Thursday, March 8, 2012

පුටින් දිනේවා!

ඇමරිකාව සහ රුසියාව අතර යම් යම් කාරණා සම්බන්ධයෙන් එකඟත්වයක්‌ තිබේ. මේ එකඟත්වයන් කැඩීමට ඇමරිකාව කටයුතු කළොත් ඉතා භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදු වන බව ඇමරිකාව මතක තබා ගත යුතු ය. ඇමරිකාව සූදානම් වන්නේ රුසියානු භූමිය අත්පත් කර ගැනීමට ය. එහෙත් එය කිසි කලෙකත් කළ හැකි නොවන බව ද ඇමරිකාව මතක තබා ගත යුතු ය....


--------------------------------------------------------------------------------------


පුටින් නැවත වරක්‌ බලයට පත් වීම ගැන අප තුළ මහත් සතුටක්‌ ඇත. එයට ප්‍රධාන හේතුව ඇමරිකාවට හීලෑ කර ගත නො හැකි පාලකයෙක්‌ නැවතත් ලෝකයට ලැබීම ය. මේ සියලු දේ අතර ඇමරිකාවත් අපට අවශ්‍ය ය. ලෝක බල තුලනය නිසි ලෙස පවතින්නේ එවිට ය.


http://www.divaina.com/2012/03/08/editor.html

Thursday, February 2, 2012

චණ්‌ඩි ඌරෝ

සාමාන්‍යයෙන් මැරයකු යනු නිරෝගී මිනිසකු සමඟ ද්වන්ධ සටනක යෙදිය හැකි තරමේවත් ආත්ම ශක්‌තියක්‌ ඇති පුද්ගලයකු යෑයි අපි විශ්වාස නොකරමු. මැරයකු, මැරයකු වන්නේම වෙනත් සදාචාරවත් මිනිසකුට කළ නොහැකි පහත් මට්‌ටමේ ක්‍රියාවන් ඔහුට කළ හැකි නිසාය. සාමාන්‍යයෙන් මැරයා සමාන කළ හැක්‌කේ අසූචි ඇඟ තවරාගත් ඌරකුටය. එබඳු ඌරකු තමන් හඹා එනවිට මිනිසුන් පලා දුවන්නේ ඌට ඇති බියට නොව උගේ ඇඟේ තැවරී ඇති අසූචිවලට බියටය. මේ නිසා අශුචි තවරාගත් ඌරෝ හැමවිටම නොමිලේම චණ්‌ඩීහු වෙති.

චණ්‌ඩි ඌරෝ ස්‌වකීය දුර්ගන්ධය මඟින් මිනිසුන් සීසීකඩ පළවාහරින අතර සමාජ සංහිඳියාවද, සාමකාමී බවද බිඳහෙළයි. මහත් පිළිකුලක්‌ සමඟ වූ බියක්‌ සංත්‍රාසයක්‌ සමාජය තුළ ඇති කරයි. කරුමයකට මෙන් ඇතැම් අමන දේශපාලනඥයෝ මෙබඳු ඌරන් කැඳවා තමන්ගේ රෙද්ද අස්‌සේද දමා ගනිති. ඒ ඇතැම් දේශපාලනඥයකුට අර ඌරාගේ දුර්ගන්ධය තමාගේ දුර්ගන්ධයට සාපේක්‍ෂව එතරම් බරපතළ එකක්‌ නොවන නිසා විය හැකිය.

ඒ කෙසේ වුවත් අවසාන වශයෙන් අපට කිව හැක්‌කේ කොටින්ගෙන් ඉතා අපහසුවෙන් බේරාගත් රට ඌරන් අතට පත්වීම වැළැක්‌වීමට රජය දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවය.




http://www.divaina.com/2012/02/01/editor.html

Tuesday, January 3, 2012

ජයලත් ජයවර්ධන දොස්‌තර මන්ත්‍රීතුමා

දොස්‌තර හොඳ මිනිහෙකි. එහෙත් ඔහු දේශපාලනඥයකු වශයෙන් කොතරම් හොඳද යන්න ගැන ප්‍රශ්නයක්‌ තිබේ. වසර 2002 දී පැවැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කෙටිකාලීන ආණ්‌ඩුව තුළ ඇමැති තනතුරක්‌ දැරූ දොස්‌තර කොළඹ - යාපනය, කොළඹ - කිලිනොච්චිය අතර එහා මෙහා යමින් කොටි සංවිධානයේ අරමුණු සහ ප්‍රතිපත්තිවලට කත් ඇද්ද බවට චෝදනි තිබේ. විටෙක ඔහු එරික්‌ සෝල්හයිම් පසුපසින් ගියේය. ඊළඟට බලන විට කොටි අරමුණ උදෙසා ඔහු ගිය ගමන කොතරම් වේගවත් ද යත් එරික්‌ සෝල්හයිම්ට ඔහු පසුපසින් එන්නට සිදුවියෘ

13 වැනි සංශෝධනයෙන් ඔබ්බෙහි ඇති විසඳුමක්‌ පිළිබඳව කීවත් ඒ විසඳුම කුමක්‌දැයි මෙතෙක්‌ නිර්වචනය කරද නැත. උතුරට සහ නැගෙනහිරට ඉඩම් සහ පොලිස්‌ බලතල අවශ්‍ය නැත. මන්ද, ඒ ප්‍රදේශ භෞමික වශයෙන් ඉතා කුඩා නිසාය. ශ්‍රී ලංකාව මෙන් දෙක තුනක්‌ බැස්‌සිය හැකි ප්‍රාන්ත සහිත ඉන්දියාවට නම් පොලිස්‌ බලතල සහ ඉඩම් බලතල විමධ්‍යගත කළ හැකිය. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටක එය විහිළුවකි. පළාත් සභාවකට පොලිස්‌ හා ඉඩම් බලතල දුන් පසු හමුදා බලතල දීමක්‌ ද වරදක්‌ නැත. ඉන්පසු ගුවන් හමුදාවක්‌ ද සෑම පළාතකම ඇති කළ හැකි අතර පළාත් අතර යුද වැදීම් ද ඇති කළ හැකි වන්නේය.

Saturday, November 19, 2011

ෆොන්සේකා මහතා ‍ෙෆඩ්රිකා මහත්මියට කියා සිටියේ...

.....බව ද පෙන්වා දුන් ෆොන්සේකා මහතා ‍ෙෆඩ්රිකා මහත්මියට තමන් කියා සිටියේ මාධ්‍යවේදීන් දෙදෙනකුගෙන් ඒ ගැන තමන්ට ද දැනගන්නට ලැබුණු බව පමණක්‌ බව ද....

Tuesday, November 8, 2011

කොළඹ පිළිබඳ ඇත්ත කතාව

කොළඹ චර්යාව හැදීමට නම් යුද්ධය නිමාවට පත් කළ පාර්ශ්ව ඉදිරිපත් විය යුතුමය. මන්ද කොළඹ අභ්‍යන්තරය වෙල්ලමුල්ලි වෛක්‌කාල් - නන්දිකඩාල් වැනි ප්‍රදේශ තරමටම ප්‍රචණ්‌ඩ හා පරිහානිගත තත්ත්වයකට පත්ව ඇති නිසාය.


http://www.divaina.com/2011/11/08/editor.html

Monday, November 7, 2011

ආණ්‌ඩුවේ සිටින ගොන්නු!!!

මේ රටේ වැඩියෙන්ම නීතිය අතට ගෙන හැසිරෙන දේශපාලනඥයෙක්‌ වැඩියෙන්ම ජනාධිපතිවරයා සමග එකට පෙනී සිටින පුද්ගලයාද වූ විට එයින් ආණ්‌ඩු පක්‍ෂයේ සෙසු දේශපාලනඥයන්ට ද යන සංඥාව වන්නේ ජනාධිපතිතුමාගේ හිත දිනා ගැනීමට නම් මැරකම් කර ප්‍රසිද්ධියට පත්විය යුතු බවයි. මේ වගේ ඉල්ලන් කන ආණ්‌ඩුවක්‌ මීට කලින් අප කිසිදාක දැක නැත.



ආණ්‌ඩුවේ සිටින මේ ගොන්නු පාලනය කර ගැනීමට නොහැකි නම් මේ ආණ්‌ඩුව මකබෑවෙන්නේ එයින්ම මිස ඔවුන් ගෙන එනු ලබන පනත් කෙටුම්පත් වලින් නම් නොවන බව කිව යුතුය.


- සී. ඒ. චන්ද්‍රප්‍රේම

Friday, October 28, 2011

ලිබියාවේ හිටපු ගඩාෆි

ලිබියානුවාට ගඩාෆි පිළිබඳ සිහි වන්නේ ලිබියාවේ ගෝත්‍ර අතර ඉදිරියේ දී ඇතිවන සිවිල් යුද්ධය හරහා තම සමාජ-ආර්ථික-දේශපාලන ජීවිතය නන්නත්තාර වන විට ය. 


මහින්ද පතිරණ 
ජර්මන් භාෂාව පිළිබඳ කතිකාචාර්ය 
සබරගමුව විශ්ව විද්‍යාලය


http://www.divaina.com/2011/10/28/feature02.html