Friday, February 12, 2010

දේශපාලනය යනු ජය පරාජය ඇතිවන වෘත්තියකි...

ඇමෙරිකන් පුරවැසිභාවය ලබා ඇති හෝ ලැබීමට ඉඩ ප්‍රස්‌ථා ලබා ඇති කිසිම දේශපාලන අත් දැකීමක්‌ නොමැති කිසිම දිනක පරාජය කුමක්‌දැයි නොදැන සිටි විශ්‍රාමික ජනරාල්වරයකු ඉදිරිපත් කළේ කාගේ උවමනාවක්‌ සපිරීමටදැයි දැන් කවුරුත් මධ්‍යස්‌ථව සිතා බැලිය යුතුය.

දේශපාලනය යනු ජය පරාජය ඇතිවන වෘත්තියකි. යුද්ධය එසේ නොව ජයම ලැබිය යුතුය. නැතිනම් තමා නසී පැරදුනහොත් කුමක්‌ කරන්නේද ඇසූ ප්‍රශ්නයට පොන්සේකා මහතා දුන් පිළිතුරෙන්ම ඔහුගේ මානසිකත්වය මනා ලෙස පිළිඹිබු වේ. දේශපාලනයේදී පැරදුන විට. පරාජය පිළිගෙන අතට අත දී ශුභ පතා ගෙදර යැම සාමාන්‍ය ක්‍රමයකි. මුළු ලෝකයම හිට්‌ලර්ගේ නාසි වාදයෙන් ගලවා ගත් වින්ස්‌ටන් චර්චිල් අගමැති, අපි එදා අසාවත් නැති ඇට්‌ලිට පරාජය වුණි. එතුමා ඔහුට ශුභ පතා ගෙදර ගොස්‌ පොත් පත් කියවීමටත් ලිවීමටත් එම කාලය යොදා ගති.

එවන් පුද්ගලයෙකුට දේශපාලන දැලිපිහිය ලබාදී. ඔහුත් විනාශ කොට රටත් විනාශ කිරීම ඇමෙරිකන් ප්‍රයත්නය වූ බව තාමත් වටහා ගන්ට බැරි අය අප රට තුළ සිටීම ඉතාමත් කනගාටුදායක දෙයකි. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පරාජය වුණි. එතුමා කිසි වරදක්‌ කළ කෙනෙක්‌ නොවීය. ඇත්ත එලෙසම කීම තමයි එකම වරද පසුව තමා දේශපාලනයෙන් ඉවත් කළ රටට තමා සතු සියලු දේපල පවරා දී රටට මහත් ආඩම්බරයක්‌ සේ අද පවතින ශ්‍රීමත් කොතලාවල ආරක්‍ෂක ඇකඩමිය අපට හිමි කළේ එතුමාය. සිරිමා බණ්‌ඩාරනායක මැතිණිය, ඩඩ්ලි සේනානායක මහතා, ඡේ. ආර්. ජයවර්ධන මහතා, කොල්වින් ආර් ද සිල්වා මහතා, පිලිප් ගුණවර්ධන මහතා, ගාල්ලේ එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා සහ දහනායක මහතා ආදී කෙළවරක්‌ නැති ලැයිස්‌තුවක්‌ අපේ පැරදුන දේශපාලකයන් අතර ඇත. ඔවුන් සැවොම පන්නරය ලැබුවේ පැරදුන පසුවය.

සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කොට 49% ක්‌ වත් ලැබුණානම් රටෙහි ඇතිවන්නට තිබූ තත්ත්වය දැන් සලකා බලමු. එතුමා ජනපතිගේ ලක්‍ෂ 18 ක ජයග්‍රහණය හෑල්ලුවට පත් කිරීමෙන් ප්‍රධාන වැරදි කිහිපයක්‌ කළේය. පළමුවැන්න නම් මේ රටේ සියලුම රාජ්‍ය සේවකයන් තක්‌කඩියන් හෝ ගැත්තන් බව හැඟවීමය.

මහාචාර්ය පී ආරියසේන ද සිල්වා

http://www.divaina.com/2010/02/12/feature02.html

No comments: