Sunday, December 21, 2014

එසේ නොවන්නට, මහින්ද රාජපක්‌ෂ යනු තාමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සජිත් ප්‍රේමදාස ය

මෛත්‍රීපාල සේ ම මහින්දට ද සුද්දා හා ඔහුගේ දේශීය නියෝජිතයා වන රදලයා කෙරෙහි වන භක්‌තියක්‌ තිබුණ ද අවශ්‍ය තැන දී ඊට එරෙහි වීමේ ධෛර්යක්‌ හා සටන්කාමිත්වයක්‌ ද හිමි ව තිබුණේ ඉහත පසුබිම තුළ ය. මෙකී සටන්කාමිත්වය හා ධෛර්ය නොතිබෙන්නට, 2005 වසරේ දී මහින්ද රාජපක්‌ෂ වෙත ජනාධිපතිධූර අපේක්‌ෂකත්වය හිමිවන්නේ නැත. ඔහු එය කැරලි ගසා දිනාගත් එකකි. එසේ නොවන්නට, මහින්ද රාජපක්‌ෂ යනු තාමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සජිත් ප්‍රේමදාස ය. කෙසේ වෙතත්, මහින්ද තම පක්‌ෂයෙන් ජනාධිපති අපේක්‌ෂකත්වය දිනා ගැනීම ද, අනතුරු ව තමාට කට උත්තර නැති වූ යුද්ධය සහමුලින් ම ජය ගැනීම ද, ඒ හරහා මහින්දට මහාවංශයේ දුටුගැමුණු ළඟින් සිට ගැනීමට හැකිවීම ද දරා ගැනීමට චන්ද්‍රිකාට අපහසු විය. මිනිසුන් වන අපට එවන් දේ ස්‌වභාවික ය. චන්ද්‍රිකා ද මිනිසෙකි. 

පසුගිය දශකය පුරා ම චන්ද්‍රිකා තමාට අහිමි වූ බලය නැවත කෙසේ හෝ ලබා ගන්නට මාන බලමින් සිටියා ය. 2010 දී ෙµdන්සේකා වේදිකාවට යාන්තම් 'මුට්‌ටිය' දමා බැලුවේ එය සාර්ථක නොවන බව දැන දැන ය. අනෙක යම් හෙයකින් සරත් ෙµdන්සේකා ජනපති වුවහොත් ඔහු ව පාලනය කිරීමේ හැකියාවක්‌ තමන්ට නැති බව චන්ද්‍රිsකා විස්‌වාස කළාය ය. සරත් ෙµdන්සේකාගේ යුධ පෞරුෂය ද සිංහල ජාතිකත්වය ද ඇය ව මන්දෝත්සාහී කළා ය. මේ සියල්ලට ම වඩා ඉහළින්, මහින්දගේ පර්වතමය ජනප්‍රියත්වය චන්ද්‍රිකා ව අඟුටුමිටි කර දමා තිබුණි. 

2014 වන විට සටන්බිම අලුත් වී තිබුණි. රාජපක්‌ෂලාට එරෙහි ව මාධ්‍ය තුළ ඒකාධිපතිත්වය, වංචාව හා දූෂණය මැදිකරගත් ආඛ්‍යානයක්‌ ගොඩ නංවා තිබුණි. වටින් පිටින් පවතින පාලනයට එරෙහි ව ඇසුණු කතා ද ඇය ව කුල්මත් කළේ ය. ජීවිතය සුන්දර බව කල්පනා කළ ඇය තම කීකරු සේවකයා ඇමතුවේ මහින්ද සමග වන තම කෝන්තරය පිරිමසා ගන්නට හොඳම වේලාව මෙය බව සිතමිනි. මෛත්‍රීපාලට තම ස්‌වාමියාගේ අණට කීකරු වනවා හැරෙන්නට අන් යමක්‌ නොතිබුණි. 

එහෙත් තමා කුමන ගමනක්‌ යන්නේ ද, එහි ගමනාන්තය කුමක්‌ ද තම ගමන් සගයන් කවුරුන් ද වැනි කරුණු පිළිබඳ මෛත්‍රීට නිනව්වක්‌ නොතිබුණි. තම ගමන් විස්‌තරය පිළිබඳ සියලු තතු තිබුණේ අන්සතුව ය. ඔහු කළේ තමාට එළියට එන ලෙස අණ ලැබුණු සැණින් එළි බැසීම පමණි. මහින්ද රාජපක්‌ෂ පිළිබඳ ඒ වන විට රනිල් හා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ගොඩනගා තිබූ විවේචනය පිළිබඳ පවා ඔහුට හාන්කවිසියක අවබෝධයක්‌ නොතිබුණි. තම පළමු රූපවාහිනී වඩසටහනේ දී මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්‌ෂව හඳුන්වන්නේ 'සොඳුරු ආඥාදායකයා' යන ආදරණීය වදනිනි. තම නළුවාගේ තරම හඳුනාගත් අනුර කුමාර දිසානායක තම වාරයේ දී එය 'වියරු ආඥාදායකයා' ලෙස වෙනස්‌ කළේ ය. ඔහුට රාජපක්‌ෂ දැනුන ආකාරය එහි මනාව දිස්‌ වේ. 

මේ වන විට එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය යන පක්‌ෂ දෙක ම හැසිරෙන ආකාරය දෙස බලන විට පැහැදිලි වන එක්‌ ප්‍රමුඛ සත්‍යයක්‌ තිබේ. ඒ පන්ති සටනයි. චන්ද්‍රිකා කුමාරතුංගගේ පංතිය විසින් මහින්ද රාජපක්‌ෂට එරෙහි ව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තුළ ද රනිල් වික්‍රමසිංහගේ පංතිය විසින් සජිත් ප්‍රේමදාසට එහෙහි ව එක්‌සත් ජාතික පක්‌ෂය තුළ ද එකී සටන ඇවිලී තිබේ. චන්ද්‍රිකාට හා රනිල්ට අවශ්‍ය වන්නේ මෛත්‍රී දිනවීම නොව, එහෙත් පිළිවෙළින් මහින්ද රාජපක්‌ෂ හා සජිත් ප්‍රේමදාස පරාජය කිරීමට ය. ඒ අනුව, මෛත්‍රීපාල යනු මහින්ද රාජපක්‌ෂ සමග තිබෙන මෘදු නොරිස්‌සුම හැරුණු කොට අන් කිසිත් නැති අහිංසකයෙකි. ස්‌වාමි භක්‌තිය නිසා තමාගේ ම පංතියට ම එරෙහි ව සටන් කිරීමට හිත හදාගත්තෙකි. මෙම ජනාධිපතිවරණයේ දී අප තීරණය කළ යුත්තේ අප අපගේ පංතිය වෙනුවෙන් සටන් කරනවා ද එසේත් නැතිනම් අපගේ පංතියට එරෙහි ව යුධ ප්‍රකාශ කොට තිබෙන පංතිය වෙනුවෙන් සටන් කරනවා ද යන්න යි.

මහින්ද පතිරණ

http://www.divaina.com/2014/12/20/feature01.html 

Saturday, November 29, 2014

කඩවෙන පොරොන්දුවක්‌

මෛත්‍රීපාල සිරිසේන මහතාට කළ යුතුව තිබුණේ තමුන්ගේ දේශපාලන ගමන, ජීවිත අත්දැකීම්, සමාජ පසුතලයට සරිලන ආකාරයට ජනතා පුත්‍රයෙක්‌ වශයෙන් ජනතා පාලනයක්‌ වෙනුවෙන් වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කිරීමටයි. ජනතාවගේ දුක්‌ගැනවිලි මත පදනම් වී එයට විසඳුම් ලැබෙන නව සමාජශීලි ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙලක්‌ ඉදිරිපත් කිරීම වෙනුවට කිසිලෙසකින් ජනතාවගේ පොදු ප්‍රශ්නයක්‌ නොවන විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම පිළිබඳ සටන් පාඨයක්‌ එතුමා බදාගෙන තියෙනව. ඊට එකතු වූ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගේ වැඩපිළිවෙළත් බෙහෙවින් දෝෂ සහිතයි.

මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරනව නම් එය කළ යුත්තේ ව්‍යවස්‌ථානුකූල ආකාරයටයි. එනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහිතව සහ සුප්‍රීම් උසාවියේ අනුමැතිය අනුව සහ ජනමත විචාරණයකින් මහජන කැමැත්තත් ලබාගෙනයි. 1978 ව්‍යවස්‌ථාව අනම්‍ය ව්‍යවස්‌ථාවක්‌. එනම් ලේසියෙන් වෙනස්‌ කළ නොහැකි ව්‍යවස්‌ථාවක්‌. මේ ව්‍යවස්‌ථාව දින සියයකින් ව්‍යවස්‌ථානුකූලව වෙනස්‌ කරන්න කිසි ලෙසකින්වත් බෑ. ව්‍යවස්‌ථා විරෝධී ආකාරයට අති ධානවකාරී විදියට මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්නට ගියොත් ව්‍යවස්‌ථා අර්බුදයක්‌ ඇති වෙනවා. ඒ හරහා රට තුළ අරාජිකත්වයක්‌ ගොඩනැගෙනවා. එම නිසා රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇටවූ උගුලක මෛත්‍රීපාල සිරිසේන මහතා හසු වී ඇති බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කිරීමට සිදුවෙනවා.

ආචාර්ය දයාන් ජයතිලක

අනුරාධපුර වල් අලියා

අනුරාධපුර පූජා නගරයට කඩා වැදුණු වන අලියා වන ජීවි මහත්වරුන් අල්ලා ලොරියක පටවා 'අලි සයිබීරියාවකට' දක්‌කන අයුරු ඊයේ පළවිය. අප කියන්නට යන්නේ එය නොවේ.

මේ අලියා මෙයට පැය 48 කට කලින් ඒකාගේ මේ අසම්මත චාරිකාව ඇරඹුවේ නම් කුමක්‌ වේද? 

එසේ වී නම් ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා හෙවත් පොදු අපේක්‍ෂකයා ජය සිරිමහ බෝ සමිඳු වන්දනා කරගන්නට පැමිණි දිනයයි.

අලියාගේ 'ටයිමිං' වල දෝෂයක්‌ හේතුවෙන් මේ ජාතියේ 'අප්සැට්‌' කථාවක්‌ සඳහා තිබූ අවස්‌ථාව ගිලිහී ගියේය.

Tuesday, November 25, 2014

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවා යූ. එන්. පී. ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ කොහොමද ?

රනිල් වික්‍රමසිංහ අගමැති කරවා යූ. එන්. පී. ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව කී විට හැඟෙන්නේ මෛත්‍රී එජාපයේ කොන්ත්‍රාත්තුවක්‌ කරන බවය. එය විශාල අවදානමක්‌ ගෙන පක්‍ෂයෙන් එළියට බැස සිටින ඒ මනුස්‌සයාට කරන අගෞරවයකි. මෛත්‍රී ජයගත් විට පිහිටුවිය හැක්‌කේ එක්‌කෝ සභාගයකි, නැත්නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩුවකි. තනිකරම එ. ජා. ප. ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නම් රනිල්, ඡන්දයකට තරග කළ යුතුය. යූ. එන්. පියේ බිම් මට්‌ටමේ පාක්‌ෂිකයන් මෙවැනි කතා කියන්නේ නැත. ඒ මිනිස්‌සු කවදත් ප්‍රායෝගික අය වෙති. දීර්ඝ පරාජයන් දුසිම් ගණනාවකින් පසුව වුවද අදටත් අලියා ලකුණට සහ එ. ජා. ප. කියන අකුරු තුනට ලොකු තැනක්‌ තිබේ.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපති කරවා ඔහු ලවා ඉන්දියාවේ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ඉන්දියාවේ කොංග්‍රස්‌ පක්‍ෂය කටයුතු කරන්නේ යයි සෝනියා ගාන්ධි කීවොත් එය ප්‍රායෝගිකද?

1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වූ දවසේ පටන් එ. ජා. පයේ ලොක්‌කන් කීවේ ඊළඟ සිංහල අවුරුද්දට පෙර එ. ජා. ප. ආණ්‌ඩුවක්‌ පිහිටුවන බවය.


-- http://www.divaina.com/2014/11/25/editor.html

Sunday, November 23, 2014

Why Should Anyone Vote For Maithripala if he won't be President after 100 days and Ranil will be Prime Minister?

පොදු විපක්ෂය ඉදිරිපත් කරන වැඩසටහනේ යම් යම් අපහැදිලිතා ඇති බව කිව යුතුය. දින සියයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රීපාල සිරිසේන ‍පොරොන්දුවී තිබේ. මේ දින සියය අවසානයේදී ඔහු කරන්නේ කුමක්ද? ඔහු ගෙදර යනවාද? අගමැති ධුරයේ රනිල් වික්‍රමසිංහ දිගටම කටයුතු කරනවාද යන අපහැදිලිතාවය තිබේ.

මේ පෙරමුණ ශක්තිමත් වීමට නම් ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම මෙයට එක්විය යුතුය. ඔවුන් ප්‍රබල ආකාරයට මෙයට සම්බන්ධ කරගත යුතුය. මේ වේදිකාවේ වෙන කවුරුවත් නොසිටියත් මෛත්‍රීපාල සිරිසේන සමග අනුර කුමාර දිසානායක සිටියොත් මේ ජනාධිපතිවරණ සටන සැබෑ සටනක් බවට පත්වනු ඇත. මෛත්‍රීපාල සිරිසේන මැදිකරගෙන දෙපැත්තේ සිටිය යුතු ප්‍රධාන චරිත දෙකක් වන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කථිකයින් හා අතුරලියේ රතන, පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල ප්‍රමුඛ ජාතික හෙළ උරුමයේ කථිකයින්ය. අතීතයේ අවතාර මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාවේ හොල්මන් නොකළ යුතුය. එමෙන්ම තම තමන්ගේ දේශපාලන වෘත්තාන්ත දීර්ඝ කතාන්දර පැවැසීමෙන් වැළකිය යුතුය.

මෙතැන තිබෙන එක් දුර්වලතාවයක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සටන් පාඨයට මුල් තැන දීමය. සැබවින්ම මුල් තැන දිය යුතු දේ ගැන මෛත්‍රීපාල සිරිසේන සිය මුවින් පැවැසුවේය. ජනාධිපතිතුමා යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නත්, එයට අපි ඔහුට ගරු කරන බව පැහැදිලි වුවත් ඉන් ඔබ්බට යෑමේදී පවුල්වාදයක් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ආණ්ඩුවත්, සමාජයත් හිර කරන ලද බව ඔහු කීවේය. මෙය ප්‍රබල පණිවුඩයකි. මේ පණිවුඩය මෛත්‍රීපාල සිරිසේන මතුකරගත්තේය. ඔහු ජනතාවට සමීප විය හැකි කථිකයෙකි. ඔහුගේ එම වෘත්තාන්තය යටපත් කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨයට මුල් තැන දෙන්නේනම් ගැමි ගොවි ජනතාව අතර එය සාර්ථක ලෙස මතු කරගැනීමට හැකි ආවේගාත්මක සටන් පාඨයක් නොවනු ඇත.

- ආචාර්ය දයාන් ජයතිලක


Friday, November 21, 2014

රනිල් අගමැති කර මං බැස යනවා – මෛත‍්‍රී

Comments...

-- වදින්නම් රනිල් එපා

-- මොනා උනත් සිරිසේන මහත්තය මේ වගේ සුබ අවස්ථාවකදී රනිල්ව මතක් නොකර හිටියනම් තමා හොද.

-- රනිල් අගමැති….එක තමයි පොඩ්ඩක් වැරදුන කථාව…

-- දැන් ඉතිං වැඩිය කරදර නොවී මහින්දයට කතිරේ ගහල වැඩක් බලාගන්නයි තියෙන්නේ.

-- රනිල්ට අගමැති කම දෙනවයි කියපු එකෙන් ශ්‍රී ලංකකාරයන්ගෙ චංද ටික නැති කරගත්ත.

-- රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරල 2001 දී වගේ වෙයිද?

-- කවුරු මොනවා කිව්වත් කෙලෙහිගුණ දන්නා මිනිසුන් අති ගරු ජනාධිපතිතුමා සමගයි, වසර 30 ක් යුද්ධයෙන් බැට කෑ අපට නිදහස් ඒකීය ශ්‍රී ලංකාවක් ලබා දුන් ඔබව වසර 5න් අමතක කිරීමට තරම් ගුණමකු මිනිසුන් නොවන බව මෙවර අපි ලෝකයට පෙන්වා දෙන්නෙමු.

-- රනිල් රාජ්‍ය පාළනය භාර ගන්නවා කියන්නේ මේ රට දිවිනසා ගත්තා හා සමානයි කියන එකයි.



Sunday, November 16, 2014

දික්‌කසාදය

වැඩිහිටියන් ඇඹුල් කනවිට දරුවන්ගේ දත් හිරිවැටෙන්නේය

-- පැරණි හෙබ්‍රෙව් පිරුළක්‌