විද්‍යමාන වන ලක්‍ෂණයන්:
- තනිවම මත්පැන් පානය කරන්නට හුරුවීම.
- රහසිගතව මත්පැන් පානය කරන්නට හුරුවීම.
- තමන් පානය කරනු ලබන මත්පැන්වල ප්‍රමාණය කොපමණදැයි තමන්ට තක්‌සේරු කර ගැනීමට නොහැකි වීම.
- ඇතැම් පුරුදුවලට ගොනුවී ඒ මත පදනම්ව බීමතට ඇබ්බැහිවීම. උදාහරණයක් ලෙසට වැසිකිළියට ගියාට පසුව බීමතට යොමුවීම. තමන්ගේ රැකියාව නිම වූවාට පසුව බීමට යොමුවීම.
- තමන්ට මින් පෙර තිබූ විනෝද අංශ වලින් ඉවත් වීම සහ ඒවාට කලින් තිබූ ආශාවන් නොමැතිවීම.
- නිරතුරුවම මත්පැන් වලට අධිකව ගිජුබවක් දැක්‌වීම.
- මත්පැන් පානය කරන වේලාව ළඟා වූවාට පසුව තමන්ට එය පාලනය කර ගැනීමට හෝ එයින් ගලවා ගැනීමට බොහෝ සෙයින් අපහසු වීම.
- මත්පැනට ඇති අධික කෑදරකම, ගිජුබව.
- දිනයේ කොයි මොහොතක හෝ මත්පැන් වීදුරු දෙක තුනක් පානය කළාට පසුව ශරීරයට කිසියම් වූ සහනයක් දැනීම.
- පවුලේ ඥතීන්, අඹු දරුවන් අතර නිතර නිතර සම්බන්ධතාවන් වලට බරපතළ ආකාරයේ හානි සිදුවීම.
- නිරතුරුවම මත්පැන් හේතුකොට ගෙන නීතිමය ගැටලුවලට ලක්‌වීම, නීතිමය ප්‍රශ්නවලට ගොදුරු වීම.
- තමන් සේවය කරන්නාවූ ස්‌ථානවල ගැටලුවලට ලක්‌වීම. උදාහරණයක් ලෙසට සේවයට වාර්තා කිරීමට ප්‍රමාද වීම. තමන් කරනු ලබන රාජකාරි කටයුතුවලදී තමන්ගේ අවධානය ඒ පිළිබඳව නොයෙදවීම.
No comments:
Post a Comment