Saturday, July 10, 2010

නෝර්වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල‍යට පහරදීම, නෝර්වේ රටෙ ප්‍රතිරූපයට මොකද දන්නෙ නැහැ වෙන්නෙ?

එක්සත් ජාතීන් වෙනුවෙන් තානාපතිවරුන්ගෙන් නිවේදනයක්

http://www.adaderana.lk/sinhala/news.php?nid=9507#

ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකු‍ගේ නායකත්වයෙන් යුතුව එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට එහි කාර්ය මණ්ඩලයට අවහිර වන ආකාරයෙන් සිදුකළ විරෝධතාව පිළිබඳ රටවල් කිහිපයක මෙරට නියෝජිතයින් විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක් මගින් අප්‍රසාදය පළ කරයි.

අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, රුමේනියාව, නෝර්වේ යන රටවල් විසින් මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් පවසන්නේ විරෝධතා පැවැත්වීමට ඇති අයිතිය පිළිගන්නා නමුත් ජගත් සංවිධානයේ කාර්ය මණ්ඩලයට‍ හිරිහැර කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානිකර බව එම නිවේදනය මගින් කියා සිටියි.

No comments: