයි මහනාහිමියෝ ෆොන්සේකා මහත්මියට යෝජනා කොට තිබේ.

ජෙනරාල්වරයාට එරෙහිව දෙවන යුද අධිකරණය විසින් ලබාදී ඇති දඩුවම සම්බන්ධයෙන් අනෙකුත් නිකායන්හි මහනායක හිමිවරුන් සමග සාකච්ඡා කිරීමට තමන් වහන්සේ කටයුතු කරන බවත්, අනතුරුව ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවත්, උන්වහන්සේ මෙහිදී සඳහන් කර තිබේ.

No comments: