Thursday, August 19, 2010

"නිවුස්‌ වීක්‌" සමීක්‍ෂණයේදී ශ්‍රී ලංකාවට 66 වැනි ස්‌ථානය

සිරිල් බස්‌නායක - අනුරාධපුර

ලෝකයේ සංවර්ධිත රටවල් සියයක්‌ අතරින් ඉන්දියාවද අභිබවා ශ්‍රී ලංකාව හැටහය වැනි ස්‌ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත.

"නිවුස්‌ වීක්‌" සඟරාව මගින් පවත්වන ලද මෙම සමීක්‍ෂණයේදී ඉන්දියාව හිමිකර ගෙන ඇත්තේ හැත්තෑ අට වැනි ස්‌ථානයයි. පකිස්‌තානය සහ බංගලාදේශය අසූනව වැනි සහ අසූ අට වැනි ස්‌ථානය හිමිකර ගෙන තිබේ.

පළමුවැනි ස්‌ථානය හිමිකර ගෙන ඇත්තේ "පින්ලන්තයයි" දෙවැනි හා තෙවැනි ස්‌ථානයන් හිමිකර ගෙන ඇත්තේ ස්‌විස්‌ටර්ලන්තය හා ස්‌වීඩනයයි. ඇමරිකා එක්‌සත් ජනපදය හිමිකරගෙන ඇත්තේ එකොළොස්‌වැනි ස්‌ථානයයි.

No comments: