Friday, November 21, 2014

රනිල් අගමැති කර මං බැස යනවා – මෛත‍්‍රී

Comments...

-- වදින්නම් රනිල් එපා

-- මොනා උනත් සිරිසේන මහත්තය මේ වගේ සුබ අවස්ථාවකදී රනිල්ව මතක් නොකර හිටියනම් තමා හොද.

-- රනිල් අගමැති….එක තමයි පොඩ්ඩක් වැරදුන කථාව…

-- දැන් ඉතිං වැඩිය කරදර නොවී මහින්දයට කතිරේ ගහල වැඩක් බලාගන්නයි තියෙන්නේ.

-- රනිල්ට අගමැති කම දෙනවයි කියපු එකෙන් ශ්‍රී ලංකකාරයන්ගෙ චංද ටික නැති කරගත්ත.

-- රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරල 2001 දී වගේ වෙයිද?

-- කවුරු මොනවා කිව්වත් කෙලෙහිගුණ දන්නා මිනිසුන් අති ගරු ජනාධිපතිතුමා සමගයි, වසර 30 ක් යුද්ධයෙන් බැට කෑ අපට නිදහස් ඒකීය ශ්‍රී ලංකාවක් ලබා දුන් ඔබව වසර 5න් අමතක කිරීමට තරම් ගුණමකු මිනිසුන් නොවන බව මෙවර අපි ලෝකයට පෙන්වා දෙන්නෙමු.

-- රනිල් රාජ්‍ය පාළනය භාර ගන්නවා කියන්නේ මේ රට දිවිනසා ගත්තා හා සමානයි කියන එකයි.



Sunday, November 16, 2014

දික්‌කසාදය

වැඩිහිටියන් ඇඹුල් කනවිට දරුවන්ගේ දත් හිරිවැටෙන්නේය

-- පැරණි හෙබ්‍රෙව් පිරුළක්‌


Wednesday, November 12, 2014

පොදු අපේක්‍ෂක


මී ළඟ ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‍ෂකයකු සොයා ගැනීම තරම් දුෂ්කර සහ කරදරකාරී දෙයක්‌ ලංකා ඉතිහාසය තුළ වාර්තා වී නැත. ස්‌වෙච්ඡාවෙන් සයනයිඩ් කන්නට කැමැති මිනිහකු මෙයට වඩා පහසුවෙන් සොයා ගත හැක. අපට දැන ගන්නට තිබෙන පරිදි පොදු අපේක්‍ෂකකමට තමිල්නාඩුවේ ජයලලිතා හැර අන් සියලු දෙනාටම ආරාධනා කර අවසන් ය.


පොදු අපේක්‍ෂකයකු එන්නේ ඇයි? විධායක ජනාධිපති ධුරය අහෝසි කර දෙනු පිණිසය. මෙම සිද්ධියෙහි තිබෙන ලොකුම විහිළුව නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව ලංකාවට පමණක්‌ නොව සදෙව් ලොවටත් ඇහෙන පරිදි කියාගෙන, එක්‌වරක්‌ නොව දෙවරක්‌ ම ජනාධිපති වීත් එම පොරොන්දුව ඉටු නො කළ චJද්‍රිකා කුමාරතුංග මහත්මියට ද පොදු අපේක්‍ෂක වන ලෙස විපක්‍ෂය ආරාධනා කිරීම ය.

-- http://www.divaina.com/2014/11/12/editor.html

Sunday, November 9, 2014

යුද්ධය

යුද්ධයක්‌ යනු රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ නොවේ. යුද්ධයකදී සිදු නොවිය යුතු බොහෝ දේ සිදුවෙනවා.

-- මාෙඕ සේතුං

Thursday, October 16, 2014

මේ පින් බිම

හැම රැයකම හරක්‌ දහසක්‌ උපදිති. හැම උදයකම හරක්‌ දහසක්‌ මරා දැමෙති. එය මේ පින් බිමේ කතාවෙන් කොටසකි.

මාරයා ආවේෂ වුණු අතුරලියේ රතන හිමි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නො කර ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කළොත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැරැදවීම සඳහා කළ හැකි සෑම දෙයක්‌ ම කරන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පිවිතුරු හෙටක්‌ සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ පැවසූහ.

---

කෙසේ වුව මහින්ද රාජපක්‍ෂ පැරදවීම සඳහා ඉතා පහසු මාර්ගයක්‌ තිබේ. ඒ වූ කලී යූ. එන්. පි. ය හෝ ජවිපෙ සමඟ සෙට්‌ වීම බව ඔබ සිතනවා ඇති. නැත. ඒ සඳහා තිබෙන පහසුම ක්‍රමය එල්.ටී.ටී.ඊ. ය සමඟ සෙට්‌ වීම ය. එල්.ටී.ටී.ඊ.ය අද නැත. එහෙත් කොටි ඩයස්‌පෝරාව පිටරට සිටියි. මේ සඳහා වැඩි විස්‌තර ලබා ගනු පිණිස ටී. එන්. ඒ. සංවිධානය අමතන්න. 

අතුරලියේ රතන හිමි යනු ජාතික හෙළ උරුමය නොවේ. ජාතික හෙළ උරුමය යනු අතුරලියේ රතන හිමියන් ද නොවේ.

-- http://www.divaina.com/2014/10/16/editor.html

Tuesday, October 7, 2014

විශ්වවිද්‍යාලයක්‌ ළඟ හමුදා කඳවුරක්‌ තිබීම

මුල්ගල තැබූ ගොඩනැඟිල්ල ආසන්නයේ හමුදා කඳවුරක්‌ තිබෙන බව කියූ සිසුහු එම ගොඩනැඟිල්ල ඉදිවනු දැකීමට තමන් නොකැමැති බව කීහ. මෙය හරිම ගොන් කතාවකි. විශ්වවිද්‍යාලයක්‌ ළඟ හමුදා කඳවුරක්‌ තිබීම එතරම් සැලකිල්ලට ගත යුතු නැති අතර විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක්‌ අසල හමුදා කඳවුරක්‌ නොතිබිය යුතු බවට කිසිදු නිර්නායකයක්‌ නැත. නේවාසිකාගාරය තුළ බෝම්බ සෑදීමට ශිෂ්‍යයන් අපේක්‍ෂා කරන්නේ නම් හමුදා කඳවුර බාධාවකි. එසේම නේවාසිකාගාරය තුළට පැන නවක වධය දීමට යන්නේ නම් එයට ද හමුදා කඳවුර ප්‍රශ්නයකි. හමුදා කඳවුරක්‌ වැඩිපුර ප්‍රශ්නකාරී වන්නේ ත්‍රස්‌තවාදීන්ට ය. ශිෂ්‍යයෝ ත්‍රස්‌තවාදීහු නොවෙති. ඉතින් හමුදා කඳවුරක්‌ තිබුණාට මොකද?

-- http://www.divaina.com/2014/10/07/editor.html