Thursday, May 26, 2011

එක්‌සත් ජාතීන්ගේ ත්‍රස්‌තවාදී මහකොමසාරිස්‌ කාර්යාලය

කොටි සංවිධානයේ අවසානය එළැඹුන විට කොටි නායකයන් බේරා ගැනීමට නැවක්‌ එවීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සහ බටහිර රටක්‌ ඒකාබද්ධ උත්සාහයක නියුතු වූ බව කේ. පී. විසින් හෙළිදරව් කරනු ලැබ ඇත. ත්‍රස්‌තවාදීන් බේරා ගැනීමට නැවක්‌ ඒමට සිටි බව ටිකක්‌ පරණ කතාවකි. එහෙත් ඒ නැව එන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ වියදමින් ය යන්න අලුත් කතාවකි.


ප්‍රභාකරන් බේරා ගැනීමට නැවක්‌ එවීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මූලික වූයේ ය කියන පුවත නියම රාජ්‍ය තාන්ත්‍රික බෝම්බයකි. අවසන් සටනේදී වෙල්ලමුල්ලි වයික්‌කාල් ප්‍රදේශයේ සිරව සිටි සාමාන්‍ය දෙමළ ජනයා බේරා ගැනීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නැවක්‌ එවීමට තැත් කළේ නම් එය එක්‌තරා ආකාරයක නිදහසට කාරණයකි. එහෙත් ත්‍රස්‌තවාදී නායකයන් බේරා ගැනීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ කළේ නම් එය කිසි කලෙකත් අනුමත කළ යුතු නැති නීච ක්‍රියාවකි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යනු ලෝක යුද්ධ දෙකකට පසු තවදුරටත් එබඳු තත්ත්වයක්‌ ඇති නො වනු පිණිසත්, ත්‍රස්‌තවාදය පිටුදැකීම පිණිසත් පිහිටුවන ලැබූ ආයතනයකි. මේ ආයතනය ඇමරිකානු අතකොලුවක්‌ බවට පත් වූ පසු එහි මුල් අරමුණු සම්පූර්ණයෙන් වෙනස්‌ විය. අද බටහිර ලෝකයේ බලගතු රටවල් වැඩි හරිය ඇමරිකාව වෙනුවෙන් තිරිඟු පිටි කොටන මෝල්ගස්‌ බවට පත්ව තිබේ.


දැන් කළ යුතුව ඇත්තේ ලංකාවට නැවක්‌ එවීමට කැමැත්තෙන් සිටින රට සෙවීම ය. ඊ ළඟට එම රට තුළ එක්‌සත් ජාතීන්ගේ ත්‍රස්‌තවාදී මහකොමසාරිස්‌ කාර්යාලයක්‌ ඇති කළ හැකි ය. එය බලා කියා ගැනීමට රොබට්‌ බ්ලේක්‌ වුවද නරක නැත.


http://www.divaina.com/2011/05/26/editor.html

No comments: