Tuesday, May 3, 2011

ඇමරිකන් ජනාධිපතිතුමනි, අප කරන්නේත් ඔය ටිකමය, අපට දැනුණු හැඟීමත් ඕකම ය.

බින් ලාදින් ඝාතනය කළ පණිවුඩය ලැබුණු පසු යුක්‌තිය ඉෂ්ට වූ බව ඇමරිකන් ජනාධිපති බරක්‌ ඔබාමා පැවැසීය. ඇමරිකන් ජනාධිපතිතුමනි, ප්‍රභාකරන්ගේ මළ මිනිය නන්දිකඩාල් කලපුවේ තිබී හමු වූ විට අපට දැනුණු හැඟීමත් ඕකම ය.

බින් ලාදින් මැරීම එතෙක්‌ මෙතෙක්‌ තම රට ලැබූ විsශිෂ්ටතම ජයග්‍රහණය බව ජනාධිපති ඔබාමා ඊයේ (02 දා) කීවේය. ජනාධිපතිතුමනි, ප්‍රභාකරන් විනාශ කෙරුණු අවස්‌ථාවේදී අපට දැනුණු හැඟීමත් ඕකම ය.

ඇමරිකන් ප්‍රහාරයේදී බින් ලාදින්ගේ පුත්‍රයා වූ "හම්සා" මළේ ය. දැන් යුද හමුදාව අවසන් සටන කරද්දී ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ "චාල්ස්‌ ඇන්තනී" මළේය. යුද්ධයේ හැටි ඔහොම තමයි. බින් ලාදින්ගේ මරණයෙන් අල් ඛයිඩා නොමැරුණු බවත් අල් ඛයිඩා ප්‍රහාර දිගින් දිගටම එල්ල වනු ඇති බවත් ඒ ගැන ඇමරිකාව කල්පනාවෙන් සිටින බවත් ජනාධිපති ඔබාමා කියයි. ජනාධිපතිතුමනි, අප කරන්නේත් ඔය ටිකමය.

එහෙත් ඔබ එය කරන විට නගුට පස්‌ස පැත්තේ ගසාගෙන සිටීමටත්, අප එය කරන විට ඒ ගැන වාර්තා පිළියෙළ කර අපේ ආණ්‌ඩුව යුද්ධාධිකරණය වෙත ගෙන යැමටත් බෑන් කී මූන් කටයුතු කරයි. අවසාන වශයෙන් අපට ප්‍රශ්න 2 ක්‌ ඉතිරිව ඇත. එනම්,

1. බෑන් කී මූන්, බින් ලාදින් ඝාතනය ගැන උපදෙස්‌ ගැනීම සඳහා විශේෂඥ කමිටුවක්‌ පත්කරන්නේද? ඒ වාර්තාව ප්‍රසිද්ධ කරන්නේද?

2. ජනාධිපති ඔබාමා සහ ඇමරිකන් ආරක්‍ෂක ලේකම් යුද්ධාධිකරණයට දැක්‌කීමට මූන් තුමා පියවර ගන්නේද?



http://www.divaina.com/2011/05/03/editor.html

No comments: