ගුටි කෑ හමුදා මේජර් රස්තියාදුකාර දාමරික තරුණයන් පිරිසකගෙන් ගුටි කෑමෙන් ශ්රී ලංකා යුද හමුදාවට අගෞරවයක් කර ඇතැයි කෙනෙකු කල්පනා කරනවා ඇත. මේජර් තමන්ට පහර දුන් දාමරිකයන්ට හතර අතේ වෙඩි නොතබා නිකමකු ලෙස බලා සිටීමෙන් විශාල අත්වැරැද්දක් සිදු කර ගෙන ඇති බව තවකෙකු සිතනවා ඇත.
එහෙත් සැබෑ තත්ත්වය මෙසේය. පොදු රාජ්ය මණ්ඩල පාර්ලිමේන්තු සමුළු වාරයට සහභාගි වීමට පැමිණි නියෝජිතයන් ගෙන් කොටසක් නැවතී සිටියේ ජායික් හිල්ටන් ගොඩනැඟිල්ලේ ය. ඔවුන්ගේ ආරක්ෂාවට ඇමැති ආරක්ෂක අංශය යොදවා තිබිණි. මේජර් නිකමටවත් තම ගිනි අවිය පත්තු කළේ නම් ඇමැති ආරක්ෂක අංශය තම සියලු ගිනි අවි පත්තු කරන අතර ජායික් හිල්ටන් ගොඩනැඟිල්ල යුද බිමක් බවට පත් වන්නේය. මේජර් ගුටි කෑවේ ඇයි? දුම්වැටියක් පත්තු කර ගැනීම සඳහා මාලක සිල්වා ඔහුගෙන් ගින්දර ඉල්ලා සිටි කල්හි නොදුන් බැවිනි. මාලක සිල්වා මෙහිදී වැදගත් කාරණයක් මතක තබා ගත යුතු ය. ගුටි කෑ මේජර් දකුණු පළාතේ ආරක්ෂාව භාරව සිටි බුද්ධි අංශ නිලධාරියා ය. එසේම ඔහු තමිල් සෙල්වම් ඝාතනය කිරීමේ ජාතික මෙහෙවරේදී ආණ්ඩුව යටතේ එවකට තිබූ හමුදා සීමාව පැන එල්.ටී.ටී.ඊ. සීමාවට රිංගා ඔත්තු එකතු කරමින් විශාල මෙහෙවරක් කළ කෙනෙකි. එවැනි මිනිසුන් සිවිල් සමාජය තුළ හැසිරෙන්නේ බෙහෙවින් විනයානුකූල ලෙස ය. ඔහු අතක් එසැවී නම් දාමරික තරුණ කල්ලියේ කුඩු ගිනි පෙට්ටිවලට එකතු කරන්නට සිදුවන්නේ ය.
http://www.divaina.com/2012/09/12/editor.html
යුද්ධය වෙනුවෙන් බොහෝ දේ කැප කළ හිටපු හමුදාපතිතුමා තේරුම් ගත යුතු වැදගත් දෙයක් තිබේ. එනම්, දේශපාලනය යනු ඉතා කැත සෙල්ලමක් බවය. මේ සෙල්ලමේදී "ඉත්තකු" වශයෙන් සරත් ෆොන්සේකා පාවිච්චි කිරීමේ හැකියාව ජවිපෙ සහ එ.ජා.ප. ය කැත නැතිවම උරගා බැලීය. එහි ප්රතිඵලය වූයේ යුද හමුදාපති ලෙස කීර්තිමත් ලෙස විශ්රාම ගොස් ගෞරවයට ලක් වීමට සිටි මිනිසකු හිරේ යැමය. හිරේ ගියේ සරත් ෆොන්සේකා පමණි. ඔහුට හිරේ යැමට උදව් කළ සියලුදෙනා අදටත් සැපසේ එළියේ ය.
This is the truth:
අංගසම්පූර්ණ හමුදා චරිතයක් වූ ඔහු යුද ජයග්රහණයේ උපරිම කොටස්කාරයෙක් විය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ විසින් කරවන ලද ත්රස්තවාදයට එරෙහි යුද්ධයේ ප්රමුඛ සොල්දාදුවා වූයේ සරත් ෆොන්සේකාය.
http://www.divaina.com/2012/05/22/editor.html
ඇමරිකාව සහ රුසියාව අතර යම් යම් කාරණා සම්බන්ධයෙන් එකඟත්වයක් තිබේ. මේ එකඟත්වයන් කැඩීමට ඇමරිකාව කටයුතු කළොත් ඉතා භයානක ප්රතිඵල අත්විඳීමට සිදු වන බව ඇමරිකාව මතක තබා ගත යුතු ය. ඇමරිකාව සූදානම් වන්නේ රුසියානු භූමිය අත්පත් කර ගැනීමට ය. එහෙත් එය කිසි කලෙකත් කළ හැකි නොවන බව ද ඇමරිකාව මතක තබා ගත යුතු ය....
--------------------------------------------------------------------------------------
පුටින් නැවත වරක් බලයට පත් වීම ගැන අප තුළ මහත් සතුටක් ඇත. එයට ප්රධාන හේතුව ඇමරිකාවට හීලෑ කර ගත නො හැකි පාලකයෙක් නැවතත් ලෝකයට ලැබීම ය. මේ සියලු දේ අතර ඇමරිකාවත් අපට අවශ්ය ය. ලෝක බල තුලනය නිසි ලෙස පවතින්නේ එවිට ය.
http://www.divaina.com/2012/03/08/editor.html
සාමාන්යයෙන් මැරයකු යනු නිරෝගී මිනිසකු සමඟ ද්වන්ධ සටනක යෙදිය හැකි තරමේවත් ආත්ම ශක්තියක් ඇති පුද්ගලයකු යෑයි අපි විශ්වාස නොකරමු. මැරයකු, මැරයකු වන්නේම වෙනත් සදාචාරවත් මිනිසකුට කළ නොහැකි පහත් මට්ටමේ ක්රියාවන් ඔහුට කළ හැකි නිසාය. සාමාන්යයෙන් මැරයා සමාන කළ හැක්කේ අසූචි ඇඟ තවරාගත් ඌරකුටය. එබඳු ඌරකු තමන් හඹා එනවිට මිනිසුන් පලා දුවන්නේ ඌට ඇති බියට නොව උගේ ඇඟේ තැවරී ඇති අසූචිවලට බියටය. මේ නිසා අශුචි තවරාගත් ඌරෝ හැමවිටම නොමිලේම චණ්ඩීහු වෙති.චණ්ඩි ඌරෝ ස්වකීය දුර්ගන්ධය මඟින් මිනිසුන් සීසීකඩ පළවාහරින අතර සමාජ සංහිඳියාවද, සාමකාමී බවද බිඳහෙළයි. මහත් පිළිකුලක් සමඟ වූ බියක් සංත්රාසයක් සමාජය තුළ ඇති කරයි. කරුමයකට මෙන් ඇතැම් අමන දේශපාලනඥයෝ මෙබඳු ඌරන් කැඳවා තමන්ගේ රෙද්ද අස්සේද දමා ගනිති. ඒ ඇතැම් දේශපාලනඥයකුට අර ඌරාගේ දුර්ගන්ධය තමාගේ දුර්ගන්ධයට සාපේක්ෂව එතරම් බරපතළ එකක් නොවන නිසා විය හැකිය.ඒ කෙසේ වුවත් අවසාන වශයෙන් අපට කිව හැක්කේ කොටින්ගෙන් ඉතා අපහසුවෙන් බේරාගත් රට ඌරන් අතට පත්වීම වැළැක්වීමට රජය දැඩි ක්රියාමාර්ග අනුගමනය කළ යුතු බවය.
http://www.divaina.com/2012/02/01/editor.html
දොස්තර හොඳ මිනිහෙකි. එහෙත් ඔහු දේශපාලනඥයකු වශයෙන් කොතරම් හොඳද යන්න ගැන ප්රශ්නයක් තිබේ. වසර 2002 දී පැවැති රනිල් වික්රමසිංහ මහතාගේ කෙටිකාලීන ආණ්ඩුව තුළ ඇමැති තනතුරක් දැරූ දොස්තර කොළඹ - යාපනය, කොළඹ - කිලිනොච්චිය අතර එහා මෙහා යමින් කොටි සංවිධානයේ අරමුණු සහ ප්රතිපත්තිවලට කත් ඇද්ද බවට චෝදනි තිබේ. විටෙක ඔහු එරික් සෝල්හයිම් පසුපසින් ගියේය. ඊළඟට බලන විට කොටි අරමුණ උදෙසා ඔහු ගිය ගමන කොතරම් වේගවත් ද යත් එරික් සෝල්හයිම්ට ඔහු පසුපසින් එන්නට සිදුවියෘ13 වැනි සංශෝධනයෙන් ඔබ්බෙහි ඇති විසඳුමක් පිළිබඳව කීවත් ඒ විසඳුම කුමක්දැයි මෙතෙක් නිර්වචනය කරද නැත. උතුරට සහ නැගෙනහිරට ඉඩම් සහ පොලිස් බලතල අවශ්ය නැත. මන්ද, ඒ ප්රදේශ භෞමික වශයෙන් ඉතා කුඩා නිසාය. ශ්රී ලංකාව මෙන් දෙක තුනක් බැස්සිය හැකි ප්රාන්ත සහිත ඉන්දියාවට නම් පොලිස් බලතල සහ ඉඩම් බලතල විමධ්යගත කළ හැකිය. එහෙත් ශ්රී ලංකාව වැනි රටක එය විහිළුවකි. පළාත් සභාවකට පොලිස් හා ඉඩම් බලතල දුන් පසු හමුදා බලතල දීමක් ද වරදක් නැත. ඉන්පසු ගුවන් හමුදාවක් ද සෑම පළාතකම ඇති කළ හැකි අතර පළාත් අතර යුද වැදීම් ද ඇති කළ හැකි වන්නේය.
.....
බව ද පෙන්වා දුන් ෆොන්සේකා මහතා ෙෆඩ්රිකා මහත්මියට තමන් කියා සිටියේ මාධ්යවේදීන් දෙදෙනකුගෙන් ඒ ගැන තමන්ට ද දැනගන්නට ලැබුණු බව පමණක් බව ද....