Tuesday, January 11, 2011

"දෙමළ ඩයස්‌පෝරා" මිථ්‍යාව

OXFORD Advanced Learners' Encyclopedic Dictionary:

"settling of Jews among various non-Jewish communities after they had been exiled in 538 BC."

ඊශ්‍රායල් ජාතිකයන් ක්‍රිස්‌තු පූර්ව 586 දී ඔවුන්ගේ මාතෘ භූමිය වූ ඊශ්‍රායලයෙන් පලවා හැරීමෙන් පසු සරණාගතයන් ලෙස (බටහිර රටවල) විවිධ ප්‍රදේශවල පදිංචි කරවීම


The Usborne Encyclopedia of Religions:

"Today, the communities of Jews living outside of Israel are said to be living in Diaspora".

ඊශ්‍රායලයෙන් පිටත ජීවත් වන යුදෙව් ජන සමූය.


The Encyclopedia Encarta:

The Diaspora (Greek diapora - scattering or sowing of seeds) is used (without capitalization) to refer to any people or ethnic population forced to or induced to leave their ethnic motherland, being disperse throughout other parts of the world.

ඩයස්‌පෝරාවක්‌ වීමට (diaspora - without capitalization) පහත සඳහන් අංග සම්පූර්ණ විය යුතු ය.
1. මාතෘභූමියෙන් පලවා හරින ලද විය යුතු ය. එසේ නොමැතිනම්
2. ආදේශක බලහත්කාරකමක්‌ මත පලා ගිය අය විය යුතු ය.
3. එම පලා හැරීම හෝ පලායාම සිදුවිය යුත්තේ මාතෘභූමියේ සිට හෝ එම ජනකොට්‌ඨාසයේ නිජ භූමියේ සිට හෝ ය.


Diaspora (without capitalization) යන පදයට ඉහත දී ඇති අර්ථය අනුව විදේශගතව ජීවත්වෙමින් එල්.ටී.ටී.ඊ. ව්‍යාපාරයට ආධාර උපකාර කරන එක ද දෙමළ ජාතිකයෙකුටවත් දෙමළ ජාතික කණ්‌ඩායමක්‌වත් ඩයස්‌පෝරාවක්‌ ලෙස හඳුන්වා දිය නොහැකි ය. විදේශගත දෙමළ ජාතිකයන් ඩයස්‌පෝරාවක්‌ ලෙස අපි ඔවුන් හඳුන්වන්නේ නම් සිංහල අපි දෙමළ ජාතිකයන්ගේ මාතෘභූමිය වූ ශ්‍රී ලංකාව ආක්‍රමණයකර ඔවුන් ඔවුන්ගේ මාතෘභූමියෙන් පලවා හැරී බවද පිළිගත යුතු ය.

දෙමළ ඩයස්‌පෝරාවක්‌ ගැන කතා කිරීමට පෙර උක්‌ත කරුණු ගැන සැලකිලිමත් වන මෙන් ජන මාධ්‍යවේදීන්ගෙන් හා විද්වතුන්ගෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමි. ප්‍රශ්නයක්‌ උද්ගත වුවහොත් දැනට අමෙරිකා එක්‌සත් ජනපදයේත්, කැනඩාවේත් එංගලන්තයේත් ඕස්‌ටේ්‍රලියාවෙත් ස්‌වකැමැත්තෙන් පදිංචියට ගොස්‌ රැකියාවල නියුතු, උසස්‌ අධ්‍යාපන කටයුතුවල නියෑලි සිංහලයන් ද "සිංහල ඩයස්‌පෝරාවක්‌" ලෙස හැඳින්වීමට සිදුවනු ඇත. එහෙයින් දෙමළ ඩයස්‌පෝරාවක්‌ ගැන පවසනවාට වඩා "විදේශගත දෙමළ ජාතිවාදීන්" යෑයි හෝ "විදේශගත දෙමළ බෙදුම්වාදීන්" යෑයි පැවසීම වඩාත් උචිත යෑයි මම සිතමි.

හෙන්රි සමරනායක

No comments: