Thursday, November 11, 2010

සිංහලයා මොඩයා කැවුම් කන්න යෝදයා


අපේ රට බෞද්ධ වන්නේ පෝය දවසට පමණි අනෙක්‌ දිනවල මේ රට අන්‍යාගමිකය.

සිංහලයා යනු හැකි මුල්ම අවස්‌ථාවේදී වංචා කරන්නකු බව රොබට්‌ නොක්‌ස්‌ කිය.

රජයේ මුදල් වංචා කරන අයට හොඳම සත්කාරය කරන්නේ චීනයයි. එවැනි අය පිළිබඳව නඩු අසා වරදකරුවන් වුවහොත් ජීවිතාන්තය තෙක්‌ හිරේට යෑවීම හෝ එක පෙළට සිටුවා වෙඩි තැබීම චීනය සිදු කරයි. රටක්‌ හැදීමට අවශ්‍ය නම් (එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සහ ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයට කුද ගසා ගන්නා ලෙස කියන) දැඩි නීති රීති තිබිය යුතුය.

දිවයින කතුවැකිය....

Wednesday, November 10, 2010

පොන්සේකා නිදහස් කරන්න කියන්නැයි අනෝමා සර්ව ආගමික නායකයන්ට කියයි


ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්නැයි සර්ව ආගමික නායකයින්ගේ අත්සනින් යුත් ලිපියකින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට යයි.

මහනුරවදී ඊයේ (09) සවස මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් මුණ ගැසුන අනෝමා ෆොන්සේකා මහත්මිය, සර්ව ආගමික නායකයින්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති වෙත යොමු කිරීම පිළිබඳව සාකච්ඡා කොට ඇත.

  • මොනව කිව්වත් කළවැද්දට වුවමනාවක් නැහැ ගෙදර යන්න
  • අනිත් එක තමයි ගෑනිට වුවමනාවක් නැහැ නිදහස් කරන්න කියල ඉල්ලීමක් කරන්න

Are we in Second generation or First Generation....???


I studied war and politics so that my sons can study economics and commerce, so that their sons can study poetry and music.

John Adams (US President)



Monday, November 8, 2010

අනුවණකම නිසා කළ යුත්ත නොකළ යුත්ත නොදැන ක්‍රියාකරන්නෝ විනාශය කරාම යති


මේ එදා ඔහු කියූ ක්‍රියාකළ දේට ලැබි ඇති ප්‍රතිඵලයයි. බලයට ඒමට පෙර "සිරගෙවල්වලට යන්න පැදුරු කොට්‌ට සූදානම් කරගන්නැ"යි දුන් නියෝගවලට පෙර තමා අවංකව ක්‍රියා කළා ද යන්න සිතන්න ඉඩ තිබිණ.

පොදු අපේක්‍ෂකයා වූ ෆොන්සේකා මහතාට ගංගාරාමයට පැමිණ සෙත්පතා ගැනීමට අවශ්‍ය විය. එහෙත් අපි එය ප්‍රතික්‍ෂේප කළෙමු. ඊට හේතුව වූයේ එතුමා හමුදාපති පදවියට පත්වූ අවස්‌ථාවේ හමුදාපති කාර්යාලයේ සෙත් පැතීමට ආරාධනය ලැබ තිබුණේ ගංගාරාමයටය. ඒ ආරාධනය ෆොන්සේකා හමුදාපතිතුමා විසින් වෙනස්‌ කළා පමණක්‌ නොව, එක්‌සත් ජාතික පාක්‍ෂික පන්සලෙන් තමාට සෙත්පැතීමක්‌ අනවශ්‍ය බව එතුමා ප්‍රකාශකර තිබිණ. එසේ පැවසූ එතුමා ගංගාරාමයට පැමිණියේය. ඒ ප්‍රථම වරටය. එදින මා එතුමාට ජාතක පොතේ අපණ්‌ණක ජාතකයට අප ලියූ කෙටි සටහනක්‌ මෙසේ ඉදිරිපත් කරන ලදී. එනම් "අනුවණකම නිසා කළ යුත්ත නොකළ යුත්ත නොදැන ක්‍රියාකරන්නෝ විනාශය කරාම යති" යන්නයි. එය අද සිදුවී ඇත. සුදු කොඩි ඇදගෙන, එක්‌සත් ජාතික පක්‍ෂයේද පූර්ණ අනුමැතිය ඇතිව ජනාධිපති අපේක්‍ෂක ලෙස ෆොන්සේකා නාමය ඉදිරිපත් වූයේ ලංකාවෙන්ද? විදේශයෙන්ද? ඒ මැතිවරණයට මුදල් ලැබුණේ ඩොලර්වලින් නිසා මොළේ ඇති අයට කල්පනා කළ හැකිය.

- ගල්බොඩ සිරි ඤාණිසසර නායක සථවිර

Sunday, November 7, 2010

ජනාධිපති මහින්ද


එක්‌ස්‌ෆොa සමාරම්භක රාජ්‍ය නායක හමුවේදී ජනාධිපති මහින්දට බෑන්කී මූන් හමුවීමටද අවස්‌ථාවක්‌ ලැබිණි.
එහිදී ඔහු හරි අපූරු දෙයක්‌ මතක්‌ කළේය.

"ඔබ දැන් ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ තියන ශක්‌තිමත් නිදහස්‌ රටක ශක්‌තිමත්ම නායකයෙක්‌. ඒ නිසා ඔබේ කලාපයේ දේශපාලන ස්‌ථාවරභාවය ගැන ඔබටත් ලොකු වගකීමක්‌ තියනවා. ඔබට පුළුවන් ඔබේ කලාපයේ දුර්වල රටවල්වලට උදව් කරන්න. දැන් ඔබ ලංකාවට විතරක්‌ නොවෙයි කලාපයටම නායකයෙක්‌."

------------------------------------------------------------------

සමාරම්භක සමුළුවේ වැඩකටයුතු නිම වී ජනාධිපතිවරයා නැවත රංගිවිලා හෝටලයට පැමිණියේය. ඒ මොහොතේ තවත් අමුත්තෙක්‌ ජනාධිපති මහින්ද හමුවීමට රංගිවිලා හෝටලයට පැමිණියේය. ඒ නේපාලයේ ජනාධිපති රාම් බිරාම් යාදෙව් ය.

යාදෙව් හා අප ජනාධිපතිවරයා සමග ද ලොකු සාකච්ඡාවක්‌ පැවැත්විණි. ඔහු කතා කළේ තම රටේ දේශපාලන අස්‌ථාවරභාවය ගැනය. ඔහු අපෙන් උදව් ඉල්ලා සිටියේය.

"ජනාධිපතිතුමනි, ඔබ අපේ කලාපයේ සිටින ශක්‌තිමත් නායකයෙක්‌. ඔබ වරක්‌ මාලදිවයිනට ගිහින් එහි දේශපාලන අස්‌ථාවරභාවය පිළිබඳ ගැටලුවකට ද මැදිහත් වී ප්‍රශ්නය සමථයකට පත් කළා. ඔබ කියන දේ අද බොහෝ දෙනෙක්‌ අහනවා. ඒ නිසා ඔබට බැරිද අපේ රටටත් මැදිහත් වෙලා යම් දේශපාලන ස්‌ථාවර බවක්‌ ඇතිකර ගැනීමට උදව් කරන්න.

ජනාධිපති ඒ ආරාධනාව ඉතා සතුටින් පිළිගත්තේය.


Friday, October 29, 2010

JVP රස්සා ඉල්ලාගෙන ජනතාව ළඟට යා යුතුයි-විමල්


පසුගිය බදාදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමේදී රැකියා විරහිත තරුණයන් කොළඹ දී කළ උද්ඝෝෂණය කාගේත් අවධානයට ලක්වුණා.

"මම බලාගෙන හිටියේ රැකියා විරහිත තරුණයෝ තුන්හාරදාහක් මාව හම්බවෙන්න එනකම්. හැබැයි පෙළපාලියෙන් ආවේ 300 ක විතර පිරිසක්" ජනාධිපතිවරයා මෙහෙම කිව්වේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මූණදිහා බලාගෙනයි.

ඒ පෙළපාලියේ ඉස්සරහින්ම ආවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. බලන්න ජනාධිපතිතුමා බිමල් රත්නායක, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ වගේ තරුණ මන්ත්‍රීවරුන්ට රස්සාව නැති කළේ ඔබතුමා නෙමෙයිනේ, ජනතාවයි. විමල් වීරවංශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ කතාවට උල්පන්දම් දුන්නේ ඒ විදිහටයි.

"ඇත්ත තමයි විමල්" ඒ අය මාව හම්බවෙලා වැඩක් නෑ, රස්සාව හදාගන්න ඕනේනම් ඒ අය යන්න ඕනේ ජනතාව ගාවටයි"ජනාධිපතිවරයා විමල්ගේ කතාව අනුමත කරද්දී කැබිනට් මණ්ඩලයේ ගොඩාක් ඇමතිවරුන්ට හිනා නොවී සිටින්නට බැරිවිය.

Tuesday, October 19, 2010

කෙළිය තාප්පෙට....


වත්මන් දැවෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවිය හැක්කේ සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම්වූ ජනතා (not national/ nation) ආර්ථිකයකින් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ප්‍රකාශ කරයි.