Monday, August 4, 2014

දෙවියන්ගේ වට්‌ටෝරුවකයි කියන කැඳ වර්ගය දෙන්නේ කුමන වෛද්‍ය නිර්දේශයක්‌ අනුවද? - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

දෙවියන් විසින් ලබාදුන් වට්‌ටෝරුවක්‌ අනුව සකස්‌ කර ඇතැයි කියා දරුවන්ගේ දිවා ආහාරයක්‌ ලෙස ලබාදීමට යෝජිත කැඳ වීදුරුව කුමන වෛද්‍ය නිර්දේශ මත ලබාදෙන්නේද යන්න බලධාරීන් වහා රටට හෙළිකළ යුතු යෑයිද වික්‍රමබාහු මහතා කියා සිටියේ එම පක්‍ෂ මූලස්‌ථානයේ පසුගිය දා (31 වැනිදා) පැවති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

මෙම කැඳ වර්ගය නිෂ්පාදනය කරන ආයතනයෙන් තමන් කළ විමසීමේදී තමන්ට දෙවියන් විසින් ලබාදුන් වට්‌ටෝරුවක්‌ අනුව කරන බවත් ඒවා මිලදී ගැනීමට ඉල්ලුම් කරන පිරිසට අලෙවි කිරීම තම ව්‍යාපාරය බවත් ඔහු පැවසූ බවද වික්‍රමබාහු මහතා කීය.

එසේ නිෂ්පාදන අලෙවි කිරීම ඔහුගේ කාර්යයක්‌ බවත් එය වරදක්‌ ලෙස තමන් නොදකින බවත් කී වික්‍රමබාහු මහතා මෙවැනි අද්භූත දේවල් දරුවන්ට ලබාදීම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා බැලීම කළ යුතු බවද කීය.

පාසල් දරුවන්ට දියර කිරි ලබාදිය හැකි බව මෙරට නිෂ්පාදන හිමියන් ප්‍රකාශ කර සිටියදී එය ප්‍රචලිත කර කිරි ගොවියාත්, දරුවන්ට පළතුරු ප්‍රචලිත කර පළතුරු ගොවියාත් ආරක්‍ෂා කිරීමට කටයුතු කළයුතු අවස්‌ථාවක දෙවියන් විසින් ලබා දුන්නා යෑයි කියන කැඳ වට්‌ටෝරුවක්‌ කිසිම වෛද්‍ය විද්‍යාත්මක සොයා බැලීමකින් තොරව දරුවන්ට ලබාදීමට කටයුතු කිරීම ගැටලු සහගත බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments: